ශුද්ධ වු ජීවන සභා සම්ප්‍රදාය තුළින් බිහි වු ශුද්ධ ලියවිල්ල
දේව අනාවරණයේ මූලාශ්‍ර 2 කි.
1- ශුද්ධ වු ජීවන සභා සම්ප්‍රදාය
2- ශුද්ධ ලියවිල්ල
15 එබැවින් සහෝදරවරුනි; ස්ථිර ව සිට, අපගේ දේශනා කිරීමෙන් හෝ අපගේ හසුනින් හෝ අප ඔබට ඉගැන්වූ සත්‍යයන් හොඳින් සිතට ගන්න.
( 2 තෙසලානික 2:15 )
ශුද්ධ ලියවිල්ල තුළ "නව ගිවිසුමට" අදාල පොත් සියල්ල රචනා වන්නේ ක්‍රි: ව 50-150 කාල වකවානුව තුළදීය. නව ගිවිසුම තුළ ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම් මෙන්ම අපෝස්තුළුවරුන්ගේ සහ ශු.පාවුළු තුමන්ගේ ඉගැන්වීම් අන්තර්ගත වෙයි.
ප්‍රථමයෙන්ම රචනා වන සුභාරංචිය වන්නේ "මාක් සුභාරංචියයි."එය රචනා වන්නේ ක්‍රි:ව 64-66 කාල වකවානුව තුළදීය. නමුත් පාවුලු තුමන් විසින් "තෙසලෝනිකවරුන්ට" ලියන ලද හසුන ක්‍රි:ව 51 දී පමණ රචනා වී ඇත.එසේ නම් ක්‍රි:ව 33-66 දක්වා ක්‍රිස්තු සුභාරංචියේ සියලු කරුණු පැවතියේ "ශුද්ධ වු ජීවන සභා සම්ප්‍රදාය" තුළය. මුල් සභාව තුළ "ලිවීම හෝ කියවීම" සභාවේ ලක්ෂණ නොවුවත් "ඉගැන්වීම සහ රොටී කැඩීම" මුල් සභාවේ ලක්ෂණ විය.
42 ඔව්හු ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීමෙහි ද, සහභාගිකමෙහි ද රොටි කැඩීමෙහි ද යාච්ඤාවෙහි ද නිරත ව කල් ගත කළහ.
( ක්‍රියා 2:42 )
"ඉගැන්වීම සහ රොටී කැඩීම" ක්‍රි:ව 33 සිටම ක්‍රියාත්මක වු සභා සම්ප්‍රදාය බව මින් ඔබට වැටෙහෙනු ඇත.
රොටී කැඩීම යනු දිව්‍ය පුජාවයි. ක්‍රිස්තුන් වහන්සේ "මා සිහිකිරීම පිණිස සිදුකරන්නට"යයි නියම කරන්නේද ශුද්ධ වු කතෝලික සභාව දෛනිකව සිදු කරනු ලබන මෙම දිව්‍ය යාගයයි.
මා සිහිකිරීම පිණිස මෙය සිදුකරන්න. ( ලුක් 22:19 )
එසේ නම් ලිඛ්ත දේව වචනය බිහි වීමට ප්‍රථමයෙන් ශු.ජීවන සභා සම්ප්‍රදාය බිහිවුන බවත් එම සම්ප්‍රදාය මත ශුද්ධාත්මයාණන් වහන්සේ ජීවමාන ලෙස වැඩසිටි බවත් පසු කාලිනව "එකම ශුද්ධ වු කතෝලික සභාවේ" අපෝස්තුළුවරුන් සහ ඔවුන්ගේ සමකාලිනයන් විසින් ශු.ජීවන සභා සම්ප්‍රදාය තුළ අඩංගු කරුණු ලිඛ්ත දේව වචනය ලෙසට ඉදිරිපත් කරන ලද බවත් අවිවාදයෙන් පිලිගැනීමට සිදුවේ.
ක්‍රිස්තුස් වහන්සේ විසින් තමන්ගේ "ධර්මදූත සේවාව" තුළදී අවුරුදු 3ක කාලයක් සුභාරංචිය දේශනා කරනු ලැබුවද ඒවා වලින් "ශුද්ධ ලියවිල්ල" සදහා ඇතුලත් කරනු ලැබුවේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි.
30 මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියෙහි සිදු කළ සේක.
