BLANTERORBITv101

ඔබත් ඉවත්ව යන්නට සිතන්නහුද?" ( ජොහාන් 6:67 )

 ඔබත් ඉවත්ව යන්නට සිතන්නහුද?" ( ජොහාන් 6:67 )

බොහෝ කතෝලිකයන් සභාව හැර යන්නේ "දිව්ය සත්ප්රසාද වහන්සේ" පිළිබදව හරි ආකාර අවබෝධයක් නොමැතිකම නිසාවෙනි."දිව්ය සත්ප්රසාද වහන්සේ" යනු සැබවින්ම ජේසුස් වහන්සේගේ "මාංශය සහ රුධීරයයි."
49 ඔබේ පියවරු කාන්තාරයේ දී මන්නා කෑහ; එහෙත් ඔව්හු මියගියහ.
50 මෙය වනාහි, ස්වර්ගයෙන් බැස එන ආහාරය බැවින් එයින් පෝෂණය වන කිසිදු මිනිසෙක් නො මැරෙන්නේ ය.
51 ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය''යි වදාළ සේක.
( ජොහාන් 6:49-51 )
නමුත් මෙම ප්රකාශය පිළිබදව "කපර්ණාහුමේ ධර්මශාලාවේ" සිටි බොහෝ ජුදා ජාතිකයන් හට අවබෝධයක් නොවීය.
52 එවිට ජුදෙව්වරු ඔවුනොවුන් අතර විවාද කරමින්, ''මේ මිනිසා, ඔහුගේ මාංසය අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේ දැ''යි කී හ
( ජොහාන් 6:52 )
නමුත් ඒ අවස්ථාවේදී නැවත නැවතත් ක්රිස්තුන් වහන්සේ පුන පුනා මෙම ප්රකාශය තහවුරු කරනු ලබන්නේ උන්වහන්සේගේ මාංශයේ සහ රුධීරයේ ඇති වැදගත්කම නිසා නොවේද?
53 එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූ සේක: ''ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මනුෂ්ය-පුත්රයාණන්ගේ මාංසය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත.
54 යමෙක් මාගේ මාංසය අනුභව කරන්නේ ද, මාගේ රුධිරය පානය කරන්නේ ද, ඔහුට සදාතන ජීවනය ඇත. තවද, මම ඔහු අන්තිම දවසේ දී උත්ථාන කරන්නෙමි.
55 මන්ද, මාගේ මාංසය සැබෑ ආහාරය වේ; මාගේ රුධිරය සැබෑ පානය වේ.
( ජොහාන් 6:53-55 )
මෙහිදි ජුදා ජාතිකයන් හට පමණක් නොව ඔවුන්ගෙන් ක්රිස්තුන් වහන්සේ අදහාගෙන සිටි ජුදා ජාතිකයන්ටත් මෙය අදහා ගත නොහැකි ප්රකාශයක් වූවා පමණක් නොව එවක් පටන් බොහෝ ශ්රාවකයන් උන්වහන්සේ හැර ගිය බවට "ශුද්ධ ලියවිල්ල" සාක්ෂි දරයි.
60 එය ඇසූ විට, උන් වහන්සේගේ ශ්රාවකයෝ බොහෝ දෙනෙක් ''මෙය දරාගන්නට බැරි කීමකි, එතුමාණන්ට සවන් දී සිටිය හැක්කේ කාට දැ''යි තමන් අතරේ කතා කරගත්හ.
66 මේ නිසා එවක් පටන් උන් වහන්සේගේ ශ්රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී, තවත් උන් වහන්සේ අනුව නොගියහ.
( ජොහාන් 6:60-66 )
අවසානයේදී එහි ඉතිරි වන්නේ උන්වහන්සේගේ ශ්රාවකයන් දොළොස් දෙනා පමණකි.ඔබත් ඉවත්ව යන්නට සිතන්නොහුද?" දැයි ජේසුස් වහන්සේ ඔවුන් ගෙන් ප්රශ්ණ කරනු ලබයි.
67 ජේසුස් වහන්සේ දොළොස් දෙනා අමතා, ''ඔබත් ඉවත් ව යන්නට සිතන්නහු දැ''යි ඇසූ සේක.
