BLANTERORBITv101

දෙවන සියවස තුල කතෝලික සභාව

දෙවන සියවස තුල කතෝලික සභාව


 අද අපි ඔබට පොරොන්දු වූ පරිදි කතෝලික සභා වරුණ - Exploring Catholic Church පිටුව ඔස්සේ ගෙන එන්නේ කතෝලික සභා ඉතිහාසයේ දෙවන සියවස පිලිබද සාරාංශාත්මක හා සරල ඉදිරිපත් කිරීමක්. ඔබ කතෝලික සභා ඉතිහාසය පලමු සියවස පිලිබද ලිපිය කියවීමට බැරි වුනනෙනම් මේ ලින්ක් එකෙන් පිවිසලා කියවන්න පුළුවන් .

ඉතින් ආදරයෙන් ඉල්නවා අපේ ලිපි කියවන්න. යාලුවො අතර ශෙයා කරන්න . කමෙන්ට් එකක් දාන්න.ලයික් එකක් දාන්න . ඒ වගේම ඔබේ ගැටලු සහ විවේචන ඉදිරිපත් කරන්න. ඒක අපිට ඉදිරි ලිපි ලිවීම සදහා දිරිගැන්වීමක් වනු ඇති.
දෙවන සියවස - කතෝලික සභා ඉතිහාසය
-----------------------------------------------------------------------
දෙවන සියවසේ වි⁣ශේෂ සිදුවීම්
•ක්රි.ව 98-117 - රෝම අධිරාජ්ය ට්රාජන් යටතේ සිදුවූ තෙවන පීඩනය
•ක්රි.ව 130-135 - ජෙරුසෙලමේ කැරැල්ල
•ක්රි.ව 135-150 - පැවිදිභාවය සදහා වූ මුල් අත්හදා බැලීම
•ක්රි.ව 161-180 - රෝම අධිරාජ්ය මාකස් අවුරේලියස් යටතේ සිව්වන පීඩනය
•ක්රි.ව 175-177 - ඉරේනියස් තුමා ලියොන්හි රදගුරුතුමා ලෙස පත්වීම
•ක්රි.ව 189 - දිමිත්රියස් තුමා ඇලෙක්සැන්ඩ්රියාවේ රදගුරුතුමා ලෙස පත්වීම.
•ක්රි.ව 189-190 - පාස්කු දිනයේ සාකච්ඡාව
•ක්රි.ව 190 - ඇලෙක්සැන්ඩ්රියා දේවධර්ම විද්යාලයේ නව පිබිදීම
දෙවන සියවසේ ජීවත් වූ සභා පියවරු න්
------------------------
සභා පියවරු යනු , මුල් කිතුනු සභාවේ නිර්මල කිතු දහම හා විශ්වාසය ආරක්ෂා කිරීම සදහා නිවැරදි හා බහුශ්රැත ඉගැන්වීමෙන් , දේශනාවෙන් මෙන්ම ලේඛනකරණයෙන් දායක වූ මුල් උගත්තු පිරිස වේ. මුල් සභාවේ ඉගැන්වීම්වලට පටහැනි වේදභේදවලට පිළිතුරු සැපයීම මගින් නිර්මල කිතු දහම ආරක්ෂා කිරීම සභා පියවරුන්ගේ ප්රධාන කාර්යයක් විය. එසේම ජුදා හා අන්ය ආගම් මගින් පැන නැගුණු ප්රශ්නවලට පිළිතුරු සවිස්තරව දැක්වීම ද ඔවුන් සතු තවත් වගකීමක් විය.
උදා :
•ඉරේනියස් තුමා
•අන්තියෝකියේ ඉග්නාසියුස් තුමා
•ක්ලෙමන්ට් පාප්තුමා
•පොලිකාප් තුමා
•ජස්ටින් තුමා
•ටර්ටූලියන් තුමා
•ඔරිගන් තුමා