( ජොහාන් 20 :30 )
25 ජේසුස් වහන්සේ කළ තවත් බොහෝ දේ ඇත. ඒවා එකින් එක ලිව්වොත්, ලියවෙන ඒ පොත්වලට මුළු ලෝකය වුවත් ඉඩ මදි යයි සිතමි.
( ජොහාන් 21:25 )
ශු.පාවුලු තුමන්ද සභා සම්ප්‍රදාය සතුව බොහොමයක් කරුණු පවතින බව සනාථ කොට ඇත.
13 අප ඔබට ලියන්නේ කියවන්නටත් තේරුම්ගන්නටත් පුළුවන් දේ පමණ ය. දැනට ඔබ තේරුම්ගෙන තිබෙන්නේ අර්ධ වශයෙන් ය.
( 2 කොරින්ති 1:13 )
ලිඛ්ත දේව වචනය තුළ ඇතුළත් නොවු බොහොමයක් කරුණු "සභා සම්ප්‍රදාය" තුළ පවතින බව මෙම ප්‍රකාශයෙන් තහවුරු වෙයි.
එමෙන්ම පලමු සියවස අවසාන වන විට ක්‍රිස්තුන් වහන්සේගේ "අපෝස්තුළුවරුන්ගේ යුගය" අවසන් වෙයි.මන්ද පලමු සියවස අවසන් වන විට බොහෝ අපෝස්තුළුවරුන් ස්වර්ගස්ථ වී සිටියහ.නමුත් "සභා ඉගැන්වීම්" අපෝස්තුළුවරුන්ගෙන් පසුව අවසන් වූවායි කිසිසේත් අපට ප්‍රකාශ කල නොහැකිය.එය අද දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවති. ශුද්ධාත්මයාණන් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම තහවුරු වන්නේ මෙම සභා සම්ප්‍රදාය මතයි. අපෝස්තුළුවරුන්ගෙන් දේව ධර්මය හදාරන ලද "සභා පියවරුන්ගේ යුගය"ආරම්භ වන්නේ අපෝස්තුළුවරුන්ගේ යුගයෙන් පසුවය.ඒ සදහා උදාහරණ කිහිපයක් පහත දක්වමු.
1- රෝමයේ ක්ලෙමන්ට් තුමා ( ක්‍රි:ව 35- 96 )
මෙතුමන් ශු.සභාවේ තෙවන පාප් තුමන් ලෙසටද ප්‍රකටය. මෙතුමන්ගේ නම ශු.ලියවිල්ල තුළද අන්තර්ගත වෙයි.
3 එසේ ය, මේ ස්ත්‍රීවරුන්ට උපකාර කරන ලෙස මාගේ සැබෑ පංගුකාරයෙකු වන ඔබෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් ද මාගේ අනෙක් හවුල් සේවකයන් ද ඇතුළු ව මා සමඟ සුබ අස්න සඳහා සේවය කලෝය.ඔවුන්ගේ නාම ජීවන පොතේ ලියා ඇත.
( පිලිප්පි 4:3 )
මෙතුමන් විසින් කොරින්ති වරුන්ට යවන ලද හසුනක් ශු.ජීවන සභා සම්ප්‍රදාය සතුව පවතී.
2 - සාන්ත ඉග්නායුසස් මුනිතුමන් ( ක්‍රි:ව 35-110 )
මෙතුමන් "අන්තියෝකියේ" පිහිටි සභාවේ රදගුරුතුමන් ලෙසටද කටයුතු කොට ඇති අතර ශු.ජොහාන් අපෝස්තුළුතුමන්ගේ ශ්‍රාවකයෙකු ලෙසටද මෙතුමන් සැලකෙයි.එමෙන්ම "කතෝලික" යන වචනය අපට ප්‍රථමයෙන්ම හමුවන්නේද මෙතුමන්ගේ ලිපියක වීමද විශේෂත්වයකි.
3- පොලිකාප් තුමා ( ක්‍රි:ව 69-155 )
මෙතුමන් "ස්මර්ණාහි" පිහිටි සභාවේ රදගුරු තුමන් ලෙසද කටයුතු කොට ඇති අතර මෙතුමන්ද ශු.ජොහාන් අපෝස්තුළුවරයාගේ ශ්‍රාවකයෙකු ලෙසට සැලකේ.
මෙවැනි සභා පියවරුන්ගේ දේව ධර්මය අති ගැඹුරුය.ශු.ලියවිල්ලම පමණක් තමන්ගේ ගැලවීම බව සිතා සිටින මූලධර්මවාදීන් හට මෙවැනි "සභා පියවරුන්ගේ" ඉගැන්වීම් පිළිබදව කිසිදු අවබෝධයක් නොමැත.
