BLANTERORBITv101

2050දී කතෝලික ආගම සම්පූර්ණයෙන් වද වී යයි ද?

 මේ දින වල අන්‍යාගමිකයෙන් අතර පැතිරී යන කතාවක් නම්"2050දී කතෝලික ආගම සම්පූර්ණයෙන් වද වී යනව "

කතