BLANTERORBITv101

පානදුරා වාදය බිද හෙලීම.

පානදුරා වාදය බිද හෙලීම.


පානදුරා වාදයේ දී මිගෙට්ටවත්තේ ගුණානන්ද හිමියන් විසින් බයිබලය වෙත යොමු කල තර්ක පහත ආකාරයට බිද හෙලීමට කටයුතු කරනවා.

1.මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් පහත පදය දක්වමින් පවසනවා දෙවියන් වහන්සේ ඉදිරිය බලා වැඩ නොකරන සර්ව බලදාරී නොවන ශෝකයට පත් වන පුද්ගලයෙක් කියා.

මිහි පිට මිනිසා මැවීම ගැන උන් වහන්සේ ශෝක වූ සේක; උන් වහන්සේගේ හදවත සොවින් පෙළුණි.
උත්පත්ති 6:6 NRSV

පිළිතුරු:-

ආරම්භයේ දීම කියන්න අවශ්‍යයි බයිබලය ලිව්වෙ මිනිස් කතෲ වරයන් විසින්...එම නිසා බයිබලය තුල සමහර අවස්තා වල දෙවියන් වහන්සේට මිනිස් ගති ලක්ශන හා මිනිස් ශරීරයකට ආරෝපණය කර තිබෙනවා..විශේෂයෙන් උත්පත්ති 1 සිට 11 දක්වා ගනන් ගැනෙන්නේ කතාවක් ලෙසයි.උත්පත්ති 1 සිට 11 දක්වා ඇත්තේ දේවධාර්මික කරුණු  මිසක් විද්‍යාත්මකව හෝ ඓතිහාසික කරුණු නොවේ...

මෙම පාඨය තුල අරමුණ වුනේ මිනිසා පාපයට වැටීම ඉතා විශාල පාපයක් බව අතීත මිනිසාගේ සිත තුල කාවැද්දීමටයි...මෙය නොදන්නා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් බයිබලය පිලිබද තම පුහු දැනුම පෙන්නීමට ගොස් හාස්‍ය ගන්වන සුලු ප්‍රකාශ ඉදිරිපත් ඇත..

2.මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් ඉදිරිපත් කල ඊලග බයිබලය වැරදි ලෙස අර්තකතනය කිරීම.මෙතුමා මෙහිදී කියනවා දෙවියන් වහන්සේ මිනිසාට ආත්මය දුන්නේ හුස්ම හෙලීමෙන් කියා , මිනිස් ආත්මය පැමිනෙන්නේ ආරම්බයක් නොමැති දෙවියන් වහන්සේගේ කියලා.එමනිසා මිනිස් ආත්මයට ආරම්භයක් නොමැති යැයි පවසන්න උත්සහ කරනවා...

දෙවියන් වහන්සේ මිනිසාට සමිඳාණන් වහන්සේ පොළොවේ දුවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය.
උත්පත්ති 2:7 NRSV

පිළිතුර :- 

ඇත්තෙන්ම මෙයට අයත් වන්නෙත් පළමු පිළිතුරම තමයි.උත්පත්ති 1 සිට 11 දක්වා තියෙනවා කතාවක් පමණයි..එමනිසා දෙවියන් වහන්සේ මිනිසාට ඇත්තටම ආත්මය කොහොම දුන්නද කියලා එහි තියෙන එකෙන් නිගමනයකට එන්න බෑ.මෙම බයිබලයේ පාඨය තුල අරමුණ වී තිබුනේ දෙවියන් වහන්සේ මිනිසාට ආත්මයක් දුන්නා යන්න හැගවීම පමණයි..

3.මීලග මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ බයිබලය පිලිබද බොළද තර්කය වන්නේ ජේසුස් වහන්සේ කුරුසය තුල මරනයට පත් වී උත්තානයට දවස් තුනක් ගත වූයේ නෑ යන්නයි.

ජෝනා තල්මසාගේ උදරයෙහි දහවල් තුනක් ද රෑ තුනක් ද සිටියාක් මෙන්, මනුෂ්‍ය-පුත්‍රයාණන් ද පොළෝ ගැබෙහි දාවල් තුනක් ද රෑ තුනක් ද සිටිනු ඇත.

ශුද්ධවර මතෙව් 12:40 NRSV

පිළිතුරු :--

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ජුදා සම්ප්‍රදාය හා ජුදා දවස් ක්‍රමය ගැන නොදන්නා බව ප්‍රත්‍යක්ෂයි.ඔහු වසර 2000 පෙර බයිබලයේ භාවිත වූ දවස් ක්‍රම වර්තමාන දවස් ක්‍රම හා සම්බන්ධ කිරීමට ගොස් මුලුමනින්ම වැරදි ප්‍රකාශයක් නිකුත් කරනවා..

ජුදා දවසක් පටන් ගන්නේ ඉර බැස ගිය වෙලාවෙන්...එම ආකාරයට ගත්තහම රාත්‍රී 3 හා දහවල් 3 සම්පූර්ණ වෙනවා ..

4.හොදම බයිබලය විකුර්ති කරන තර්කය තමයි මේක.

උපුටා ගැනීම.

"මේ පාදිලි තැන “අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය” කීවාක් මෙන් පටිච්චා සමුප්පාද  ධර්මය ද අවුල්ය කීවා මේ කාටත් ඇසෙන්ට ඇත. එම නිසා ඒ ගැන යමක් නොකියාම බැරිය.
“අප්පා නිසා පුතාද, පුතා නිසා අප්පාද උපදිනවාය”  කීවාම ඒ උත්පත්තියේ වටකුරු ගතියක් තිබේ  එබදු වටකුරු උත්පත්තියක් ක්‍රිස්තියානි ආගමේ තිබේ. ඒ කෙසේද:-  යෙහෝවා විසින් ක්‍රිස්තුස් ගේ මෑණියන් වන මරියා මැව් නිසා යෙහෝවාමරියා ගේ පියා  වේ. මරියා යෙහොව්වාගේ දුව වේ.  සුද්ධාත්මය මරියාගේ බඩේ පිළිසිද ගත් නිසා යෙහෝවා මරියාගේ පුතාවේ. මරියා යෙහොවාගේ මව් වේ. ක්‍රිස්තුස් මරියාගේ පුතා නිසා යෙහෝවා මරියාගේ පුරුෂයා වේ. මරියා යෙහොවාගේ ස්ත්‍රී වේ. ඉතින් මෙයින් පෙනෙන්නේ එකම මරියා එක වරකට, යෙහොව්වා  ගේ දු ! බවත් එකවරකට යෙහොවාගේ මව්!! බවත්, එකවරකට යෙහොවාගේ ස්ත්‍රී !!! බවත්ය."

පිළිතුරු :- 

මෙය තමයි මම මේ වාදය තුල දුටු හාස්‍ය ජනකම අවස්තාව.මේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් , පාදිලි තුමන් අහපු ප්‍රශ්නයකට උත්තර දීමට නොහැකිව බයිබලයේ නොමැති දේවල් දෙඩවීමට පටන් ගන්නවා...
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කියන ආකාරයට , බයිබලයේ කොහේවත් මරිය තුමියව ශු.ත්‍රිත්වය හා සම්බන්ධ කරලා නෑ.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් හින්දු මිත්‍යා අදහස් හා ක්‍රිස්තියානි දහම සමාන කරන්න යනවා..ක්‍රිස්තියානිය තුල දෙවියන්ට භාර්‍යාවක් නැත..එමෙන්ම මරිය තුමියගේ පියා දෙවියන් වහන්සේ කියාද නැත...දෙවියන් වහන්සේ මරිය තුමියගේ ස්වාමියා කියාද නැත...

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් තමන් අසරණ වූ අවස්තාවේ තමන්‍ට එල්ල වූ ප්‍රශ්නය  මග හැරීමට මරිය තුමියව දෙවියන් හා සම කරන්න යනවා..

මෙය ඉතාමත් බොලද ලාමක තර්කයක් බව බයිබලය පිලිබද සුලු දැනුමක් ඇති පුද්ගලයෙක්ට වුවත් තේරෙනවා..

ස්තූතියි 
ජේසු පිහිටයි