• කතෝලික සභා ධර්මෝපදේශයේ 841 වන පරිච්ඡේදය තුළ මෙලෙස සදහන් වේ ;
" මැවුම්කාරයාණන් පිළිගන්නා සෑම දෙනා ද, ගැළවීමේ සැලැස්මට අයත් වූවෝ වෙති. මුස්ලිම් ආගමිකයන්ට එහි දි මුල්තැන හිමිවෙයි. ඔව්හු ආබ්රහම් තුමාගේ විශ්වාසය පිළිගන්නා අතර ලෝකාන්තයේ දී මනුෂ්ය වර්ගයා විනිශ්චය සඳහා පැමිණෙන සානුකම්පිත වූ, එක ම දෙවි තුමන්ට වන්දනා කරති. "
(#CCC 841)
• කතෝලික සභා ධර්මෝපදේශය අනුව ආබ්රහම් තුමාගේ විශ්වාසය හා එකම මැවුම්කරුවානන්ව පිළිගන්නා ඉස්ලාම් වරුන්ට ගැලවීමේ ක්රියාවලිය තුළ අන්ය ආගමිකයන්ට වඩා මුල් තැනක් හිමිවෙන බවයි.නමුත් ඉස්ලාම් වරුන්ට ගැලවීම ඇත යන්න කතෝලික සභා ධර්මෝපදේශය සදහන් නොකරයි.
මන්ද ශුද්ධ බයිබලයේ මෙසේ සදහන් වේ ;
" ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය. "ශුද්ධවර ජොහන් 14:6 NRSV
• ජේසුස් වහන්සේ පමණයි එකම ගැලවීම.එමනිසා කතෝලික සභා ධර්මෝපදේශය තුළ අදහස් කර ඇත්තේ ඉස්ලාම්වරුන් ගැලවීමේ ක්රියාව තුළ කිතුනුවන්ට පසුව මුල් තැන හිමි වෙන බවයි.ජුදෙව්වන්ට ගැලවීම ලැබෙනවා මෙන්ම ඔවුන්ටද ගැලවීමේ ක්රියාව තුළ ඉහල ස්ථානයක් හමුවිය හැක.මන්ද ඔවුනුත් ආබ්රහම් තුමාගේ විශ්වාසය හා මැවුම්කරුවානන්ව පිළිගන්නා ජන කොටසක් වීමයි.ඉස්ලාම් වරුන්ට ගැලවීම ලැබීම නොලැබීම හුදෙක්ම දෙවියන් වහන්සේගේ කැමැත්තයි.
• ආබ්රහම් තුමාගේ විශ්වාසය කුමක්ද යන්න කතෝලික සභා ධර්මෝපදේශය මෙලෙස සදහන් කරයි ;
" විසිරී ගිය මිනිස් සංහතිය නැවත ඒකරාශි කරනු පිණිස දෙවියන් වහන්සේ ආබ්රම්ට තම ගෘහය ද අත් හැර දමා එන්නට හඬ ගැසූ සේක. තව ද එසේ හඬ ගසන ලද ඔහුට " විවිධ ජාතීන්ගේ පියා'' '' යන අරුත ඇති ආබ්රහම් යන නම ප්රදානය කළ සේක. "ඔබ තුළ සියලු ජාතීන් ආශීර්වාද කරනු ලබනවා ඇත.60 දෙවියන් වහන්සේ සියලුම දරුවන් සභාව තුළ එක්සත් කරනු ලබන දවසට සූදානම් කරනු පිණිස, තෝරාගනු ලැබූ ජනතාව ද ආදි පිතෘවරුන් ද කැඳවා ඇත. මෙම කැඳවීමේ භාරකාරත්වය පවරා ඇත්තේ, ආබ්රහම්ගෙත් පැවත එන්නන්ට ය.අන්ය ජාතීන් විසින් විශ්වාසය පිළිගත් විට, ඔවුන් බද්ධ කරනු ලබන්නේ මේ මුල් කඳට ය."(#CCC 59 - 60 )
ඉස්ලාම් වරුන් හා කිතුණුවන් වන්දනාමාන කරන්නේ එකම දෙවියන්වද ️
දෙවන වතිකානු මන්ත්රණ සභාව තුළ මෙලෙස එය පිළිබදව සදහන් කරයි ;
The Church regards with esteem also the Moslems. They adore the one God, living and subsisting in Himself; merciful and all-powerful, the Creator of heaven and earth, who has spoken to men; they take pains to submit wholeheartedly to even his inscrutable decrees, just as Abraham, with whom the faith of Islam takes pleasure in linking itself, submitted to God.( Vatican II’s Declaration on the Relation of the Church to Non-Christian Religions, Nostra Aetate, 3 )
• එය තුළ පැහැදිලිවම සදහන් වෙන්නේ කිතුණුවන් හා ඉස්ලාම්වරුන් අහසේ හා පොළොවේ එකම මැවුම්කරුවානන් වන ආබ්රහම් තුමාගේ දෙවියන්ව වන්දනාමාන කරන බවයි.ජුදෙව් දෙවියන් හා කිතුණු දෙවියන් සමාන වන ආකාරයටය.
