BLANTERORBITv101

මූලධර්මවාදීන් විසින් විකෘති කරන ශුද්ධ බයිබලයේ සැබෑ කතෘත්වය - 01 කොටස


ශු.සභාවේ මුල් සභා පියවරුන්ගේ සිට ම පිළිගත් කරුණක් වූයේ ශු.ලියවිල්ල ශුද්ධාත්මානුභාවයෙන් ලියවුනු බවය.

1893 දී 13 වන ලියෝ පාප් තුමා නිකුත් කළ "දිව්‍ය සංරක්ෂණය "( Providentiddimus Deus) නම් විශ්ව ලේඛනයේ ශුද්ධවු බයිබලයේ ප්‍රධාන කතෘ දෙවියන්වහන්සේ බවත් (Principal cause) , උප කතෘ ( Instrumental Cause) මිනිසා බවත් සදහන් කර තිබේ. 

ශුද්ධවු බයිබලය දේව වචනය වන්නේ දේවානුභාවය කරුණු කොට ලියවුනු නිසාය."දේවානුභාවය යනු දෙවියන් වහන්සේගේ පෙළඹවීම, මග පෙන්වීම හා මෙහෙයවීම තුළ ක්‍රියා කිරීමට කෙනෙකු ලබන වරප්‍රසාදයයි. 

(Inspirare (Lt)= හුස්ම හෙලීම ,ජීවනය දීම, Theopneutos(Gk) : Theo=දෙවියන් වහන්සේ , Pneo= හුස්ම හෙලන ලද වේ.ඒ අනුව දෙවියන් වහන්සේ විසින් හුස්ම හෙලන ලද Hapaxlegumenon,(Heb) වේ.)

ආරම්භයේදී දේව වචනය පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන ලද්දේත්, ආරක්ෂා කරන ලද්දේත්, වාචික සම්ප්‍රදාය තුළය. ආදි පිතෘ යුගයේදී ( ක්‍රි.පූ 2000-1600) මෙය සත්‍ය වේ. මේ අනුව වාචික සම්ප්‍රදායේ පැවති දේව වචනය ක්‍රම ක්‍රමයෙන් රචනා වන්නට විය.

සෙමතික් මානසිකත්වයට අනුව ක්‍රියාශිලි (dynamic) වන්නේ ලිඛිත වචනය නොව කථා කරන වචනයයි.මුළු පංච පුස්තකයේම මුදුන් මල් කඩ දසපනත වන නිසාය. 

ලිඛිත වචනය කථා කරන වචනය තරම් ක්‍රියාශීලී නොවන්නේ එය වක්‍ර සන්නිවේදන මාධ්‍යයක් වීම නිසාය. පසුව කථා කරන වචනයේ තිබු තත්වය ලිඛිත වචනයකට මාරු කල අතර ලිඛිත වචනයට කිසිවක් එකතු කල හෝ අඩුකල නොහැකි බව ද ප්‍රකාශ කරන ලදී. (ද්විතීයික නීති සංග්‍රහය 4/2) මේ අනුව ලිඛිත වචනය සත්‍යතාවයේ මිණුම් දණ්ඩ බවට පත් විය. මෙය අඛණ්ඩ දේව අනාවරණයකි,. එදා සිට අද දක්වා පවතී. (ද්විතීයික නීති සංග්‍රහය 4/50 5/3)            

දේවානුභාවයේ ප්‍රභේද

අද බොහෝ දෙනෙක් දේවානුභාවය ගැන කථා කිරීමේදී එය ශු.බයිබලය ලිවීමේ කාර්යයට පමණක් සම්බන්ධ කරයි. එය ත්‍රිවිධාකාරය.

1 ) එඩේරික දේවානුභාවය 

2 ) දෙසීම සදහා වූ දේවානුභාවය

3 ) ලිවීම සදහා වූ දේවානුභාවය 

එඩේරික දේවානුභාවය (Pastoral Inspiration )

එඩේරික දේවානුභාවය යනු යම් පුද්ගලයකුට ක්‍රියා කිරීමට ලැබූ දේවානුභාවයයි. ඉශ්‍රායෙල් ජන නායක⁣යන් පත් කරන අවස්ථාවේදි ඔවුන්ට දේවානුභාවය ප්‍රදානය කිරීම ක්‍රියාකිීමට ලැබූ දේවානුභාවයකි. ( වීරාවලිය 14/6-19, යෙසායා 63/11-13 , නික්මයාම 3/10)

දෙසීම සදහා වූ දේවානුභාවය 

දෙසීම සදහා වූ දේවානුභාවය යනු දේව පණිවිඩය පුුකාශ කිරිමෙහිලා ලබන දේවානුභාවය වේ. දෙවියන් වහන්සේ තමන්වහන්සේගේ අනාවරණයන් තුළ තමාගෙ නාමයෙන් කථා කරනු පිණිස සමහර පුද්ගලයන් පෙළඹ වු සේක.ඔවුන් දේව අනුහස ලැබ දෙවියන් වහන්සේගේ වචනය පමණක් දේශනා කළහ. (එසකියල් 11/5 ,ජෙරමියා 1/14, යෙසායා 59/21, හොසියා 3/8)

ලිවීම සදහා වූ දේවානුභාවය 

ලිවීම සදහා වූ දේවානුභාවය යනු ග්‍රන්ථාරූඪ කිරීමට හෙවත් දේව අනාවරණය තුළ දේව පණිවිඩය ලියා තැබීම සදහා ලත් දේවානුභාවයයි. එනම් දේවානුභාවය කරණ කොට ගෙන දේව වචනය ග්‍රන්ථාරූඪ කෙරුණු බවයි. ලිවීමට ලැබුනා නොව ලැබුනෙ අණකි. (ජෙරමියා 30/2,යෙසායා 30/8 )

ශු.ලියවිල්ල හෙවත් ශු.බයිබලය යනු හුදු ජුදා කිතුනු පොත් එකතුවක් නොව ඉහත ත්‍රිවිධාකාර දේවානුභාවයේ අවසාන අදියර හෙවත් අවසාන ප්‍රතිඵලයයි. එය ලියවී ඇත්තේ දේවානුභාවයෙනි. ( 2 තිමති 3/16) එහි ඇත්තේ දේව වචනයි.

නමුත් එය වචනයේ අර්ථයෙන් ගෙන අර්ථ කථනය කරන්නෝද වෙති. ඔවුන් මෙහි මෙවැනි ගැඹුරු පදනමක් ඇති බවද නොදනී. මෙය සිංහල ඇතුළු විශාල භාෂා වන් සංඛ්‍යාවකට පරිවර්තනය වුවද නියම අර්ථකථනය සදහා මෙම දේව වචනය ලියවුණු මුල් භාෂා දෙක වන පුරාණ ගිවිසුමේ හෙබ්‍රෙව් භාෂාව හා නව ගිවිසුමේ ග්‍රීක් භාෂාව අහක නොදැමිය යුතුය . එමෙන්ම එහි ශිෂ්ටාචාරය,සංස්කෘතිය හා ඉතිහාසය වැදගත්වේ.

ස්තූතියි 

ජේසු පිහිටයි ❤