(යුගයේ මාතෘකාව බොහෝවිට විකෘති අර්ථ කථන කරන ලද පනත)
බයිබල් විශාරදයන්ට අනුව දසපනත අයත් වන්නේ විධායක නීති පද්ධතියකටය. එනම්;
1)එහි ඇති පනත් නියෝග ස්වරුපයෙන් ඉදිරිපත් පත් කර ඇත.
2)ඒවා මධ්‍යම පුරුෂයෙන් ඉදිරිපත් කර ඇත.
3)තෙවන හා සිව්වන පණත් දෙක හැර සෙසු පනත් වලින් නොකල යුතු දේ දක්වයි.
4) පලමු වන හා තෙවන පණත් දීර්ඝ වුවත් බයිබල් විශාරදයන්ට අනුව එම පණත් දෙක පවා ආරම්භයේදී ඉදිරිපත් කර තිබී ඇත්තේ ඉතා කෙටියෙනි. දීර්ඝ කරන ලද්දේ පසු කාලයේදීය.
මෙම කරුණු බොහෝ දෙනෙක් නොදැන එහි අර්ථ විකෘති කර තම පුද්ගලික අදහස් ප්‍රකාශ කිරීම දුකකි. එය යෙසායා 55/8 ට පිටු පෑමකි.
මෙම පණත් කෙටි හා සරල වීම නිසා තවත් වාසියක් තිබුනි.( ලිඛිත භාෂාව අවම මට්ටමක පැවතීම නිසා මතක තබා ගැනිමේ පහසුව ඇතිවීමයි).
පසුව දීර්ඝ වු එක් පනතක් වන්නේ නික්මයාම 20/4 වේ. ආරම්භක යුගයේදී මෙය කෙටිය. අවු 40 ක ගමනින් පසුව වෙනත් දෙවි දේවතාවුන් වන්දනා මාන කල කානාන් දේශය තුල මෙම ජනතාව පදිංචි විය.එම නිසා මෙය තේරුම් ගෙන නිවැරදි අර්ථ කථනයක් කිරීමට කනාන් දෙවි වරු සහ වත්පිළිවෙත් පිළිබද හොද දැනීමක් උවමනා ය.
කානාන් දෙවිවරු සමහර දෙනෙක් නිරූපණය වූයේ සත්ත්ව රුපයන්ගෙන්ය. එම නිසා එම පනත රූප නෙලීම පිලිබද හා රූප පිලිබද පැහැදිලි කිරීමක අවශ්‍යතාවයක් ඇති විය. කනාන් වල එම රූප නොතිබුනානම් අද සමහර කණ්ඩායම් වලට රූපවන්දනාව කියන මතෘකාව නොමැති බව සදහන් කරමු.
මෙහි සදහන් රූප අන්‍ය දෙවියන්ගේ රූප බව නික්මයාම 20:3 වගන්තියෙන් මුල් කාලයේ දී ඉතා කෙටියෙන් ඉදිරිපත් කර තිබුණු පළමු පනත බහු දේවවාදී පරිසරයක් තුළ නික්මයාම 20:4-5 වගන්තිවලින් පසු කාලයේදී තේරුම් කළ බවයි.
නික්මයාම 20/4 පැහැදිලිවම කියා තිබියදීත් එය විකෘති කරමින් කතෝලික සභාවට පහර ගැසීමේ සදාචාරය කුමක්ද ?
උදා:- අශේරා කියන දෙවගනගේ සංකේතය සර්පයා වේ.
මෙහිදී මහා පැණයක් වී ඇත්තේ පිළිම නෙලීම සම්බන්ධයෙන් නොව තම සිතැගි පරිදි විවිධ රූප සාදාගෙන දෙවියන් වහන්සේට හිමි වන්දනාව දීමය.එහෙත් දෙවියන් වහන්සේ පිළිම ඇබීමට ඉශ්‍රායෙල් ජනයාට නියම කෙරූ අවස්ථා ඇත.
උදා :- නික්මයාම 25/18-22
ගණන් කතාව 21/8-9
මෙයින් පෙනී යන කරුණ නම් නික්මයාම 20/4-5 කෙටියෙන් තිබුනු පණත බහු දේව වාදී පරිසරයක තිබුනු නිසා එය තේරුම් කිරීම සදහා දීර්ඝ වුණු බවයි.
මෙයයි රුපවන්දනාව පිලිබද පණත තුළ ඇති සන්දර්භය තුළ අර්ථ කථනය.
නව ගිවිසුම තුළ ඇති රූපවන්දනාව ගැන බයිබල් පද අර්ථ කථනය කළ යුත්තේ නව ගිවිසුම් පරිසරය තුල තිබුනු සන්දර්භය තුළ පමණයි.
මෙය වටහාගෙන මින් ඉදිරියටවත් නිවැරදිව දේව වචනය අර්ථ කථනය කර එම අර්ථය තුල දෙවියන් වහන්සේට පුුසන්න ජිවිතයක් ගත කරමු .
ජේසු පිහිටයි .
0 Comments