BLANTERORBITv101

බයිබලයේ තියෙන අදහස් එකිනෙකට ගැටෙනවද??

 බයිබලයේ තියෙන අදහස් එකිනෙකට ගැටෙනවද?? 


*බයිබලයේ තියෙන අදහස් කොහොමටවත් ගැටෙන්නේ නැහැ.....

 බයිබලයේ සමහර කොටස් ගැටෙනවා කියලා හැඟෙනවා නම් පහත තියෙන කරුණක් හෝ කරුණු කීපයක් අදාළ කරගෙන ඒ කොටස් නිවැරදිව තේරුම්ගන්න පුළුවන්.

1.  කොටසට අදාළ අවට පද කියවලා බලන්න. කවුරු හරි ලේඛකයෙක් ලියපු දේකින් යම් වචන කීපයක් විතරක් ගත්තොත් ඔහුගේ අදහස් එකිනෙකට ගැටෙනවා කියලා හිතෙන්න පුළුවන්.

2.  ලේඛකයා බලන කෝණය තේරුම්ගන්න. යම් සිද්ධියක් ඇසින් දුටු අය ඒ සිද්ධිය නිවැරදිව වාර්තා කළත් ඔවුන් හැම කෙනාම එකම වචන හෝ එකම තොරතුරු කියන්නේ නැහැ.

3.  ඓතිහාසික තොරතුරු සහ චාරිත්‍ර වාරිත්‍ර සලකලා බලන්න.

4.  යම් වචනයක් පාවිච්චි කරලා තියෙන්නේ ඒ වචනයේ අදහස ඒ විදිහටම ගන්නද නැත්නම් සංකේතමය අර්ථයක් දෙන්නද කියලා හඳුනගන්න.

5.  කෙනෙක් යම් දෙයක් කළා කියලා කියද්දී, එයාගේ මූලිකත්වය යටතේ වෙන අය ඒක කළා වෙන්නත් පුළුවන්. *

6.  නිවැරදි බයිබල් පරිවර්තනයක් පාවිච්චි කරන්න.

7.  වැරදි ආගමික ඉගැන්වීම් සමඟ බයිබලයේ අදහස් ගළපන්න උත්සාහ කිරීමෙන් වළකින්න.


නේහාන් දිනෙත්