දෙවන සියවස පමණ වන විට ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම පවා ප්‍රමාද වන බව ශුද්ධාත්මයාණන් වහන්සේගේ මග පෙන්වීම තුළ සභාව විසින් තේරුම් ගත් හ.
එමෙන්ම ක්‍රි:ව 100 දී රචිත "ඩිඩාකේ" ග්‍රන්ථය සහ ක්‍රි:ව 215 රචිත හිප්පොලිටස්ගේ "අපෝස්තලික සම්ප්‍රදාය" නැමැති ග්‍රන්ථ අපෝස්තුළුවරුන්ගේ ඉගැන්වීමේ සම්ප්‍රදාය මත ගොඩනැගුණු ග්‍රන්ථ වෙයි.
තවද සම්මත පොත් ගණයට අයත් නොවන අපෝස්තුළුවරුන් විසින් රචිත "අසම්මත සුභාරංචි රාශියක්" ශු.ජීවන සභා සම්ප්‍රදාය සතුව පවතී.
පේදුරු තුමන්ගේ සුභාරංචිය, තෝමස් තුමන්ගේ සුභාරංචිය, ජාකොබ් තුමන්ගේ සුභාරංචිය සහ ජුද් තුමන්ගේ සුභාරංචිය සහ පේදුරු තුමන්ගේ ක්‍රියා පොත මේ සදහා උදාහරණ කිහිපයකි.
මෙවැනි ග්‍රන්ථ 300 කට අධික ප්‍රමාණයකින් නව ගිවිසුමේ සම්මත ග්‍රන්ථ 27 තෝරා ගනු ලැබුවේද "අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාව" විසිනි. මේ සදහා ඉරනායුස් තුමන්ගෙන් සහ අතානියුස් තුමන්ගෙන් ලද සහය අති සුවිශේශි වෙයි.
එමෙන්ම ශුද්ධ වු අගූස්තීනු මුනිතුමන් වැනි 4 වන සියවස (354-430 ) තුළ බිහි වූ සභා පියවරුන්ගේ දේව ධර්මය තුළද බොහෝ සුවිශේෂි කරුණු ඇතුලත් වෙයි.විශේෂයෙන් එතුමන් විසින් රචිත "ස්වයං පාපොච්චාරණය" සහ "ක්‍රිස්තියානි ඉගැන්වීම" නැමැති ග්‍රන්ථයන් "ශුද්ධ වු ජීවන සභා සම්ප්‍රදාය" සතුවන තවත් විශිෂ්ට කෘතින් 2ක් ලෙසට සැලකිය හැකිය. දේවානුභාවය ලැබු ශුද්ධ ලියවිල්ලෙහි කතුවරුන් විසින් අංකනය නොකරන ලද දස පණත අංකනය කරනු ලැබුවේද මෙතුමන් විසින් වීමද සුවිශේෂි වෙයි.
එමෙන්ම නූතන දේවධර්ම වේදීන් අතර ශු.තෝමස් ඇක්වයිනස් මුනිතුමන්ට හිමි වන්නේද සුවිශේෂි ස්ථානයකි එතුමන් ක්‍රි:ව 1225-1274 යන කාලවකවානුව තුළ ජීවත් වුවෙකි.එතුමන් විසින් රචිත "summa theology" නැමැති ග්‍රන්ථයද ශුද්ධ වු ජීවන සභා සම්ප්‍රදාය සතුවන තවත් එක් විශිෂ්ට කෘතියක් වෙයි.
එමෙන්ම විවිධ ශුද්ධෝත්තම පියතුමන්ලාගේ "අපෝස්තලික ප්‍රකාශණ, විශ්ව ලේඛන" තුළද ඉතා ගැඹුරු "විශ්වාසය සහ සදාචාරය" සම්බන්ධ ඉගැන්වීම් රාශියක් ඇතුළත් වෙයි. 13 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් විසින් වර්ෂ 1891 රචිත "වෙහෙසෙන මිනිස්සු" විශ්ව ලේඛනයත්, ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින් රචිත joy of the gospel නැමැති අපෝස්තලික ලේඛනය මේ සදහා උදාහරණ ලෙසට පෙන්වා දිය හැකිය.මේ සියල්ල "ශුද්ධ ජීවන සභා සම්ප්‍රදාය" තුළ අන්තර්ගතව ඇත.
