BLANTERORBITv101

The Didache

The Didache 

කතෝලික සභාව 4 වන සියවසේදී බයිබලය සම්පාදනය කිරීමට පෙර මුල් කිතුණු සභාව තුල ධර්මෝපදේශයක් ලෙස භාවිත වූ අත් පොත නොහොත් ලේඛනය ලෙස ඩිඩාකේ ලේඛනය භාවිත විය.එය ඇතැම් මුල් කිතුණු සභා නායකයන් "අපෝස්තුලුවරයන්ගෙ ඉගැන්වීම් පොත " ලෙසම කිහිප වරක් සදහන් කර ඇත.ඩිඩාකේ ග්‍රන්ථය මගින් වර්තමාන කතෝලික සභාවේ ඉගැන්වීම් මුල් කිතුණු සභාව තුලද තිබූ බවට තහවුරු කරන හෙයින් බොහෝ මූලධර්මවාදී කණ්ඩායම් එහි නිරවද්‍යතාව ගැන ප්‍රශ්න කිරීමට යොමුව ඇත.

The Didache (/ ˈdɪdəkeɪ, -ki/ ; Greek:
Διδαχή, translit. Didakhé, lit. 'Teaching').ඩිඩාකේ ග්‍රන්ථය නිර්නාමික ග්‍රන්තයක් වන අතර බොහෝ විශාරද මතය අනුව එය අපෝස්තුලුවරයන් ලගින් ඇසුරු කළ අපෝස්තලික පියවරුන් රචිත ලේඛනයක් ලෙස පොදුවේ පිළිගැනේ.Mainline Scholar වරුන්ට අනුව ඩිඩාකේ ග්‍රන්ථය ක්‍රිව පළමු සියවසට කාල නිර්ණය කළ හැක.(50-80AD)

Eusebius නම් මුල් කිතුණු සභා ඉතිහාසඥයා මෙය බයිබලයට අදාල නොවන පොත් ලැයිස්තුව තුල අපෝස්තුලුවරයන්ගෙ ඉගැන්වීම් පොත ලෙසනම් කරමින් සදහන් කර ඇත.

"Let there be placed among the spurious works the Acts of Paul , the so-called
Shepherd and the Apocalypse of Peter, and besides these the Epistle of Barnabas, and what are called the Teachings of the Apostles, and also the Apocalypse of John , if this be thought proper; for as I wrote before, some reject it, and others place it in the canon."

අනසාසියුස් තුමා හා රුෆීනියස් මුනිතුමා බයිබලයට අදාල නොවන පොත් ලැයිස්තුව (apocrypha) තුල මෙය අඩංගු කර ඇති අතර දමස්කස් හී ජෝන් තුමා හා ඉතියෝපියානු ඕර්තඩොක්ස් සභාව මෙය බයිබලයට අදාල ග්‍රන්ථයක් ලෙස සැලකිය.මෙයින් පෙනීයන්නෙ මෙම ග්‍රන්ථය සදහා මුල් කිතුණු සභාව තුල වැදගත් තැනක් හිමිවූ බවයි.

බරනබස් තුමාගේ ලිපි , ඔරිගන් තුමාගේ ලිපි , පොලිකාප් තුමාගේ ලිපි , අන්තියෝකයේ ඉග්නේෂස් තුමාගෙ ලිපි , ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් තුමාගේ ලිපි සදහා ඩිඩාකේ ග්‍රන්ථය භාවිත කළ බවට දැකගත හැක.

විශේෂම කාරණය වන්නේ වර්තමාන බයිබල් විශාරදයින් අනුව ඩිඩාකේ ග්‍රන්ථය හා මතෙව් සුභාරංචිය අතර අන්තර්ගතය හා භාශා ශෛලිය අතින් සමාන වන බවයි.මතෙව් සුභාරංචි කතෲ තුමා ඩිඩාකේ ග්‍රන්ථය භාවිත කළාද නැතහොත් ඩිඩාකේ රචකයන් මතෙව් සුභාරංචිය භාවිත කළද යන්න හරි මතයක් තවම නැත..

එමෙන්ම වර්තමාන ප්‍රොතෙස්තන්ත දේශකයන් බොහෝ දෙනෙකුම කතෝලික සභාව වෙත පැමිණීමට ඩිඩාකේ ග්‍රන්ථය මග පෑදූ බව ඔවුන්ගේ දේශනාවලදී ඔවුන් පුන පුනා සදහන් කරයි..