BLANTERORBITv101

තුන්වන සියවස

 අද අපි ඔබට පොරොන්දු වූ පරිදි කතෝලික සභා වරුණ - Exploring Catholic Church පිටුව ඔස්සේ ගෙන එන්නේ  කතෝලික සභා ඉතිහාසයේ තුන්වන සියවස පිලිබද සාරාංශාත්මක හා සරල ඉදිරිපත් කිරීමක්. ඔබ කතෝලික සභා ඉතිහාසය පලමු සියවස පිලිබද ලිපිය කියවීමට බැරි වුනනෙනම් මේ ලින්ක් එකෙන් පිවිසලා කියවන්න පුළුවන් .

https://www.facebook.com/105883521627668/posts/108129718069715/

ඉතින් ආදරයෙන් ඉල්ලනවා අපේ ලිපි කියවන්න. යාලුවො අතර ශෙයා කරන්න.ලයික් එකක් දාන්න.ඒ වගේම ඔබේ ගැටලු සහ විවේචන ඉදිරිපත් කරන්න. ඒක අපිට ඉදිරි ලිපි ලිවීම සදහා දිරිගැන්වීමක් වනු ඇති. 

තුන්වන සියවස කෙටියෙන්ම ක්‍රිස්තියානි පීඩනයේ සමයන්වල උච්චතම යුගයක් ලෙස සැලකිය හැක.මන්ද ක්‍රිස්තියානි පීඩන සමයන් රැසක්ම තුන්වන සියවස තුල ඇතිවිය.

තුන්වන සියවස තුල සිදුවූ ප්‍රධාන සිද්ධීන්.

°°°°°°°°°°°°°°°°°°°°°°°°

234 AD - හයවන පීඩන සමය මැක්සිමස් අධිරාජ්‍ය යටතේ.

249 AD - 7වන පීඩන සමය ඩීසියස් අධිරාජ්‍ය යටතේ.

257 AD - 8 වන පීඩන සමය වැලේරියන් අධිරාජ්‍ය යටතේ.

269 AD - අන්තියෝකයේ මන්ත්‍රණ සභාව.

274 AD - 9 වන පීඩනය ඔරීලියන් අධිරාජයයා යටතේ.

284 AD - ඩයොක්ලීසියන් අධිරාජ්‍යයා වීම.

තුන්වන සියවසේ ඇතිවූ වේදභේදයන්

°°°°°°°°°°°°°°°°°°°

සමෝස්ටා හී පාවුලු ගේ වේදභේදය

•••••••••••••••••••••

ඔහුගේ ඉගැන්වීම් අනුව ජේසුස් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යකු බව හා ජේසුස් වහන්සේ දේවත්වයට පැමිණියේ බෞතීස්මය මගින් බව ප්‍රකාශ කළේය.එමෙන්ම ශුද්ධාත්මයන් දෙවියන් නොවන බවද ප්‍රකාශ කළේය.

අන්තියෝකයේ කවුන්සිලය(Synod of Antioch) තුලදී ඔහුව සභාවෙන් නෙරපා හරින ලදි.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩයොනීසියස් තුමා ඔහුට එරහිව ලිපි ලියන ලදි.

Novatian / Donatists

••••••••••••••••

මොවුන් නොවේටියස් නම් ව්‍යාජ පාප් තුමන්ව(anti pope) අනුගමනය කළේය.

මොවුන් ඉදිරිපත් කළ ප්‍රධාන කරුණ වූයේ සභාවෙ පූජකයන් කළ සක්‍රමේන්තු හා යාඥාවන් සඵල වීම සදහා ඔවුන් සියලු පවින් වැලකිය යුතු බවයි.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩයොනීසියස් තුමා හා කාත්රේජ් හී සිප්‍රියන් තුමා මෙයට පිළිතුරු වශයෙන් ලිපි ලියන ලදි.

නොවේටියස් නම් පුද්ගලයාව කාත්රේජ් හී මන්ත්‍රණ සභාව මගින් නෙරපා හරින ලදි.

Sebellianism

•••••••••••

මෙම වේද භේදයේ නිර්මාතෲ වූයේ සෙබිලියස් නම් ලිබියානු ජාතික පූජකයාය.

ඔහුගේ ප්‍රධාන අදහස වූයේ ශු.ත්‍රිත්වය ප්‍රතික්ෂේප කිරීමයි.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩයොනීසියස් තුමා හා ‍රෝමයේ හිපෝලිටස් තුමා මෙයට උත්තර වශයෙන් ලිපි ලිවීය.

Manichaeism

•••••••••••

මානි නම් පර්සියානු ජාතිකයා මෙම නව ආගම සොයාගන්නා ලදි.

එය ඥානවාදය , ක්‍රිස්තියානිය , හා ඔහුගේ ඉගැන්වීම් වීම් වලින් මිශ්‍ර වූ දහමක් විය.

ඔහු විශ්වාස කළේ සියලු ආගම් සත්‍ය බවයි.

මෙම පුද්ගලයාට අනුව ආදම් , නෝවා , ආබ්‍රහම් , බුදුන් වහන්සේ , ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා පාවුලු තුමන් දිවැසිවරුන් ලෙස සැලකිය.

එමෙන්ම මොවුන් පුනරුප්පත්තිය පිළිබදව විශ්වාස කළේය.

තෙවන සියවස තුල ජීවත් වූ විශේෂ
 චරිතයන්.

°°°°°°°°°°°°°°°°°°°°

ඔරිගන් තුමා.

•••••••••••••

මෙතුමා ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් තුමාගේ අනුගාමිකයෙක් විය.

මෙතුමා වයස 18 දී ඇලෙක්සැන්ඩ්‍රියා දේවධාර්මික පාසලේ ප්‍රධානියා විය.එමගින් අපට සිතාගන්නට පුලුවන් මෙතුමාට කුඩා කාලයේ තිබූ දැනුම සම්භාරය පිළිබදව.

මෙතුමා පැන්තෙරා නැමැති මිත්‍යාවට එරහිව පිළිතුරු දෙන ලදි.

ඔරිගන් තුමා ක්‍රිව 255 දී මරණයට පත් විය.

ශු.සිප්‍රියන් තුමා.

•••••••••••

මෙතුමා ටර්ටුලියන් තුමාගේ අනුගාමිකයෙක් විය.

මෙතුමා කාත්රේජ් හී බිශොප් තුමන් ලෙස ක්‍රිව 249 දී පත්විය.

එමෙන්ම කාත්රේජ් මන්ත්‍රණ සභාවටද සහය දක්වා ඇත.

මෙතුමා ක්‍රිස්තියානි ප්‍රශ්න සදහා ලිපි 66කට වඩා ලියා ඇත.

සිප්‍රියන් තුමාව ක්‍රිව 258 දී මරණයට පත් විය.

අප සභා නායකයන් පිළිබදව කෙටියෙන් විස්තර සැපයුවේ ඔවුන් පිළිබද වෙන වෙනම ලිපි ඉදිරියේදී ගෙන ඒමට නියමිතව තියෙනවා.


ඔබ සැමට ජේසු පිහිටයි.