BLANTERORBITv101

ජේසුතුමන්ගේ සහෝදරයෝ

ජේසුතුමන්ගේ සහෝදරයෝ


 බයිබලයේ  ජේසුතුමන්ගේ සහෝදරයෝ යනු මරියාවගේ කුසින්  උපන්  ජේසුගේ  එක කුස ඉපදුනු සහෝදරයන් යයි ඉගැන්වීමට  උත්සාහ  දරන  ඇතැම් මූලධර්මවාදී පිරිස්  සිටී..

There are about ten instances in the New Testament where “brothers” and “sisters” of the Lord are mentioned (Matt. 12:46;13:55; Mark 3:31–34; 6:3; Luke 8:19–20; John 2:12; 7:3, 5, 10; Acts 1:14; 1 Cor. 9:5).

මතෙව්  12 /46 ජේසුස්වහන්සේ සමූහයාට කතා කරමින් සිටිය දී ම උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ හා සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටියහ.47 එවිට එක් කෙනෙක් උන් වහන්සේට කතා කොට, ''බලන්න, ඔබේ මෑණියෝ ද සහෝදරයෝ ද ඔබ සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටිති''යි කී ය.

καὶ οἱ  αὐτοῦ εἱστήκεισαν
NAS: His mother and brothers were standing
ඉහත සඳහන් තැන්වල  සහෝදරයා  යන වචනයට ග්‍රීක්  පදය  "adelfos" (ඇඩොල්පෝස්)  යන්නයි.
ජුවාම් 20/17

ජේසුස් වහන්සේ කතා කොට, ''මා අල්ලන්නට එපා; මන්ද, මම තව ම පියාණන් වහන්සේ වෙතට නොනැංගෙමි. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙතට ගොස්, 'මම, මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේ ද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේ ද වෙතට නඟින්නෙමි'යි ඔවුන්ට කියන්නැ''යි වදාළ සේක.

πρὸς τοὺς  μου καὶ
NAS: but go to My brethren and say.
මෙහිදී   ජේසුගේ  සහෝදරයන් ලෙස  පෙන්වා  ඇත්තේ  ශ්‍රාවකයන්ය.නමුත් ග්‍රීක  වචනය ඇඩොල්පෝස් ය.
20/18

මග්දලායේ මරියා ශ්‍රාවකයන් වෙතට ගොස්, ''මම ජේසුස් වහන්සේ දිටිමි''යි කියා ද, මේ දේවල් උන් වහන්සේ ඈට වදාළ බව ද, ඔවුන්ට දැන්වූවා ය.

 ක්‍රියා1/15, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය:16 ''සහෝදරවරුනි, ජේසුස් වහන්සේ අල්ලාගත් අයට මඟ පෙන්වා දුන් ජූදස් ගැන ශුද්ධාත්මයාණන් වහන්සේ දාවිත්ගේ මුඛයෙන් ප්‍රකාශ කළ ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ විය යුතු ව තිබිණි.17 
ක්‍රියා 1/15

μέσῳ τῶν  εἶπεν ἦν
NAS: up in the midst of the brethren (a gathering

මෙහිදී  පේදුරු  120 දෙනෙක් අමතන්නේ සහෝදරයන් යන වචනයෙනි.මෙහිද ග්‍රීක  පදය ඇඩොල්පෝස් ය
මේ අනුව මතේව් 12/46 ඇඩොල්පෝස් යන ග්‍රීක  පදයෙන්  හඳුන්වනු ලබන සහෝදරයන්  ජේසුතුමන්ගේ එක කුස  ඉපදුනු සහෝදරයන්  ලෙස  පෙන්වන්නට යමෙක්  උත්සාහ  දරන්නේ  නම් ජුවාම් 20/17  සහෝදරයනුත් හා ක්‍රියා 1/15 හි 120 දෙනාද මරියාවගේ කුසෙන් ඉපදුන  දරැවන් ද? ඊට හේතුව  මේ  සැම තැනම එකම ග්‍රීක පදයක්( ඇඩොල්පෝස් -adelfos-ἀδελφῶν) කරනු ලබන  නිසාය.එම නිසා  සහෝදරයා  යන වචනය සිංහලෙන් යොදා  තිබුනත්  එය එක කුස උපන්  අයට පමණක්  යොදන පදයක්  නොවන නිසාය. මේවා  තේරුම්  ගැනීමට  මුල් භාෂාව වල keywords අධ්‍යයනයක්  වත් අවම වශයෙන්  කල යුතුය. එසේ  නොකොට සිංහලෙන්  පමනක්  කියවා තේරුම්  ගෙන බයිබල්  විශාරදයන්  ලෙස පෙනී  සීටීමට උත්සාහ කිරීමෙන්  වලකින ලෙස මූලධර්මවාදී  කන්ඩායම්  වලට මතක්  කර දීමට  කැමැත්තෙමු. අසරණ  පාඨකයින්ට ද මූලාශ්‍ර  විග්‍රහයකීන් තොරව මෙම  කරුණු  පිළිගැනීමෙන්  වලකින ලෙසද ඉල්ලා  සිටිමු.