( ජොහාන් 6:67 )
මෙහිදී විශේෂත්වය වන්නේ උන්වහන්සේ හැර ගිය කිසිවෙකුට නැවතත් පැමිණීමට උන්වහන්සේ විසින් ආරාධනා නොකිරීමයි.ඒ නිසා එය සැබවින්ම උන්වහන්සේගේ මාංශය සහ රුධීරයම වන බව උන්වහන්සේ නැවත වරක් තහවුරු කර ඇත.එමෙන්ම ජේසුස් වහන්සේ තමන්ගේ "සභාවේ නායකත්වය" සදහා තෝරා ගත් පේදුරු තුමන් විසින් මෙහිදී ප්රකාශ කරනු ලබන්නේ,
68 "සීමොන් පේදුරු පිළිතුරු දෙමින්, ''ස්වාමීනි, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය."යනුවෙනි.
( ජොහාන් 6:68 )
මේ නිසාවෙන් එදා කපර්ණාහුමේ ධර්මශාලාවේ සිටි ජුදා ජාතිකයන් හටත්, උන් වහන්සේගේ ශ්රාවකයන් බොහෝ දෙනෙකුටත් නොතේරුණු මෙම සතය්යතාවය අද සමාජය තුළ මූලධර්මවාදීන් හට අවබෝධ නොවීම පිළිබදව අප කිසිසේත් පුදුම විය යුතු නැත.මන්ද මුල් සභාවේ සිටම කිතුනු විශ්වාසයේ "කේන්ද්රස්ථානය" වුයේ "දිව්ය සත්ප්රසාද වහන්සේ" බව ඔවුනට අවබෝධයක් නොමැත.
23 මා ඔබට ඉගැන් වූ මේ පිළිවෙත ම "සමිඳාණන් වහන්සේගෙන් ම ලැබුවෙමි." එනම්, ස්වාමීන් වන ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්රියේ දී රොටියක් රැගෙන,
24 ස්තුති කොට, කඩා: ''මෙය ඔබ උදෙසා දෙන "මාගේ ශරීරය ය. මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ''යි වදාළ සේක."
25 එලෙස ම රාත්රි කෑමෙන් පසු කුසලාන ද රැගෙන: ''මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටුවන නව ගිවිසුම ය. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නහු ද, එපමණ වර මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ''යි වදාළ සේක.
26 ඔබ යම් පමණ වර මේ රොටි අනුභව කරන්නහු ද, මේ කුසලානෙන් පානය කරන්නහු ද, එපමණ වර සමිඳාණන් වහන්සේ වඩින තුරු, ඔබ උන් වහන්සේගේ මරණය ප්රකාශ කරන්නහු ය.
( 1 කොරින්ති 11:24-26 )
පාවුළු තුමන් මුල් සභාව තුළ විශ්වාසයේ "කේන්ද්රස්ථානය" වු "දිව්ය සත්ප්රසාදීය" පිලිවෙත වු "දිව්ය පුජාව" පිළිබදව පැහැදිලි කරන්නේ ඒ ආකාරයටයි.මේ නිසාවෙන් මුල් සභාවේ තිබු එම ඇදහිල්ල අදටත් ආරක්ෂා වන්නේ "අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාව තුළම පමණක් වේ."මේ නිසා සෑම දිව්ය පුජා යාගයකටම සහභාගී වෙමින් ජීවමාන ක්රිස්තුන් වහන්සේගේ ශ්රී ශරීරය සහ ශ්රී රුධීරයෙන් පෝෂණය වීමට ලැබීම කතෝලික අප සැම පමණක්ම ලබන මහගු වරප්රසාදයකි.
56 මාගේ මාංසය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේ ය; මම ද ඔහු තුළ ජීවත් වන්නෙමි.
( ජොහාන් 6:56 )
ලොව පුරා මෙතෙක් සිදුව ඇති දිව්ය සත්ප්රසාද ප්රාථිහාර්ය තුළින්ද ශ්රී පූපය තුළ ක්රිස්තුන් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම විද්යාත්මකවද සනාථ වී ඇත.
