BLANTERORBITv101

අපූරු කතාවක්

අපූරු කතාවක්


අරාබි කරයේ එක් ගමක විසූ අයෙක් ඒ ගමේ පවිටු ජීවිත රටාව ගැන කලකිරී ඈතින් තිබු ගුහාවකට නිරන්තරයෙන් ගොස් ඒ පිළිබඳ කල්පනා කරන්නට පෙළඹුණි. දිනක් එක්වරම ඔහු හමුවට ආ ජිබ්‍රියල් නම් දේව දූතයෙක් ඔහු දෙවියන් විසින් තෝරා ගනුලැබ ඇති බව පවසා ඔහුට කියන සැම ලිවීමට විදාන කළේය. ඉතින් හේ දිනපතා කළ කියවන විට ලිවීමෙන් කුරාණය ලැබුණු බව ඉස්ලාමීය විශ්වාසයයි.

කිසිසේත් අදාළ නොවන සේ පෙනෙන මේ කොටස මෙහි ලිව්වේ බොහෝ අය ශු. බයිබලය ගැනත් මේ ආකාරයෙන්ම සිතන නිසාය. ශුද්ධ බයිබලය වනාහි කිසිසේත් කියවන විට ලිවීමක් නොවන බව පළමුව අවබෝධ කරගත යුතුය.
බයිබලය රචනා වූයේ වසර දහස් ගණනක කාලයක් පුරාවටය. නමුත් ඊට පෙර දේව වචනය පැවතියේ කෙසේද ? එය පැහැදිලිවම ඊශ්‍රායල් ජනතාව ඉතිහාසය පුරාවට ලද අත්දැකීම් වල ප්‍රතිඵලයකි. වාචිකව සම්ප්‍රේෂණය කෙරුණු මේ දේව වචනය එක් පරපුරකින් තවත් පරපුරකට පවරා දෙනු ලැබීය. එසේ පවරා දීමේදි තමන් දෙවියන් පිළිබඳ ලද අත්දැකීම්ද ඊට මුසු කර ඇත.

මෙලෙස වාචිකව ආ දේව වචනය සලමොන් රාජ යුගයේ දී රචනා වීම ඇරඹිණි. මේ අනුව පැරණි ගිවිසුම යුගයෙන් යුගය විවිධ සංස්කරණයන්ට යටත්ව අද තිබෙන තත්ත්වයට පත්ව ඇත.

නමුත් අප අමතක නොකළ යුතු සත්‍ය නම් මේ සැම යුගයකම එකසේ ක්‍රියාත්මක වූ දේවානුභාවයයි. එමනිසා ලිඛිත දේව වචනයේ කර්තෘත්වය දෙවියන් වහන්සේටම පවරනු ලැබේ.

පැරණි ගිවිසුමේ පැරණිම ලේඛන ලෙස ජෝබ් කතාව සැලකේ. උත්පත්ති, නික්මයාම ආදි වශයෙන් අප දකින පිළිවෙළට එය ලියවී නොමැත. විප්‍රවාස අත්දැකීම් මත පදනම්ව උත්පත්ති කතා රචනා වූයේ පසුකාලීනවය. එහිදීත් උත්පත්ති 2/4 සිට ඇති මැවීම පිළිබඳ විස්තරය උත්පත්ති 1/1 සිට 2/4 දක්වා විස්තරයට වඩා පැරණි බව දත යුතුය. එසේම උත්පත්ති 1 සිට 11 දක්වා පරිච්ඡේද එකොළහ කිසිසේත් ඓතිහාසිකව අර්ථ නිරූපණය නොකළ යුතුය. මන්ද ඒ සියල්ල දේව ධාර්මික යථාර්ථයන් උගන්වන පිණිස සම්පාදනය වූ කතාන්දර බැවිනි.

 ඒ නිසා පහත කරුණු අපට ගැටලු නොවේ.

එනම්
1) දෙවියන් වහන්සේ මිනිසා මැව්වේ තම වචනයේ බලයෙන් ද නොහොත් පොළොවේ දූවිල්ලෙන් ද ?
2) ඒදන් උයන තිබුණේ කොහේද ?
3) කායින් විවාහ වූයේ කාසමගද ?
4) දඩුවමට ලක්වූ කායින් වෙනත් අයෙක් තමාව මරා දමාවි යැයි බිය වූයේ කෙසේද ? (ආදම් හා ඒව හැර වෙන අය සිටියේ නැත)
5) නෝවාගේ නැව සත්‍යයක් ද ?
මේ ආදී දේවල් දෙස අප බැලිය යුත්තේ එමගින් අපට දෙන පණිවිඩය කෙරෙහි යොමුවූ නෙත් ඇතිවය.

සටහන - මාධව ජයකොඩි..