BLANTERORBITv101

හතරවන සියවස

හතරවන සියවස


 අද අපි ඔබට පොරොන්දු වූ පරිදි කතෝලික සභා වරුණ exploring search history පිටුව ඔස්සේ ගෙන එන්නේ කතෝලික සභා ඉතිහාසයේ හතරවන සියවස පිළිබඳ සාරාංශනාත්මක හා සරල ඉදිරිපත් කිරීමකි. කතෝලික සභා ඉතිහාසය පිළිබඳ තුන්වන ලිපිය කියවීමට නොහැකි වූයේ නම් මේ ලින්ක් එකට පිවිස එම ලිපියද කියවිය හැක.

https://www.facebook.com/105883521627668/posts/109213817961305/
එබැවින් ඔබගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලනවා අපගේ ලිපි කියවන ලෙසට එමෙන්ම යාළුවො අතරෙ ෂෙයාර් කරන්න එමෙන්ම ඔබගේ ගැටලු සහ විවේචන ඉදිරිපත් කරන්න ඒවා අපට ඉදිරි ලිපි ලිවීම සඳහා දිරි ගැන්වීමක් වනු ඇත

හතරවන සියවස - කතෝලික සභා ඉතිහාසය

------------------------------------------------------
හතරවන සියවස තුළ සිදු වූ විශේෂ සිදුවීම්
ක්‍රි.ව 303 - දියොක්ලේෂියානූ අධිරාජ්‍යයා කිතුණුවන්ට පීඩා කිරීම
ක්‍රි.ව 313 - සම-අධිරාජ්‍යයන් වන කොන්ස්තන්තීනූ හා ලීෂිනියස් අධිරාජ්‍යයන් මඟින් මිලානෝ ආඥාව අත්සන් කළ අතර එමඟින් කිතුණුවන්ට පීඩා කිරීම අවසන් කරන ලදී
ක්‍රි.ව 320 - ශු.පාකෝමියස් තුමා විසින් ප්‍රථම වනවාසී පැවිදි ආරාමය ආරම්භ කරන ලද අතර ඒවා සෙනෝබිටික් ( Cenobitic ) පැවිදි ආරාම ලෙස හඳුන්වන ලදී
ක්‍රි.ව 324 - පළමුවන කොන්ස්තන්තීනූ අධිරාජ්‍යයා , රෝමයේ ඒකාධිපති පාලකයා බවට පත්වීම
ක්‍රි.ව 325 - පළමුවන නිසියානූ මන්ත්‍රණ සභාව කැඳවීම
ක්‍රි.ව 326 - පළමුවන සිල්වෙස්ටර් පාප්තුමන් විසින් සාන්ත පීතර බැසිලිකාව අභිෂේක කිරීම 
ක්‍රි.ව 337 - පළමුවන කොන්තන්තීනූ අධිරාජ්‍යයා විසින් කුරුසියේ එල්ලා මැරීමේ දඬුවම තහනම් කිරීම සහ එම වසරේ අග භාගයේ ඔහු මිය යාම
ක්‍රි.ව 340 - සභා ඉතිහාසයේ පියා වූ සිසේරියාවේ යූසේබියස් තුමා ගේ ද ( 263-340 ) සහ ප්‍රථම වනවාසී පැවිදිවරයා වූ තීබියහි පාවුළු තුමාගේ ද අභාවයයන් සිදු වීම
ක්‍රි.ව 350 - දෙවන කොන්ස්තන්තීනූ අධිරාජ්‍යයා , රෝමයේ ඒකාධිපති පාලකයා වූ අතර ඔහු විසින් ඒරියන්වාදය නැවතත් උද්දීපනය කරන ලදී
ක්‍රි.ව 380 - තියඩෝෂියස් අධිරාජ්‍යයා විසින් " ක්‍රිස්තියානි ධර්මය " රෝමයේ " රාජ්‍ය ආගම " බවට පත් කිරීම
ක්‍රි.ව 381 - කොන්ස්තන්තිනෝපල් මන්ත්‍රණ සභාව කැඳවීම
ක්‍රි.ව 386 - ජෙරුසලමේ සිරිල් තුමා විසින් කතෝලික සභා සම්ප්‍රදායයන් සම්පාදනය කිරීම
ක්‍රි.ව 397 - කාර්තේජ් ( Carthage ) මණ්ඩලය විසින් නව ගිවිසුමේ පොත් 27 , ශුද්ධ බයිබලය සඳහා අනුමත කිරීම

තුන්වන සියවසේ කැඳවනු ලැබූ මන්ත්‍රණ සභාවන්


පළමුවන නිසියානූ මන්ත්‍රණ සභාව

••••••••••••••
• කාලසීමාව      - ක්‍රි.ව 325 මැයි - ජූනි
• පාප්වහන්සේ  - I වන සිලෙස්ටර්       පාප්වහන්සේ
• කැඳවීම            - I වන  කොන්ස්තන්තීනූ     අධිරාජ්‍යයා
• ප්‍රකාශයන්        - නිසියානූ විස්වාස     ලක්ෂණය, 20 වන සභා නීතිය,    සයිනෝඩල් ( Synodal ) ලිපිය 
• තීරණ                 - ඒරියන් වේදභේදයට එරෙහි වීම, පාස්කු සම්මේලනය පිළිබඳ තීරණ, මිත්‍යාදෘෂ්ටිකයන් විසින් බෞතීස්මය ලැබීමේ වලංගුභාවය