දෙවන සියවසේ අපෝස්තලික පියවරු
-------------------------
අපෝස්තලික පියවරු යනු , අපෝස්තුළුවරුන් සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කළ සභා නායකයන් හා ඔවුන්ගෙන් ඉගෙනුම ලැබූ පුද්ගලයන්ය.මේ පිරිස අපෝස්තුළුවරුන්ගේ යුගය අවසන් වීමත් සමගම සභාවට එක්වූ ලේඛක පිරිස ලෙසද හැදින්විය හැක.
උදා :
•රෝමයේ ක්ලෙමන්ට් තුමා
•අන්තියෝකියේ ඉග්නේෂියස් තුමා
•ස්මර්ණාහි පොලිකාප් තුමා
•හර්ම්ස් තුමා
දෙවන සියවසේ ප්රතිඋත්තරවේදීන්(apologists)
---------------------------------
ප්රතිඋත්තරවේදීන් හැදින්වීමට ඉංග්රීසි භාශාවෙන් Apologist ලෙස හැදින්වේ.එය "ඇපොලොජියා" යන ග්රීක පදයෙන් බිදී එන්නකි. මෙහි අර්ථය නම් 'ආරක්ෂා කිරීම' යන්නයි. මේ අනුව කිතුනු ධර්මයට එරෙහිව ඉදිරිපත් වූ වේදභේද ආදියට ප්රතිචාර දැක්වීමට හා කරුණු පහදා දීමට ඉදිරිපත් වූ සභා පියවරු ප්රතිඋත්තරවේදීන් ලෙස හැදින්වේ.
උදා:-
•ජස්ටින් තුමා
•ටර්ටූලියන් තුමා
•ඇලෙක්සැන්ඩ්රියාවේ ඔරිගන් තුමා
දෙවන සියවසේ ප්රාණපරිත්යාගීවරුන්
-------------------
•අන්තියෝකියේ ඉග්නේෂියස් තුමා
•ජෙරුසෙලමේ සිමියොන් තුමා
•රෝමයේ ක්ලෙමන්ට් පාප්තුමා
•ටෙලර් පොර්ස්ද ඩොමිටිල්ලා තුමිය
•ඉරනේයස් තුමා
•පෙර්පෙචුවා තුමිය
•සිසිලියා තුමිය
•පොලිකාප් තුමා
•ජස්ටින් තුමා
දෙවන සියවසේ වේදභේදයන්(Heresies)
---------------------
වේදභේද (Heresies) යනු , ශු.සභාවේ ඉගැන්වීම්වලට අනුකූල නොවන ඉගැන්වීම් වේ.
දෙවන සියවසේ ප්රබලම වේදභේදයක් වූයේ Docetism වේදභේදයයි. එය docetic යන ග්රීක වචනයෙන් බිදී ආවකි. මෙම මිථ්යාදෘෂ්ටිය ගෙන ආ අය කියා සිටියේ ජේසුස් වහන්සේ සැබවින්ම භෞතික ශරීරයක නොසිටි නමුත් ශරීරයක් ඇති බව පෙනෙන්නට තිබුණු බවයි .ඔවුන්ගෙන් සමහරු විශ්වාස කළේ ජේසුස් වෙනුවට සිමොන් සිරනේවුස් කුරුසියේ ඇණ ගසනු ලැබූ බවයි. අන්තියෝකියේ ශු.ඉග්නේෂියස් තුමා තම ලිපි මගින් ලිඛිතව මෙම මිථ්යාදෘෂ්ටියට ප්රතිචාර දැක්වීය.
මීලය ලිපිය මගින් අප ක්රිව 3 වන සියවස තුල සභා ඉතිහාසයේ සිදු වූ සිද්ධීන් පිළිබදව ගෙන ඒමට නියමතයි.අප සමග රැදී සිටින්න.
ඔබ සැමට ජේසු පිහිටයි. ✞