ශුද්ධ වු සභා ඉතිහාසය තුළ ශු.පේදුරු තුමන්ගේ මූලිකත්වයෙන් පැවති පළමු මන්ත්‍රණ සභාව වන ජෙරුසලම් මන්ත්‍රණ සභාවෙන්( ක්‍රියා 15 ) පසුව මේ දක්වා ශුද්ධෝත්තම පියතුමන්ලාගේ මුලිකත්වයෙන් මන්ත්‍රණ සභා 22 ක් පවත්වා ඇති අතර වර්ෂ 1962 දී පවත්වන ලද 2 වන වතිකානු මන්ත්‍රණ සභාව සභා ඉතිහාසය තුළ පැවති අවසාන මන්ත්‍රණ සභාවයි.එහි මුලිකත්වය ගනු ලැබුවේ 23 වන ජොහාන් සහ 6 වන පාවුලු යන ශුද්ධෝත්තම පියතුමන්ලා විසිනි.ජෙරුසලම් මන්ත්‍රණ සභාව ශුද්ධාත්මයාණන් වහන්සේගේ අණාවරණයන්ට අනුව එතෙක් පැවති "චර්මජේදන පිලිවෙත" අහෝසි කලාක් මෙන් අනිකුත් මන්ත්‍රණ සභා සියල්ල මගින්ද ශුද්ධාත්ම මගපෙන්වීම තුළ ගනු ලැබු "විශ්වාසය සහ සදාචාරය" සම්බන්ධ ඉගැන්වීම් "ශුද්ධ වු ජීවන සභා සම්ප්‍රදාය" සදහා තවත් විශිෂ්ට උදාහරණ වෙයි.දෙවන වතිකානු මන්ත්‍රණ සභාව මගින් "දේව වන්දනාව" "දේශානුරූපිකරණය" කරමින් දිව්‍ය පූජාව ස්වදේශීය බසින් පැවත්වීමට අවසර ලැබීම ශුද්ධාත්මානුභාවය තුළ සභාව විසින් ගනු ලැබු සුවිශේෂි තීරණයක් ලෙසට පෙන්වා දිය හැකිය.
නමුත් මුලධර්මවාදින් මෙන්ම බොහෝ කතෝලිකයන්ද සිතා සිටින්නේ සභා සම්ප්‍රදාය වන්නේ මංගල්‍ය පැවැත්වීම, කොඩිගස එසවීම වැනි කරුණු පමණක් බවයි.නමුත් "ශුද්ධ වු ජීවන සභා සම්ප්‍රදාය" යනු කොතරම් පුළුල් විෂයක්ද යන්න මෙම ලිපිය මගින් ඔබට තහවුරු වනු ඇත.අද ඊයේ ආරම්භ කරන ලද "මුලධර්මවාදී සභාවන්" සදහා සභා සම්ප්‍රදායක් නොමැති වීම පිලිබදව අප කිසිසේත් පුදුම නොවෙමු.මන්දයත් ශුද්ධාත්මයාණන් වහන්සේ ජීවමානව ක්‍රියාකාරි වන්නේ "ශුද්ධ වු ජීවන සම්ප්‍රදාය" තුළයි.අවුරුදු 2000 කට ආසන්න කාලයක් තිස්සේ අදටත් ශුද්ධ වු සභා ඉගැන්වීම් තුළ ශුද්ධාත්මයාණන් වහන්සේ ශුද්ධ වු ජීවන සභා සම්ප්‍රදාය තුළ ජීවමාන වෙයි.සභා ඉගැන්වීම් කලින් කලට දේව ධර්මයට එකගව අලුත් වන්නේ මේ හේතුව නිසාය.
13 එසේ වී නමුත්, ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන් වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක. මන්ද, උන් වහන්සේ සිය කැමැත්තෙන් ම කතා නොකොට, උන් වහන්සේ අසන දේ ම පවසා, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත.
( ජොහාන් 16:13 )
අවසාන වශයෙන් පලමු ශුද්ධෝත්තම පියතුමන්ගේ සටහනකින් මෙම ලිපිය අවසන් කරමි.
25 එහෙත් ස්වාමීන්ගේ වචනය සදහට ම පවතියි.''
මේ වචනය නම් ඔබට දේශනා කරන ලද සුබ අස්න ය.
( 1 පේදුරු 1:25 )
සතුට යනු කතෝලිකයකු වීමයි!
සාහිත පෙරේරා
0 Comments