ඉන් පලමු වැන්න වාර්තා වන්නේ ක්රි:ව 7 වන සියවසේදී "ඉතාලියේ ලංචානෝ" නුවර ශු.ලෙගොන්ශියන් මුනිතුමන්ට කැප වු දෙව්මැදුර තුළදීය.එම දෙව් මැදුරේ සේවය කරනු ලැබු තාපස පියතුමෙකු විසින් "දිව්ය රහස් කරන" අවස්ථාවේදී ශ්රී පූපය ක්රිස්තුස් වහන්සේගේ "මාංශයට" හැරීමත් මිදියුස උන්වහන්සේගේ "ශ්රී රුධීරය" බවට හැරීමත් සැක කරන ලදී.දිනක් එම පියතුමන් දිව්ය පුජාව අවස්ථාවේදී "දිව්ය රහස්" කරන අවස්ථාවේදී පූපය මස් කැබැල්ලක් බවටත් මිදියුස රුධීරය බවටත් පත් වන බව දිටීය.එම මස් කැබැල්ල හා රුධීරය ලන්චියානෝ නුවර විශේෂ දිව්ය සත්ප්රසාද කරඩුවක තැන්පත් කරන ලදී.
ක්රි:ව 1574 දී සහ 1970 දී මෙම මස් කැබැල්ල සහ රුධීරය පිළිබදව විද්යාත්මක පරීක්ෂණ සිදු කරන ලදී.මෙහිදී අණාවරණය වුයේ එම මස් කැබැල්ල මිනිස් හදවතක කොටසක් බවත් රුධීරය AB positive රුධීර වර්ගයට අයත් බවයි.ශතවර්ෂ 12 කට අධික කාලයක් පාරිසරික සාධක වලට නිරාවරණව පැවතුනද මෙම මස් කැබැල්ල සහ රුධීරය නරක් වී නොතිබීම පුදුම සහගතය.තවද ශරීරයෙන් ඉවතට ගත් විට රුධීරයේ ඇති ඛණිජ ලවණ සහ ප්රෝටීන පවතින්නේ සුළු කාලයක් වුවද මෙහි ඇති ප්රෝටීන සහ ඛණිජ ලවණ අදටත් ඉවත් නොවී පවතී.ක්රි:ව 1978 නාසා ආයතනය "ටියුරින් හී ශ්රී සළුව" පිළිබදව සිදු කල විද්යාත්මක පරීක්ෂණයේදී සනාථ වුයේ එහි අඩංගු වන රුධීරයද AB positive වර්ගයට අයත් වන බවයි.ලොව එතෙක් මෙතෙක් සිදුව ඇති දිව්ය සත්ප්රසාද ප්රාථිහාර්යයන් හී රුධීර වර්ගය AB Positive වීමද විශ්මය ජනක වේ.
මීට අමතරව ක්රි:ව 2001:4:28 ඉන්දියාවේ "චිරත්තක්කෝනම්" හී සිදුවූ දිව්ය සත්ප්රසාද ප්රාථිහාර්ය,2006:10:28 මෙක්සිකෝවේ "ටික්ස්ලා" නුවර සිදු වු දිව්ය සත්ප්රසාද ප්රාථිහාර්ය, 2008:10:12 පෝලන්තයේ "සොකොල්කා" හී දිව්ය සත්ප්රසාද ප්රාථිහාර්ය සහ 2013:12:25 දින පෝලන්තයේ "ලෙගින්කා" හී සිදු වු දිව්ය සත්ප්රසාද ප්රාථිහාර්ය මෑත භාගයේ සිදු වු "දිව්ය සත්ප්රසාද ප්රාථිහාර්යයන්" කිහිපයකි.මෙම ප්රාථිහාර්යන් සියල්ල කතෝලික ඇදහිල්ල තහවුරු කරනු ලැබූවද ජීවමාන ක්රිස්තුන් වහන්සේ අදහා ගැනීම සදහා කිසි විටකත් "විද්යාත්මක සාධක" අපට අවශ්ය නොවන බවද සදහන් කල යුතුමය.
සතුට යනු කතෝලිකයකු වීමයි

සාහිත පෙරේරා