මේ සියල්ල මැවූ දෙවියන් වහන්සේ , මෙම සියල්ලම පිටතින් සිටිය යුතුමය , එසේ නොවේ නම් ඔහු සර්වබලධාරී දෙවියන් වහන්සේ නොවේ , උදාහරණයක් ලෙස , ඔබ මෙම ලිපිය කියවීමට භාවිතා කරන ජංගම දුරකථනය නිර්මාණය කරන ලද තැනැත්තා , එය නිර්මාණය කරන්නේ , ජංගම දුරකථනය ඇතුළ ද සිට ද ? එසේත් නැති නම් ඔබ මාරුවන app මෘදුකාංගයක් , මෘදුකාංගයක් ගාණේ , නිර්මාපකයා එය ඇතුළත සිට වෙනස් කරයි ද ? නැත , එය , එසේ නොවේ . එසේ නම් , විශ්වය නිර්මාණය කරන ලද දෙවියන් වහන්සේ , විශ්වයෙන් පිටත සිටිය යුතුය , එතුමාණෝ විශ්වය අභිබවා යා යුතුය , එතුමාණෝ විශ්වය විනිවිද යා යුතුය , එනම් එතුමාණෝ පරමෝත්තමයාණෝය. එනම් මෙම සියල්ල නිර්මාණය කරන ලද දේව-ශක්ති සම්පන්නයාණෝ , ලෞකික ශරීරයකට යටත් නොවේ , එනම් , මා විශ්වාස කරන දෙවියන් වහන්සේ , කිසිදු සීමාවකට යටත් නොවේ . ඔබගේ මොළය , අහඹු ලෙස වසර බිලියන ගණනක් තිස්සේ නිපදවන අහඹු රසායනික ද්රව්යන්ගේ එකතුවක් නම් , ඔබේම සිතුවිලි හා ඔබේම ක්රියාවලියන් ඔබටම විශ්වාස කළ හැකි ද ? " ලෝකය මැවූ තැන් සිට, ඇසට නොපෙනෙන උන් වහන්සේගේ දිව්ය ලක්ෂණ වන උන් වහන්සේගේ සදාතන බල මහිමයත් දේවත්වයත් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි උන් වහන්සේගේ මැවිලිවලින් ප්රකාශ කර ඇත. එබැවින් ඔවුන්ගේ නිදහසට ඉදිරිපත් කළ හැකි කරුණු කිසිවක් නැත. " ( රෝම 1 : 20 ) සැබවින්ම, මම මේ ලිපිය ලිවිය යුතු නැත , මන්ද මා එකම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන බැවිනි , නමුත් ඔබ අදහාගන්න පිණිස අවසානයේ , මෙම බයිබල් පාඨය ඉදිරිපත් කර දක්වමි. ↑↑↑↑↑↑↑↑↑↑ මුදල බලය මත ආත්ම වාසියේ විසිතුරු රූ හැඩ ආත්ම මානයේ හදමින් දෙවිවරු වැඳුම් පිදුම් දී කොහේද අද මේ කොහේද යන්නේ ගිනිලව් පන්නා ඒ බොරු දෙවිවරු අමර සදාතන පරම පැවැත්මේ - සමිඳුන් අප සමඟයි ( කිතු දන පුබුදු ගීතිකා - 171 )
- ❦ ශවීන් මෙන්ඩිස් ❦ -
0 Comments