BLANTERORBITv101

මූලධර්මවාදීන් "ශුද්ධ ලියවිල්ල" ඇසුරින් හදුනාගනිමු. මුලධර්මවාදී සභාවල ආරම්භය ( 2 කොටස )

මුලධර්මවාදී සභාවල ආරම්භය ( 2 කොටස )


මූලධර්මවාදී කණ්ඩායම් වල ආරම්භය ක්‍රි:ව 1850 පමණ බිහිවුවාක් බව පලමු ලිපිය මගින් පැහැදිලි කලෙමි.

නමුත් මීට අවුරුදු 2000 කට ප්‍රථම මෙම "වය්‍යාජ දිවැසිවරු" පිලිබදව ක්‍රිස්තුස් වහන්සේ විසින්ම පෙන්වා දී ඇත.

විශේෂයෙන් මේ අවසාන කාලය බව වහසිබස් දොඩන මුලධර්මවාදින් අවසාන කාලයේදී මෙවැනි ව්‍යාජ දිවැසිවරු පහල වන බවට ක්‍රිස්තුස් වහන්සේ විසින්ම පවසා ඇති බව නොදැන සිටිනවා විය හැකිය.
ප්‍රථමයෙන් කිවයුතු වන්නේ ලෝක අවසාන විනිශ්චය දිනය පිලිබදව කිසිවෙකුට අනාවැකි කිව නොහැකි බවයි.එම "දිනය සහ පැය" දන්නේ "පියාණන් වහන්සේ" පමණක් බව ක්‍රිස්තුස් වහන්සේ විසින්ම ප්‍රකාශ කර ඇත.

36 ''මාගේ පියාණන් වහන්සේ මිස, ඒ දිනය හා පැය අන් කිසිවෙක් නොදනිති; ස්වර්ගයෙහි දේව දූතයෝ වත්, පුත්‍රයාණෝ වත් නොදනිති.
                          ( මතෙව් 24:36 )

මුලධර්මවාදීන්ගේ සභාවන් හී බොහෝ විට ප්‍රාථිහාර්‍ය සිදුවන බව ඔවුන් විසින් පවසයි.අවසාන කාලයේදී තෝරාගත්තවුන් මුලා කරන පිණිස බොරු දිවැසිවරු විසින් අරුම පුදුම ලකුණු ද දක්වන බව ක්‍රිස්තුස් වහන්සේ විසින්ම අපට උගන්වා ඇත.

23 එකල, 'බලන්න, ක්‍රිස්තුන් වහන්සේ මෙන්න, මෙතැන ය' නැත්නම් 'අන්න, අතන ය'යි යමෙකු ඔබට කීවොත් විශ්වාස නොකරන්න.
24 කුමක්නිසා ද ව්‍යාජ ක්‍රිස්තුවරයන් ද ව්‍යාජ දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත්තවුන් පවා මුළා කරන ලෙස ලකුණු හා අරුමපුදුම දේ දක්වනු ඇත.
25 බලන්න, මම ඔබට කල්තියා කීවෙමි.
26 'අන්න, උන් වහන්සේ පාළුකරයේ සිටින සේකැ'යි ඔවුන් ඔබට කීවොත්, පිටත් ව නොයන්න, 'උන් වහන්සේ කාමරයක සැඟවී සිටින සේකැ'යි කීවත්, විශ්වාස නොකරන්න.
27 මන්ද, විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා විහිදෙන්නේ යම් සේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය එසේ ම වන්නේ ය.
          ( මතෙව් 24:23-27 )

21 ''එකල, 'බලන්න, ක්‍රිස්තුන් වහන්සේ මෙහි ය; බලන්න, එහි ය'යි යමෙකු ඔබට කීවොත් විශ්වාස නොකරන්න.
22 මක්නිසා ද බොරු ක්‍රිස්තුවරයන් ද බොරු දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත් අය මුළා කරන පිණිස හාස්කම් හා අරුමපුදුම දේ දක්වනු ඇත.
              ( මාක් 13:21-22 )

23 'අන්න, එතැන ය! මෙ‍න්න මෙ‍තැන ය!'යි ඔවුන් කියන කල, පිටත් වී එය පසුපස්සේ නොයන්න.
          ( ලූක් 17:23 )

මීට අමතරව ක්‍රිස්තුස් වහන්සේගේ "අපෝස්තුළුවරුන්ගේ ඉගැන්වීම්" තුළද මෙම ව්‍යාජ දිවැසිවරුන් පිළිබදව සදහන්ව ඇත.

1 පෙර කාලයේ ජනතාව අතර බොරු දිවැසිවරුන් පහළ වූවාක් මෙන් ඔබ අතර බොරු ගුරුවරුන් පහළ වනු ඇත. ඔව්හු විනාශකාරී අසත්‍ය ධර්ම උපදවමින්, තමන් මිදූ සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින්, තමන් පිට හදිසි විනාශය පමුණුවාගන්නො‍් ය.
2 බොහෝ දෙනෙක් ඔවුන්ගේ දුරාචාරය අනුගමනය කරන්නෝ ය. ඔවුන් නිසා සත්‍ය මාර්ගය අපකීර්තියට පැමිණෙනු ඇත.
             ( 2 පේදුරු 2: 1-2 )

7 වෙන සුබ අස්නක් නම් නැත. එහෙත් මා එසේ කියන්නේ ඔබ කළඹා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න අවුල් කරන ඇතැමුන් සිටින නිසා ය.
8 එහෙත් මා හෝ ස්වර්ගයෙන් දේව දූතයෙක් හෝ වෙන කිසිවෙක් හෝ අප දේශනා කළ සුබ අස්නට පටහැනි සුබ අස්නක් දේශනා කළේ නම් ඔහුට සාප වේ වා.
             ( ගලාති 1:7-8 )

බොහෝ දෙනා මොවුන්ගේ මුලා බස් වලට හසු වී ප්‍රාථිහාර්‍ය සොයා මොවුන් පසුපස ගමන් කරයි.එවන් පුද්ගලයන් පිළිබදව ක්‍රිස්තුස් වහන්සේ කිසි විශ්වාසයක් නොතැබුවේය.
23 උන් වහන්සේ පාස්කු මංගල්‍යයේ දී ජෙරුසලමෙහි සිටි කල්හි, බොහෝ දෙනෙක් උන් වහන්සේ කළ හාස්කම් දැක, උන් වහන්සේ අදහාගත්හ.
24 එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන් කෙරෙහි විශ්වාසය නොතැබූ සේක. මන්ද, උන් වහන්සේ සියල්ල දත් නිසා ය.
               ( ජොහාන් 2:23-24 )

ලොව මෙතෙක් සිදුවන ප්‍රබලතම ප්‍රාථිහාර්‍ය වන්නේ "දිව්‍ය පූජා යාගය" තුළ තිරිගු පිටි වලින් සෑදු "පූපය සහ මිදිරස" ක්‍රිස්තුස් වහන්සේගේම "ශ්‍රී ශරීරයට සහ ශ්‍රී රුධීරය" බවට හැරීමයි.මෙම සිදුවීම ලෝක අවසානය දක්වාම දෛනිකව ලොව සෑම දිව්‍ය පූජා යාගයක් තුළම සිදුවෙයි.එබැවින් ප්‍රාථිහාර්‍ය සොයා ගොස් කතෝලිකයන් මුලා වීමට අවශ්‍ය වන්නේ නැත.

යක්ෂයා ජේසුස් වහන්සේව පරීක්ෂා කරනු ලබන්නේ "ශුද්ධ ලියවිල්ල" තුළින්මය.

9 ඉන්පසු ඔහු උන් වහන්සේ ජෙරුසලමට ගෙන ගොස්, දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, ''ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙ‍තැනින් පහතට පනින්න.
10 එසේ කියන්නේ, 
'ඔබට රැකවරණ සලසනු වස් උන් වහන්සේ සිය දූතයන් හට අණ දෙනු ඇතැ'යිද
11 'යම් ලෙසකින් ඔබේ පය ගලක නොවදින පිණිස ඔවුන් සිය දෝතින් ඔබ උසුලනු ඇතැ'යි ද කියා 
ලියා ඇති බැවිනැ''යි උන් වහන්සේට කී ය.
12 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, 
'' 'නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේ පරීක්ෂා නොකරන්න,' කියා ද ලියා ඇතැයි වදාල සේක.
                  ( ලුක් 4:9-12 )

යක්ෂයා විසින් ජේසුස් වහන්සේ දේව මාලිගාවේ කොත මුදුනට පමුණුවා ඉන් පහතට පනින ලෙසට ප්‍රකාශ කරයි."ශුද්ධ ලියවිල්ලෙහි" ලියා ඇති ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ පාද ගලක නොහැප්පෙන පිණිස දේව දුතයන් ජේසුස් වහන්සේව ඔසවනු ඇතැයි යක්ෂයා විසින් ප්‍රකාශ කරනු ලබයි. 

මින් අපට පැහැදිලි වන්නේ යක්ෂයාද "ශුද්ධ ලියවිල්ල" හොදා ආකාරවම දැන සිටි බවයි.මෙහිදී ක්‍රිස්තුස් වහන්සේ විසින් "නුඹේ දෙවි සමිදාණන් වහන්සේ පරික්ෂා නොකරන්නැයි ලියා ඇතැයි"යනුවෙන් දේව වචනයෙන්ම පිලිතුරු ලබා දෙයි.
එබැවින් දේව වචනය යැයි පවසමින් ඔබේ නිවැස්වලට පැමිණෙන්නන් සැබවින්ම "දේව දුතයන්ද" නැතිනම් "මාර දූතයන්" දැයි "ශුද්ධාත්මානුභාවය" තුළින් ඔබ විසින් තීරණය කල යුතු අතර ඔවුන්ට ක්‍රිස්තුස් වහන්සේ මෙන් දේව වචනයෙන්ම පිලිතුරු දීමට "එකම අපෝස්තලික සභාවේ" අප දැනුවත්ව සිටිය යුතුය.

එබැවින් මුලධර්මවාදීන් හට හසු නොවී මුල් සියවසේ පටන් සභා විශ්වාසය වු "දිව්‍ය සත්ප්‍රසාදය" තුළ "ජේසු සමිදුන්ගේ ජීවමානව වැඩ සිටීම" විශ්වාස කරන "අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාවේ" යාව ජීව සාමජිකත්වය ආරක්ෂා කර ගනිමු.

ක්‍රිස්තුස් වහන්සේගේම මාංශය සහ රුධීරය වන"දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ" හැරදමා මූලධර්මවාදීන්ට එකතු වන සභා සාමාජිකයන්ගෙන් එදා මෙන් අදත් ක්‍රිස්තුස් වහන්සේ මෙසේ විමසා සිටී.
67 ජේසුස් වහන්සේ දොළොස් දෙනා අමතා, ''ඔබත් ඉවත් ව යන්නට සිතන්නහු දැ''යි ඇසූ සේක.
            ( ජොහාන් 6:67 )

අප කවරෙකු වෙතට යන්නද "සදාතන ජීවනයේ වචනය ඇත්තේ "දිව්‍ය සත්ප්‍රසාදීය ජේසු සමිදාණන් තුළ පමණය."

Sahitha Perera