පළමුවන කොන්තන්තිනෝපල් මන්ත්‍රණ සභාව

••••••••••••••••••••••
• කාලසීමාව      -  ක්‍රි.ව 381
• පාප්වහන්සේ  -  ශු. I වන දැමසස් පාප්වහන්සේ
• කැඳවීම            -  I වන තියඩෝෂියස් අධිරාජ්‍යයා
• ප්‍රකාශයන්        - වර්ෂ 381හි නිසියානූ විශ්වාස ලක්ෂණය, 7 වන සභා නීතිය
• තීරණ                - ඒරියන්වාදයට එරෙහි වීම, අත්‍රිත්විකවාදයට විරුද්ධව කරුණු දැක්වීම , ශුද්ධාත්මයාණන් වහන්සේගේ භවත්වය

මෙකළ ඇති වූ වේදභේදයන්

•••••••••••••••

ඒරියන්වාදය ( Arianism )

°°°°°°°°°°°
ඒරියන්වාදය යනූ , පියාණන් වහන්සේ හා පුත්‍ර‍යාණන් වහන්සේ සම-සදාකාලික නොවන බවත් පුත්‍රයාණන් වහන්සේ , පියාණන් වහන්සේ තුළින්ම පැමිණෙන එකම භවත්වය හෙවත් උන්වහන්සේගේ මනුෂ්‍යත්වය වන බවත් ( Incarnation ) පිළිනොගැනීමයි. මෙම වේදභේදයට පිළිතුරු වශයෙන් නිසියානූ මන්ත්‍රණ සභාව කැඳවා " නිසියානූ විශ්වාස ලක්ෂණය " සම්පාදනය කරන ලදී.

අත්‍රිත්විකවාදය ( Non-trinitarianism ) 

°°°°°°°°°°°°°°°°°
අත්‍රිත්විකවාදය යනූ , තැනැන්වහන්සේලා තුන්දෙනාම එකම භවත්වයක නොපිහිටන බවත් ශුද්ධාත්මයාණන් වහන්සේ , පියාණන් වහන්සේ හා පුත්‍රයාණන් වහන්සේ සමඟ සම-සදාකාලික වන බවත් නොපිළිගැනීමේ වාදයකි. කෙසේ වෙතත් , ක්‍රි.ව 381හි පැවති කොන්ස්තන්තිනෝපල් මන්ත්‍රණ සභාවේ දී , නිසියානූ විශ්වාස ලක්ෂණය නැවතත් සංශෝධනය කරමින් මෙම වාක්‍ය ඛණ්ඩය ඇතුළත් කර ත්‍රිත්විකවාදය ජනයාට ඒත්තුගන්වන ලදී , එනම්
 " පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් ද නික්මෙන සමිඳාණන් ද වන ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙහි ද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන් ද පුත්‍රයාණන් ද සමඟ එකම වන්දනාවත් මහිමයත් ලබන සේක " 
                    - 381 කොස්තන්තිනෝපල් සංශෝධනය - 

මෙකළ සිටි සුවිශේෂී චරිතයන්

•••••••••••••••

I වන කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා

°°°°°°°°°°°°°°°°°°
I වන කොන්ස්තන්තීනූ අධිරාජ්‍යයාගේ මව වූ ශු.හෙලේනා තුමියගේ මැදිහත් වීමෙන් මෙතුමා කතෝලික දහමට වඩාත් නැඹුරු වන ලදී. කතෝලිකයන්ට සිදු වූ පීඩන සමය අවසන් කරන ලද්දේ මෙතුමාය. එමෙන්ම ලිෂිනියස් අධිරාජ්‍යය අත්සන් කළ මිලානෝ ආඥාව තුළින් කතෝලික පීඩන සමය මෙන්ම කුරුසියේ දඬුවම් ක්‍රමය ද මෙතුමා විසින් තහනම් කරන ලදී. තවද සභාවේ දියුණුව උදෙසා බොහෝ සේවයන් මෙතුමා විසින් කරන ලදී.

මිලානෝ හි ශු. ඇම්බ්‍රෝස් තුමා

°°°°°°°°°°°°°°°°
මෙතුමා මිලානෝ නගරයේ සිටි ශ්‍රේෂ්ඨ රදගුරුතුමෙකි. ඒරියන්වාදයට එරෙහිව කටයුතු කළ අතර දේව ධර්ම විද්‍යාව පිළිබඳ හසළ දැනුමකින් යුත් අයෙක් විය. එමෙන්ම මරියවේදය පිළිබඳව විශේධ අධ්‍යයන කටයුතු සිදු කළ මෙතුමා ශේෂ්ඨ සභා ආචාර්යවරුන්ගෙන් අයෙකි. " ද ෆිඩේ " , " ද ස්පිරිතු සාන්තෝ " , " ද මිස්තෙරීස් " ඇතුළු ගීතිකා පොත් රාශියක් මෙතුමා අතින් සම්පාදනය විය.

ජේසුස් පිහිටයි.