BLANTERORBITv101

"රූපවන්දනාව" නැමැති මහා මිත්‍යාවක අවසානය.

 "රූපවන්දනාව" නැමැති මහා මිත්යාවක අවසානය.


6 ජෝෂුවා ශෝකයෙන් තමාගේ වස්ත්ර ඉරාගෙන ඉශ්රායෙල්වරුන්ගේ ප්රජා මූලිකයන් සමඟ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සවස් වන තෙක් මුණින්තළා වැටී සිටියේ ය. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගත්තෝ ය.
( ජෝශුවා 7:6 )
11 සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද රන් මී රූප සහ ගඩු රූප දැමූ කුඩා කරඬුව ද ගැලෙහි තැබූ හ.
15 ලෙවීවරු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද රන් භාණ්ඩ දමා තිබුණු කරඬුව ද ගෙන, මහ ගල මත තැබූහ. බෙත්-ෂෙමෙෂ් වැසියෝ ඒ දවසේ දී සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කොට, පඬුරු ද පිදුවෝය.
( 1 සාමුවෙල් 6:11-15 )
8 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ''ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න. දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද, ඔහු එය දෙස බැලුවහොත්, සුව වනු ඇතැ''යි වදාළ සේක.
9 එවිට මෝසෙස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබී ය. සර්පයෙක් යමෙකු දෂ්ට කෙළේ ද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය.
( ගණන් කතාව 21:8-9 )
6 ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, ''ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ''යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ.
( ජෝශුවා 3:6 )
18 කරුණාසනයේ දෙකෙළවරෙහි රනින් තළා සෑදු කෙරුබ්වරුන් දෙදෙනෙකු වාත්තු කළ යුතු ය.
19 එක කෙළවරක එක කෙරුබ්වරයෙක් ද අනික් කෙළවරේ අනික් කෙරුබ්වරයා ද සිටින සේ කරුණාසනය සමඟ එකක් වන සේ ඔවුන් සවිකර එහි දෙකෙළවරෙහි තැබිය යුතු ය.
22 මම ද එහි දී නුඹ හමුවෙමි. කරුණාසනයට ඉහළින් ගිවිසුම් කරඬුව මත සිටින කෙරුබ්වරුන් දෙදෙන මැදින්, ඉශ්රායෙල් ජනයා සඳහා සියලු ආඥා මම නුඹට දන්වන්නෙමි.''
( නික්මයාම 25:18-22 )
17 දොරකඩට ඉහළින් ද ඇතුළු මාලිගාව දක්වා ද පිටතින් වටකර ඇතුළත සහ පිටත මුළු බිත්තිය ද මැන්නේ ය.
18 එහි කෙරුබ්වරුන් ද තල් ගස් ද කැටයම් කර තිබිණි. කෙරුබ්වරුන් දෙදෙනෙකු අතරේ තල් ගසක් බැගින් තිබිණි. එක එක කෙරුබ්වරයෙකුට මුහුණු දෙකක් තිබිණි.
19 එනම්, එක පැත්තක තල් ගහ දෙසට මනුෂ්ය මුහුණක් ද අනික් පැත්තෙහි තල් ගහ දෙසට තරුණ සිංහ මුහුණක් ද තිබුණේ ය. වටකර මුළු ගෘහයෙහි එසේ සාදා තිබුණේ ය.
( එසකියෙල් 41:17-19 )
15 ක්රිස්තුන් වහන්සේ අදෘශ්යමාන දෙවියන් වහන්සේගේ දෘශ්යමාන ස්වරූපය ව, මුළු මැවිල්ලේ අගතැන් ගන්නා සේක.
( කොලොස්සි 1:15 )

සහිත පෙරේරා

සතුට යනු කතෝලිකයකු වීමයි!