BLANTERORBITv101

රෝමයේ ක්ලෙමන්ට් තුමන් හා Sola Scriptura

💡 පේදුරු අපෝස්තුළුතුමන්ට පසුව රෝමයේ තුන්වන වන බිශොප් වරයා වන්නේ ක්ලෙමන්ට් තුමන්‍ ය.එමෙන්ම ක්ලෙමන්ට් තුමන් පූජාත්වරය ලබාගන්නේ පේදුරු තුමන්ගෙන්‍ ය.දැනට හමුවී ඇති ලිපි අතරින් ක්ලෙමන්ට් තුමන් විසින්ම රචිත ලේඛනය ලෙස සැලකෙන්නේ 1 Clement ලිපිය පමණයි.2 Clement යනුවෙන් ලිපියක් තිබුනව බොහෝ විද්වතුන්ට අනුව එය ආරූඪ කතෲත්වයෙන් ලියවූ ලේඛනයකි. 

💡 කලෙමන්ට් තුමාගෙ ලිපි ලියවී ඇත්තේ කොරින්තියේ තිබූ සභාව වෙතය.එය කාලයක් ගත වන තෙක්ම දේවානුභාවයෙන් රචිත ශුද්ධ ලියවිල්ලට අදාළ ලිපියක් ලෙස සැලකුනේය.එම ලිපිය ලිවීමේ අරමුණ වූයේ කොරින්තියේ සභාව තුළින් නෙරපා හැර තිබුනු පූජකවරුන් සම්බන්ධ ප්‍රශ්නය විසදීමටය.ක්ලෙමන්ට් තුමන් එම ප්‍රශ්නය විසදන්නේ " Apostolic Succession " යන සංකල්ප තුළිනි.එම නිසා එම සියලු දෙනාටම අපෝස්තුළුරයන් දක්වාම ඔවුන්ගේ අධිකාරිත්වය දිව යනවායැයි පැහැදිලි කරමින් ඔවුන්ව නැවත සභාවේ ප්‍රතිස්ථාපනය කරන ලදි.එමෙන්ම ජොහාන් අපෝස්තුළුතුමන් ජීවත්ව සිටි කලක එතුමා මැදිහත් නොවී රෝමයේ බිශොප් වරයා මැදිහත්ව ප්‍රශ්නය විසදීම විශේෂ කරුණකි.එය පළමු සියවස තුළ තිබූ පාප් ධූරය සදහා විශේෂ කරුණකි.( ක්ලෙමන්ට් තුමන් හා පාප් ධූරය ගැන විශේෂ ලිපියක් ඉදිරියේදී ගෙනඒමට නියමිත බැවින් දැනට එය ගැන සවිස්තරාත්මකව කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙන්නෙ නෑ.) 

💡 එම කාලයේ සිටි කිතුණු Sola Scriptura නොහොත් ශුද්ධ ලියවිල්ලේ අධිකාරිත්වය පමණද විශ්වාසය කළේ.කොහෙත්ම නැත.කලින් ලිපියේ මෙන්ම ක්ලෙමන්ට් තුමන් කොරින්තියේ ප්‍රශ්නය විසදු අවධියේදීද ( ක්‍රිව 95ට ආසන්න ) බයිබලයේ සම්පූර්ණයෙන් ලියවී නැත.එමනිසා බයිබලයේ අධිකාරිත්වය දෙස බැලීම එම අවධියේදී කිසිසේත්ම සිදු විය නොහැකි දෙයක්.මුල් කිතුණු සභාව තුළ හා වර්තමානයේ කතෝලික හා තියෙන ප්‍රධාන ඉගැන්වීමක් වන්නේ අත තබා , අපෝස්තුළුරයන්ගෙන් පැමිණෙන අධිකාරිත්වය දානය කිරීමයි.වර්තමානයේ කතෝලික සභාවේ සිටින සෑම බිශොප් වරයෙක්ටම ඓතිහාසිකව තමන්ගේ linage එක අපෝස්තුළුරයන් 12 දෙනාගෙන් කෙනෙකු වෙත පෙන්විය හැක. 

📚 එය පිළිබදව ක්ලෙමන්ට් තුමන් මෙසේ සදහන් කරයි ; 

"The Apostles received the Gospel for us from the Lord Jesus Christ; and Jesus Christ was sent by God. Christ, therefore, is from God, and the Apostles are from Christ. Both of these orderly arrangements, then, are by God’s will. Through countryside and city they preached; and they appointed their earliest converts, testing them by the Spirit, to be the Bishops and Deacons of future believers." 

- 1 Clement 42:1-4 

"Our Apostles knew through our Lord Jesus Christ that there would be strife for the office of Bishop. For this reason, therefore, having received perfect foreknowledge, they appointed those who have already been mentioned, and afterwards added the further provision that, if they should die, other approved men should succeed to their ministry." 

- 1 Clement 44:1-2