කතෝලික සභා වරුණ-Exploring church history ෆේස්බුක් පිටුව ආරම්භ කිරීමට අප අදහස් කලේ කතෝලික සභා ඉතිහාසය පිලිබද යම් දැනුමක් කිතුනුවන්ටත් අන්යාගමික ඔබටත් ලබාදීම සදහායි.ඒ අනුව මුලින්ම අප අදහස් කරන්නේ ලෝක සභා ඉතිහාසය පිලිබද ලිපි මාලාවක් ගෙන ඒමටයි. එහි පලමුවැනි ලිපියයි මේ. ඉතින් ආරාධනා කරනවා අපි සමග දිගටම අත්වැල් බැදගන්නා ලෙස. ඔබට මේ ලිපි මාලාව වඩාත් රසවත් අධ්යයනයක් වන බව නම් අපිට පොරොන්දු වෙන්න පුළුවන් . ඒ වගේම ඔබට කියවීමට පහසු වන පරිදි හැකි තරම් සරලව සහ සාරාංශාත්මක මෙම ලිපි ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.
අපි මුලින්ම කතා කරන්න සූදානම් වෙන්නෙ සබා ඉතිහාසයේ වැදගත්කම එසේත් නැත්නම් ඇයි අපි සභා ඉතිහාසය පිලිබද හැදෑරිය යුතතේ යන්නයි.ඇත්තටම ඇයි බයිබලය තියෙද්දි සභා ඉතිහාසය අධ්යනය කරන්නෙ?සභා ඉතිහාසය අධ්යනය කිරීමෙන් අපිට සභාවෙ සම්ප්රදාය , සභාවෙන් කැඩී ගිය මිත්යාවන්(heresies) , සභා බෙදීමට හේතු වූ කරුණු අධ්යනය කළ හැක.
1 වන සියවස
°°°°°°°°°°°°°°°°°°
සභාවෙ ආරම්භයේ සිට ගතහොත් ශුද්ධ බයිබලය හා සම්ප්රදාය පරිදි සභාවේ ආරම්භය ලෙස සැලකෙන්නෙ පෙන්තකොස්ත දවසේදේ ජෙරුසෙලමේදීය.එම අවදියේදී ජෙරුසෙලම රෝම අධිරාජ්යය යටතේ පාලනය විය.රෝම අධිරාජ්යයේ ප්රධාන භාශාවන් ලෙස ග්රීක හා ලතින් භාවිත විය.
ශුද්ධ බයිබලයේ සදහන් වන පරිදි ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීමෙන් පසුව ප්රථම දේශනාව කරනු ලැබුවේ පේදුරු අපෝස්තුලුතුමන් විසිනි.එහිදී අන්යාගමිකයන් 3000 ක පිරිසක් බෞතීස්ම ස්නාපනය ලැබූ බවට බයිබලයේ සදහන් වේ.
පළමු සියවස තුල සිදු වූ විශේෂ සිද්ධීන්
-----------------------
33 AD - පෙන්තකොස්ත දවස.
36/37 AD -ශුද්ධ වූ සභාවේ පළමු ප්රාණපරිත්යාගී ස්තේපන් තුමාගේ මරණය.
43/44 AD - ශුද්ධ වූ සභාවේ පළමු ප්රාණපරිත්යාගී අපෝස්තුලුවරයා වන සෙබදිගේ පුත් ජාකෝබ් තුමාගේ මරණය.
49 AD - ජෙරුසෙලම් මන්ත්රණ සභාව.
62 AD - ජෙරුසෙලමේ බිශොප් තුමන් වූ ජාකෝබ් අපෝස්තුලුතුමාගේ මරණය.
64 AD - පළමු කිතුණු පීඩන සමය.නීරෝ අධිරාජයයා යටතේ.
66 AD - ජුදයේ විප්ලවය .
67AD - පේදුරු හා පාවුලු තුමන්ගේ මරණය.
70 AD - ජෙරුසෙලම බිදවැටීම ටයිටස් අධිරාජ්යයා යටතේ.
81 AD - දෙවන කිතුණු පීඩන සමයසමය.ඩොමීශියන් අධිරාජ්යයා යටතේ.
100 AD - ජොහාන් අපෝස්තුලුතුමාගේ මරණය.
පළමු සියවස තුල බිහිවූ මිත්යාවන්(Heresies)
----------------------
චර්මජේදනය පිළිබද ගැටලුව / Circumcision controversy
••••••••••••••••••
මුල් කිතුණු සභාව තුල සිටි ජුදා ජාතිකයන් නොවූ පිරිමීන්ගේ චර්මජේදනය පිළිබද ඇතිවූ මෙම ගැටලුව අපෝස්තුලුවරයන් විසින් ජෙරුසෙලම් මන්ත්රණ සභාව පවත්වා සමතයකට පත් කළේය.එහි අවසන් මතය වුනේ ජුදෙව්වන් නොවන ක්රිස්තියානින්ට චර්මජේදනය අත්යවශ්ය නොවන බවයි.
ඥානවාදය / Gnosticism
••••••••••••••••••
ශුද්ධ බයිබලය හා සම්ප්රදාය තුල සදහන් වෙන ආකාරයට මෙම Heresy එකේ නිර්මාතෲ සයිමන් මේගස්(Σίμων ὁ μάγος) නම් පුද්ගලයා වේ.ඔහුව මැජික්කරුවා(Sorcerer) නම් වලින්ද හැදින්වු බවට සදහන් වේ.මෙම heresy එකේ අන්තර්ගතය වූයේ සියලු මාංශය පාපී බවත් ජේසුස් වහන්සේ සැබෑවටම මිනිසත් බව නොගත් බවත් ජේසුස් වහන්සේ වහන්සේගේ උත්තානයද ප්රතික්ෂේප කළේය.සයිමන් මේගස්ට පසුව menander the samaritan නම් පුද්ගලයා මෙම මිත්යාව ගොඩනගා ඉදිරියට ගෙන ගොස් ඇති බව සදහන් වේ.
අපගේ මීලඟ ලිපියෙන් සභා ඉතිහාසයේ දෙවන සියවස වූ ප්රධාන සිද්ධීන් හා දෙවන සියවස තුල ඥානවාදය / Gnosticism පැතිරී ගිය ආකාරය පිළිබද කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.

0 Comments