BLANTERORBITv101

"මුලධර්මවාදී කිතුනු වය්‍යපාර" වල ආරම්භය.

"මුලධර්මවාදී කිතුනු වය්‍යපාර" වල ආරම්භය.


"බෙදී ගිය කිතුනු සභාවන්" හී ආරම්භය සිදුවන්නේ 19 වන ශතවර්ෂයේ දෙවන භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේදීය.
ක්‍රිස්තුස් වහන්සේ විසින් වර්ෂ 1844 "ලෝක විනිශ්චය" ආරම්භ කලේ යැයි පවසමින් වර්ෂ 1850 දී "විලියම් මිලර්" නැමැත්තා විසින් කිතුනු වය්‍යපාරයක් ආරම්භ කරන ලදී.එය "සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්ස්" නමින් හදුන්වන ලද අතර සතියේ සත්වන දවස "සබත් දිනය" ලෙසට ප්‍රකාශ කරන ලදී.

වර්ෂ 1852 දී උපත ලැබු ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග් හී උපත ලැබු" ප්‍රොතෙස්තන්ත කොන්ග්‍රිගේෂන්" සභාවට අයත් වු "චාර්ල්ස් ටී රසල්"විසින් "යෙහෝවා වහන්සේගේ සාක්ෂි කරුවන්" නැමැති කිතුනු ව්‍යාපාරය ආරම්භ කරන ලදී.

පෙන්තකෝස්ත ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ වර්ෂ 1900 දී "පෲම්" නැමැති දේවගැතිවරයා විසිනි.

"පෙන්තකෝස්ත ව්‍යාපාරය" තුළින් බිහි වු කිතුනු කණ්ඩායම් 30000කට වඩා වැඩි ප්‍රමාණයක් අදවන විට ලෝකය තුල ව්‍යාප්තව ඇත.

මේවා සදහා උදාහරණ ලෙසට කල්වාරි, නව කල්වාරි, ඇසම්බ්ලි ඔෆ් ගෝඩ්,ජීවන ගංගා, නව ජීවන ගංගා, ගෙත්සෙමෙනි යන කිතුනු සභාවන් පෙන්වා දිය හැකිය.මොවුන්ට ඉගැන්වීමේ අධිකාරි බලයක් නැත.මොවුනට රිසි පරිදි මොවුන් විසින් ම "ශුද්ධ ලියවිල්ල" අර්ථ කථනය කරනු ලබයි. 

"විශ්වාසය සහ සදාචාරය" සම්බන්ධව ඉගැන්වීමේ "නිල අධිකාරි බලය" ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේ විසින් ස්ථාපිත කරන ලද "එකම ශුද්ධ වු කතෝලික සභාවට පමණි."

"මම ඔබට කියමි ඔබ පේදුරුය මේ පර්වතය මාගේ සභාව ගොඩනගන්නෙමි 
පාතලයේ දොරටුවලට එය පරාජය කල නොහැකිය
ඔබ පොළවේදී යමක් බදින්නෙහිද එය ස්වර්ගයෙහි ද බදිනු ලබන්නෙහිය."
           ( මතෙව් 16:18-19 )

මුලධර්මවාදීන් මූලික වශයෙන් කොටස් 2කි.

1- ශුද්ධ වු ත්‍රීත්වය, ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය, කන්‍යාවක් වු මරියතුමියගෙන් ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබීම,ශ්‍රී රුධිරයේ බලය, ශ්‍රී කුරුසියේ බලය, ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සහ දෙවන පැමිණීම විශ්වාස කරන සභාවන්
උදා: පෙන්තකෝස්ත සභාව සහ එම සභාව තුළින් බිහි වී ඇති කණ්ඩායම් 
2- ශුද්ධ වු ත්‍රීත්වය, ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය, කුරුසිය මත ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ තේජාන්විත උත්ථානය සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ දේවත්වය වැනි කරුණු පිළිනොගන්නා සභාවන්
උදා- "යෙහෝවාගේ සාක්ෂි කරුවන්"

මෙම "යෙහෝවා සාක්ෂි කරුවන්ගේ"භයානකත්වය වන්නේ මොවුන් විසින්ම නිර්මාණය කර ගන්නා ලද බයිබලයක් මොවුන් සතු වීමයි.මේ තුළ විකෘති කිරීම් රාශියක් ඇති අතර මෙය
( New World Translation of the Holy Scriptures ) ලෙසට හදුන්වනු ලබයි.

18 මේ පොතේ සඳහන් දිවැස් වැකි අසන සියල්ලන්ට මම මෙය සහතික ලෙස කියමි. යමෙක් ඒ වචනවලට යමක් එකතු කරන්නේ නම්, දෙවියන් වහන්සේ මේ පොතේ ලියන ලද වසංගත ඔහුට එකතු කරන සේක.
       ( එලිදරව්ව 22 :18 )

මෙම විකෘති බයිබලය සකස් කරන ලද්දේ F.W ෆ්‍රාන්ස්, H නෝර්, D ගෘඩර්, ජොර්ජ් ගැන්ගස් සහ මිල්ටන් හෙන්ශල් අය විසිනි.

මෙහි මුලික කතුවරයා වන F.W ෆ්‍රාන්ස් නැමැත්තා හට ස්කොට්ලන්ත උසාවියකදී ( උත්පත්ති 2:4 ) " හේබ්‍ර්ව් භාෂාවට" පරිවර්තනය කරගැනීමට නොහැකි විය.

මෙම සටහන තුළින් මුලධර්මවාදින් පිළිබදව සරල හැදින්වීමක් ඉදිරිපත් කර ඇත.මීලග ලිපිය තුළින් ශුද්ධ ලියවිල්ල ඇසුරින් මූලධර්මවාදීන් හදුන්වා දීමට බලාපොරොත්තු වෙමි.

සතුට යනු කතෝලිකයකු වීමයි!
Sahitha Perera