අප වන්දනාමාන කරන්නේ මුස්ලිම් දෙවියන්වද ️
• කොහෙත්ම නැත.මන්ද ඉස්ලාම් දේව ධර්මය හා ක්රිස්තියානි දේව ධර්මය අතර විශාල පරස්පරතා ඇත.
• නමුත් කාටහරි ප්රශ්නයක් පැන නැගෙන්න පුළුවන් ලිපියේ මුලදී ක්රිස්තියානි දෙවියන් හා ඉස්ලාම් දෙවියන් එකම කෙනෙකු බව සදහන් වී ඇති බව ,
ඉස්ලාම් දෙවියන් හා ක්රිස්තියානි දෙවියන් එකම කෙනෙකු වන්නේ , ජුදෙව් දෙවියන් හා ක්රිස්තියානි දෙවියන් එකම කෙනෙකු වන ආකාරයටයි.දේව ධාර්මික පසුබිම තුළින් ආගම් තුනේ දෙවියන් තුන් ආකාරයකි.නමුත් ආගම් තුනම දරන්නේ ආබ්රහම් තුමාගේ විශ්වාසය බවයි පොදු මතය.ජුදෙව් දහම හා ක්රිස්තියානි දහම අතර සම්බන්ධය ඇති කෝණයෙන් ඉස්ලාම් දහම දෙසත් බැලුවොත් මෙය වටහා ගත හැක.
ඉස්ලාම් දෙවියන් හා ක්රිස්තියානි දෙවියන් අතර ඇති දේව ධාර්මික පරස්පරතා.
1.කාන්තාවන් පිරිමින්ට වඩා පහත් ය.( සුරාහ් 4 : 34 )
2.ඔවුන් ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ කුරුස යාගය හා උත්ථානය ප්රතික්ෂේප කරයි. ( සුරාහ් 4 : 157 - 159 )
3.ජේසුස් වහන්සේ දෙවියන් ලෙස සැලකීම අපහාසයකි. ( සුරාහ් 5 : 72 )
4.ජේසුස් වහන්සේ දේව පුත්රයාණන් නොවේ. ( සුරාහ් 19 : 35 , 10 : 68 )
5.මුස්ලිම්වරුන් හා එකග නොවන සියලු දෙනා සමග සටන් කිරීමට ඉස්ලාම් දෙවියන් අණ කර ඇත.
( සුරාහ් 9 : 29 )
මේ කෙටි දේව ධාර්මික වෙනස්කම් කිහිපයක් පමණයි.තව ඕනෑ තරම් ඇත.
සාරාංශය
• ආබ්රහම් තුමාගේ විශ්වාසය පිළිගන්නා ජුදෙව්වන් , කිතුණුවන් හා ඉස්ලාම්වරුන් වන්දනාමාන කරන්නේ ආබ්රහම් තුමන් වන්දනාමාන කළ එකම මැවුම්කාර දෙවියන් වහන්සේවය.නමුත් එකිනෙකා පිළිගන්නා දෙවියන් වහන්සේගේ ස්වභාවය හා දේව ධර්මය විශාල වශයෙන් වෙනස් ය.
0 Comments