BLANTERORBITv101

ඇල්බර්ට් අයින්ස්ටයින් දෙවියන් වහන්සේව විශ්වාස කරනවාද?

 ඇල්බර්ට් අයින්ස්ටයින් දෙවියන් වහන්සේව විශ්වාස කරනවාද?


1922 දී අයින්ස්ටයින් බර්ලින් හි විශ්වවිද්‍යාලයේදී හමුවූ තම මිතුරියක හා ශිෂ්‍යාවකද වූ තරුණ එස්තර් සලාමන් සමඟ දිගු ගමනක් අතරතුර කතා කරමින් සිටියේය.ඇය, ඇයගේ සිහින හා අරමුණු ගැන කතා කරමින් සිටි අතර ඔහු, ඔහුගේ අදහස් කිහිපයක් ඇය සමඟ බෙදාහදා ගනිමින් සිටියේය.සංචාරයේදී හුවමාරු වූ සිතුවිලි අතර, අයින්ස්ටයින් විසින් ඇයට තමාගේ මූලික මඟ පෙන්වන බුද්ධිමය මූලධර්මය මෙලෙස විස්තර කර ඇත.අයින්ස්ටයින් පිළිබඳව සලාමන්ගේ මෙම මතකාවර්ජනය 1955 දී BBC හි "The Listener" සඟරාව මඟින් පළකර තිබූ අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 1956 දී ඇයගේ "The Fertile Plain" දෙවන නවකතාවේ සදහන් කර තිබුණි.ඊට අමතර මූලාශ්‍රයක් ලෙස ඇලිස් කැලප්රිස්ගේ "Albert Einstein: A Biography" ග්‍රන්ථයෙන් ( ,202 ) උපුටා දැක්වීමට හැකිය.