පුරාණ ගිවිසුම අධ්‍යයනය කිරීමේදී පිටපත් තුනක් ඉතා වැදගත් වේ . එනම් ;
1) හෙබ්‍රෙව් පිටපත (මැසොරෙටික් පිටපත)
2) ග්‍රීක පිටපත (සෙප්ටුවාජින්ත පිටපත)
3) ලතින් පිටපත (වුල්ගාතා/වල්ගේට් පිටපත)
හෙබ්‍රෙව් පිටපත
ජුදා බයිබලයේ පොත් 24කි . එම පොත් 24 හෙබ්‍රෙව් බයිබලයේ ඇති කණ්ඩ තුනකට අනුව මෙසෙේය. නමුත් මතක තබා ගත යුත්තේ සමහර පොත් අපගේ බයිබලයේ දෙකක් වුවද හෙබ්‍රෙව් බයිබලයේ එය එක පොතක් ලෙස දක්වා ඇත.
1) ව්‍යවස්ථාවලිය - ටෝරා (Torah)
2) දිවැසාවලිය (Nabim)
3) ලියවිලි (කෙටුබිම් - Ketubim)
ශුද්ධ බයිබලය හැදින්වීම.
"බයිබලය" යන වචනය "බිබ්ලොස්" ( Biblos)
යන ග්‍රීක වචනයෙන් බිදී එන්නකි. එහි අර්ථය පැපිරස් නැමැති ශාක වර්ගයකි. පුරාණ ලෝකය පැපිරස් වලින් සාදන ලද පොත් හැදින්වීම සදහා "බිබ්ලොස් "(Biblos ) යන වචනය භාවිතා කරන ලදී.මෙම වචනය මුල් පිටපත් වල දානියෙල් 9:2, 1මකබි 1:56යන ස්ථාන වල භාවිතා කර ඇත.
ශු.ජෙරොම් තුමා ශු.ලියවිල්ල හැදින්වීමට "ටා බිබ්ලියා"(Ta Biblia) යනුවෙන් භාවිතා කර ඇත. එහි අර්ථය "පොත්" (Books) යන්නයි. එය අප්‍රාණවාචි බහුවචනයකි. එහෙත් පසු කාලීනව එනම් ලතින් භාෂාව ශු.සභාවේ නිල භාෂාව වූ යුගයේදී "ටා බිබිලියා (Ta Biblia) යන්න ,බිබ්ලයා (Biblia)බවට පත් විය. "බිබ්ලියා(Biblia ) යනු ස්ත්‍රී ලිංග ඒක වචනයකි. එය "උතුම් ම පොත" (The book par Excellence ) යනුවෙන් හැදින්වේ. ඉංග්‍රීසි භාෂාවේ Bible යන වචනය පලමුවෙන් හමුවන්නේ වෝසර් ගෙ (ක්‍රි.ව 1340-1400) ලේඛනවලයි.සිංහලයට "බයිබලය ' යන වචනය ලැබුනේ ඕලන්ද යුගයේ බයිබලය සිංහලයට පරිවර්තනය කිරීමෙනි. පොත් 73කි.
ශු.බයිබලය පරිච්ඡේද වලට වෙන් කලේ ක්‍රි.ව 1206 දී ස්ටීවන් ලැංටන් විසිනි. දිගම පරිච්ඡේදය ගීතාවලිය 119 හා කෙටිම පරිච්ඡේදය ගීතාවලිය 117 වේ . බයිබලයේ පරිච්ඡේද 1334 කි. ශු බයිබලය වගන්ති වලට වෙන් කලේ ක්‍රි.ව 1551දී රොබට් ඉටන් විසිනි. ඒ අනුව බයිබලයේ වගන්ති 35400 කි. දිගම වගන්තිය එස්තර් 8:12වේ. කෙටිම වගන්තිය ජොහාන් 11:3 වේ. බයිබලයේ සදහන් දිගම පුද්ගල නාමය මහෙර් ෂලාල්හාෂිබග් යෙසායා 8/1 වේ.
ශු.බයිබලය යනු දෙවියන් වහන්සේ ලෝකය මවන කාලයේ සිට එක් අයෙක් එක පැත්තක සිට ලියූ පොතක් නොවන බව මතක තබා ගන්න.එසේ කරන්නේ මූලධර්මවාදීන්ය. එම නිසා ඔවුන් ගැඹුරු දේව අනාවරණය විකෘති කරයි.එය විවිධ කතුවරුන් විසින් රචනා කරන ලද පොත් සමූහයකි. මුඛ පරම්පරා ගත සම්ප්‍රදායන් ශු.බයිබලය ආරම්භයට හා විකාශනයට තදින් බලපා තිබේ.
පුරාණ ගිවිසුම හෙවත් හෙබ්‍රෙව් බයිබලය පොතක් ලෙස ලිවීමට අවුරුදු 1000 කට වඩා වැඩි කාලයක් ගත වී ඇත. පුරාණ ගිවිසුම හා නව ගිවිසුම සහිත මුළු ශු .බයිබලයම ලියවී ඇත්තේ ක්‍රි.පූ 10වන ශත වර්ෂයෙත් ක්‍රි.ව 100ත් අතර කාලයේය.
ක්‍රි.පූ 10වන ශත වර්ෂයේදී පමණ ශු.බයිබලයේ සමහර කොටස් ලිවීම ආරම්භ කල ද උදාහරණයක් ලෙස පංච පුස්තකය ලියා නිම කරන ලද්දේ ක්‍රි.පූ 400 දී පමණය. ආබ්‍රහම් තුමා ජීවත් වූයේ ක්‍රි.පූ 20 හා 19 වන ශතවර්ෂ තුලය. මේ අනුව සමහර තොරතුරු අවුරුදු සියගණනක් ද සමහර තොරතුරු වසර දහස් ගණනක්ද ආරක්ෂා වී ඇත්තේ විශ්වාස දායක මුඛ පරම්පරාගත සම්ප්‍රදායන් තුලයි. මෙම සම්ප්‍රදායන් නොතිබෙන්නට අපට ශු.බයිබලයේ සමහර කොටස් අහිමි වීමට ඉඩ තිබුණි. එහෙත් නව ගිවිසුම වසර 77ක් තුල ලියවී හමාර බව මතක තබා ගත යුතුය. නව ගිවිසුම ග්‍රීක් බසින්ද පුරාණ ගිවිසුම හෙබ්‍රෙව් බසින්ද බව මතක තබා ගත යුතු වැදගත් කරුණකි. මුල් හෙබ්‍රෙව් බයිබලය ලියවුනෙේ ප්‍රාණඅක්ෂර (Vowel) රහිතවය. එනම් ව්‍යංජනාක්ෂර( Cosonnant) භාවිතා කරමින්ය. මූලධර්මවාදීන් මේවා නොදැන දේව වචනය විකෘති කරමින් කතෝලික සභාවට පහර ගසමින් මිනිසුන් මුලා කිරීම කනගාටුවට කරුණකි.
ස්තූතියි
ජේසු පිහිටයි ❤
0 Comments