BLANTERORBITv101

මාටින් ලුතර් විසින් ප්‍රතික්ෂේප කරන ලද "ශුද්ධිකාගිනිස්ථානය"

මාටින් ලුතර් විසින් ප්‍රතික්ෂේප කරන ලද "ශුද්ධිකාගිනිස්ථානය"


 45 එහෙත් භක්තිමත් ලෙස මෙලොවින් තුරන් වන අයට වෙන් කර තිබෙන අනගි විපාකය ගැන ඔහු කල්පනා කෙළේ නම්, ඒ සිතිවිල්ල ශුද්ධ වූ ද බැතිමත් වූ ද එකකි. ඔවුන් විසින් මළවුන් උදෙසා පූජාවක් ඔප්පු කරනු ලැබීමට ඔහු කටයුතු සැලැස්වූයේ ඒ නිසා ය. මන්ද, එවිට ඔවුන්ගේ පාපවලින් ඔවුන් නිදහස් වන බැවිනි.
          ( 2 මකබ් 12:45 )

4 සමිඳාණන් වහන්සේ ස්වකීය බලයෙන් සියොන්හි ස්ත්‍රීන් විනිශ්චයකර, පිරිසිදුකර ජෙරුසලමේ අපරාධය ද එහි වගුරුවනු ලැබූ ලේ ද සෝදා හරින සේක.
                   ( යෙසායා 4:4 )

11 මන්ද, දැනට ම දමා ඇති අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දැමීමට කිසිවෙකුට නුපුළුවන. ඒ අත්තිවාරම නම් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය.
12 මේ අත්තිවාරම මත ගොඩනැඟීමට යම් යම් අය යොදන්නේ රන්, රිදී, අගනා මැණික්, දැව, තෘණ හෝ පිදුරු නම්,
13 ඔවුන්ගේ කර්මාන්තයේ තත්ත්වය, හෙළිදරව් වන්නේ ය. ඒ දවස ගින්න සහිත ව උදා වේ. ඒ ගින්නෙන් ඒ ඒ කර්මාන්ත පරීක්ෂා කරනු ලැබීමෙන් ඒවායේ නියම ස්වාභාවය හෙළි වේ.
14 ඒ අත්තිවාරම මත ගොඩනඟන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම්, ඔහු විපාකයක් ලබයි.
15 යමෙකුගේ කර්මාන්තය දැවී යන්නේ නම් ඔහුට අලාභයක් සිදු වේ. එහෙත් ඔහු ගිනි මැදින් මිදී ආ කෙනෙකු මෙන් ගැළවෙනු ඇත. 
        ( 1 කොරින්ති 3:11-15 )

29 මන්ද, අපගේ දෙවියන් වහන්සේ වනාහි සියල්ල දවාලන ගින්නකි.
          ( හේබ්‍ර්ව් 12:29 )

19 එම ආත්මික ස්වභාවයෙන් උන් වහන්සේ ගොස් සිර ගෙයි සිටි ආත්මයන්ට ප්‍රකාශ කළ සේක.  
              ( 1 පේදුරු 3:19 )

25 ''ඔබේ විරුද්ධකාරයා සමඟ උසාවියට යන කල, මඟ දී ම ඉක්මනින් ඔහු හා සමගි වන්න; නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට භාර දෙන්නේ ය; නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; ඔබ ද හිරගෙයි දමනු ලබන්නෙහි ය.
26 සැබැවින් ම මම ඔබට කියමි, අන්තිම සතයට ම දඩය ගෙවන තෙක් ඔබ කිසි සේත් එයින් පිට වී නොයන්නෙහි ය.''
              ( මතෙව් 5:25-26 ) 

සාහිත පෙරේරා