BLANTERORBITv101

මුලධර්මවාදීන් ශුද්ධ ලියවිල්ල තුළින් හදුනාගැනීමට ශුද්ධ ලියවිලි පාඨ

කතෝලිකයනි මුලානොවන්න.💡 

🔥ක්‍රිස්තුන් වහන්සේ විසින් "අවසාන කාලයේ පෙර ලකුණු" සදහන් කරන විට විශේෂයෙන් මොවුන් ගැන සදහන් කරනු ලබනවා.එමෙන්ම මොවුන්ගේ ඉගැන්වීම් අපෝස්තුළුවරුන් පැවත එන විශ්වාසයට සම්පුර්ණයෙන් පටහැනි.

• ඔවුන්ගේ දුර්මත 12 කට පිළිතුරු

1-👉මොවුන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ප්‍රතික්ෂේප කරයි.( ජොහාන් 6 )

2- 👉මොවුන් දිව්‍ය පුජාව ප්‍රතික්ෂේප කරයි.( ලුක් 22:19 )

3- 👉මොවුන් සභා සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරයි. ( 2 කොරින්ති 1:13 )

4-👉 මොවුන් මරිය තුමියගේ දේව මාතෘත්වය ප්‍රතික්ෂේප කරයි.( ලුක් 1:43 )

5- 👉මොවුන් විසින් සභා නායකත්වය ප්‍රතික්ෂේප කරයි. 

  ( මතෙව් 16:18 )

6- 👉ඇදහිල්ලෙන් පමණක් ගැලවීම ලැබේ යයි ප්‍රකාශ කරයි. ( ජාකොබ් 2:14-17 )

7-👉 සබත සත්වන දින බව ප්‍රකාශ කරයි( ක්‍රියා 20:7 )

8- 👉පියතුමා ලෙස ආමන්ත්‍රණය කිරීම ප්‍රතික්ෂේප කරයි. ( 1 කොරින්ති 4:13 )

9- 👉කතෝලිකයෝ රූපවන්දනා කරුවන් බව ප්‍රකාශ කරන නමුදු රූප වන්දනාව යනු කුමක්දැයි ඇසුවොත් පිළිතුරු නොදෙයි.

    ( ජෝශුවා 7:6 )

10- 👉සාන්තුවරයන් ට ගෞරව කිරීම සහ ඔවුන්ගේ ජීවිතාදර්ශය ප්‍රතික්ෂේප කරයි.

  ( රෝම 13:7, 1 කොරින්ති 11:1 )

11-👉සාන්තුවරයන්ගේ මැදහත් භාවය ප්‍රතික්ෂේප කරයි.

        ( එලිදරව්ව 5:8 )

12-👉රෝමය මහා බබිලෝනිය බව  ප්‍රකාශ කරයි.

        ( 1 පේදුරු 5:13) 

♦️මුලධර්මවාදීන් පිලිබදව ඉගැන්වීම්

1- 👉📕23 එකල, 'බලන්න, ක්‍රිස්තුන් වහන්සේ මෙන්න, මෙතැන ය' නැත්නම් 'අන්න, අතන ය'යි යමෙකු ඔබට කීවොත් විශ්වාස නොකරන්න.

📕24 කුමක්නිසා ද ව්‍යාජ ක්‍රිස්තුවරයන් ද ව්‍යාජ දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත්තවුන් පවා මුළා කරන ලෙස ලකුණු හා අරුමපුදුම දේ දක්වනු ඇත.

         ( මතෙව් 24:23-24 )

2-👉📕22 මක්නිසා ද බොරු ක්‍රිස්තුවරයන් ද බොරු දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත් අය මුළා කරන පිණිස හාස්කම් හා අරුමපුදුම දේ දක්වනු ඇත.

📕23 එහෙත් සෝදිසියෙන් සිටින්න! මම කල් තියා සියල්ල ඔබට කීවෙමි.''

           ( මාක් 13:22-23 )

3-👉📕8 උන් වහන්සේ කතා කොට, ''මුළා නොවෙන්ට බලාගන්න; කුමක් නිසා ද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වී 'ඒ මම ය, නියමිත මොහොත පැමිණ ඇතැ'යි කියන්නෝ ය; ඔවුන් අනුව නොයන්න.

               ( ලුක් 21:8 )

4-👉📕17 ප්‍රේමවන්තයෙනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ප්‍රේරිතයන් ලවා පැවසූ මේ වචන සිහි කරන්න:

📕18 ''අන්තිම දවස්වල දී, ආගමට ගරහමින් තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන අය පැමිණෙනු ඇතැ''යි ඔව්හු කී හ.

📕19 ආත්මයාණන් නැති ව, මාංසික ව සිටින මොවුහු භේද උපදවන්නෝ ය.

               ( ජුද් 1:17-19 )

5-👉📕1 පෙර කාලයේ ජනතාව අතර බොරු දිවැසිවරුන් පහළ වූවාක් මෙන් ඔබ අතර බොරු ගුරුවරුන් පහළ වනු ඇත. ඔව්හු විනාශකාරී අසත්‍ය ධර්ම උපදවමින්, තමන් මිදූ සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින්, තමන් පිට හදිසි විනාශය පමුණුවාගන්නො‍් ය.

📕2 බොහෝ දෙනෙක් ඔවුන්ගේ දුරාචාරය අනුගමනය කරන්නෝ ය. ඔවුන් නිසා සත්‍ය මාර්ගය අපකීර්තියට පැමිණෙනු ඇත.

📕3 ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.

            ( 2 පේදුරු 2:1-3 )


✍️සාහිත පෙරේරා 


සතුට යනු කතෝලිකයකු වීමයි!