මෙම ද්විතීයික සම්මත ග්‍රන්ථ අඩංගු වන්නේ පුරාණ ගිවිසුම තුළය. ක්‍රිස්තියානි සභාවන් අතර පුරාණ ගිවිසුමේ සම්මත ග්‍රන්ථාවලියේ වෙනස්කම් තිබුණ බව අප මුලින්ම තේරුම් ගත යුතුය . නමුත් 2006 වසරේ දී කතෝලික සභාව සමග අනෙකුත් පිළිගත් කිතුනු සභා එකගත්වයකට පැමිණියත් මූලධර්මවාදී සභා සහ ඇතැම් සමහර සභාවන් එම එකගත්වයට පැමිණ නොමැත. ඒ අතරිනුත් මූලධර්මවාදී සභා සිදු කරන්නේ එය විකෘති කිරීමයි. එය එසේ වන්නේ එම සභාවන් සම්මත යැයි පිළිගන්නා බයිබලීය පිටපත් ආශ්‍රිතයෙනි. එහෙත් කිව යුතු කරුණක් නම් "පුරාණ ගිවිසුමේ මුල්ම පිටපත් එකක්වත් නොමැති බව දැන ගත යුතුය. " මුල් පිටපත් ලෙස සමහරුන් සලකන්නේ පොදු සම්මතයක් අනුව ගැනෙන පිටපත් ය.
එම පිටපත් වර්ග තුනකි.
1) මැසොරෙටික් වර්ගයේ පිටපත්
2) සෙප්ටුවාජින්ත හෙවත් පැරණි ග්‍රීක් පිටපත්
3) මළ මුහුද ආශ්‍රිතව හමු වී ඇති කුම්රාන් පිටපත්
* මැසොරෙටික් පිටපත්
මැසොරෙටික් යන වචනය බිදී එන්නේ "මසොරි" නැමති ක්‍රි.ව 6 වෙනි ශත වර්ෂයේ සිට 12 වැනි ශතවර්ෂය දක්වා හදුන්වනු ලැබු ජුදෙව් ප්‍රාඥයන් සදහා යෙදූ වචනයකිනි. එම "මසොරි" යන වචනය යෙදුණේ "මසොරා" හෙවත් (ජුදෙව්) සම්ප්‍රදාය ව්‍යාප්ත කිරීමට යුහුසුළු වීම නිසාය. මොවුන්ගේ කාර්යය වූයේ ප්‍රාණාක්ෂර රහිතව මුලින්ම ලියැවුණු හෙබ්‍රෙව් පිටපත (බයිබලය) කියවීම පහසු කිරීමට ස්වර සටහන් සපයා දීමයි. එම නිසා මොවුන් "මසොරිවරු" ලෙසත් හෙබ්‍රෙව් පිටපත "මැසොරෙටික් පිටපත්" ලෙසත් හැදින්වේ . ලෙනින් ගාඩ්හි මැසොරෙටික් පිටපත (MT) පුරාණ ගිවිසුමේ සම්පූර්ණ හා පොදුවේ පිළිගත් පිටපත ලෙස සැලකේ . එය ක්‍රි.ව 1009 පමණ කාලයකට අයත්වේ. එහි ස්වර සහ උච්වාරණ සලකුණු අන්තර් ගතයි. නූතන පොත් ගණනය අනුව එහි පොත් තිස්නවයකි.විවිධ භාෂාවලට ශුද්ධ බයිබලය පරිවර්තනය කිරීම සදහා යොදා ගැනෙන්නේ මෙම පිටපත බව මතක තබා ගත යුතුය. සිරියාවේ අලෙප්පො නගරයේ ජුදා සිනගෝගයේ ක්‍රි.ව 1947 දක්වා සිංහාසනාරූඪ කර තිබූ මෙම පිටපතෙහි පිටු 980කි. එහි අදට ඇත්තේ පිටු 590 කි. මෙම පිටපත් ක්‍රි.ව 930 පමණ කාලවකවානුවකට අයත්ය.
* සෙප්ටුවාජින්ත වර්ගයේ පිටපත්
මෙම පිටපතෙහි මුල් කොටස ( පංච පුස්ථකය ) ක්‍රි.පූ තෙවන සියවසට අයත්ය. සෙප්ටුවාජින්ත යනු හැත්තෑව යන්නයි. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ජුදාවරු පුරාණ ගිවිසුමේ සෙසු කොටස් ද තමන්ගේ බයිබලය ලෙස පිලිගත්හ .ඒවාට ද්විතීයික සම්මත පොත් ඇතුළු අසම්මතයි කියන ලද පොත් ද අයත් විය. එතියොපියා ග්‍රන්ථාවලියද මෙම පොත් පිලිගත්හ.
මෙම සෙප්ටුවාජින්ත පිටපත ඉතා පැරණි ලේඛන සම්ප්‍රදායක් නියෝජනය කරන අතර මෙය කුම්රාන්වලින් හමුවූ බයිබල් පිටපත් වලින් ද තහවුරු විය.
සෙප්ටුවාජින්ත පිටපතට අයත් ප්‍රධාන පිටපත් තුනකි. එනම් ;
1) කොඩෙස් සිනායිටිකස්
2) කොඩෙස් වතිනාකස්
3) කොඩෙස් ඇලෙක්සැන්ඩ්‍රියානස්වෙ
මෙහි වඩාත් සම්පූර්ණම පිටපත වන්නේ "කොඩෙස් වතිකානස්" ය .
* කුම්රාන් පිටපත්
කුම්රාන් පිටපත් වර්ග තුනකි.
1) බයිබලීය පිටපත්
2) බයිබලීය ග්‍රන්ථ විවරණ
3) කුම්රාන් සංඝයට සම්බන්ධ ලේඛන
ඉහත සදහන් ලේඛන වර්ග වල ලේඛන සියල්ලම ක්‍රි.ව 60 ට පෙර ලියැවුණු ඒවා බව දැනගත යුතුය . එය වඩා ඉපැරැණි යැයි කියන්නේ එම නිසාය. මෙම ලේඛන මැසොරෙටික් පිටපතට (හෙබ්‍රෙව් බයිබලයට ) වඩා අවම වශයෙන් ශත වර්ෂ 12කට වඩා පැරණිය. මෙහි එස්තර් පොත හැරුණු විට අනික් සෑම පොතකම ද්විතීයික සම්මත ග්‍රන්ථ ද ඇතුලත් කොටස් හමු වී ඇත. යෙසායා පොත හැර අනික් පොත් සම්පූර්ණ නැත. එයින් බයිබලයේ පොත් ගණන සංසන්දනය කරගත හැකි වන අතර එස්තර් පොත නැති වීමට හේතුව එහි දේව මාළිගාව ගැන සදහන් වීමයි. මමක්නිසාදයත් කුම්රාන්වරු දේව මාළිගාවේ සිරිත් නොපිළිගත් නිසායි. මෙයින් තේරුම් ගත යුත්තේ වඩාත් පැරණිම පිටපත සෙප්ටුවාජින්ත (ග්‍රීක් බයිබලය - පොත් 73 ) පිටපත බවයි. එය වඩාත් සනාථ වන්නේ විසි වන ශත වර්ෂයේ සොයා ගනු ලැබූ මළ මුහුද අවට හමුවූ කුම්රාන් ලේඛන වලින් බව බොහෝ මූලධර්මවාදීන් නොදනී .
ස්තූතියි
ජේසු පිහිටයි ❤
මෙහි දෙවන ලිපිය බලාපොරොත්තු වන්න.
ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව සමග රැදී සිටින්න.
0 Comments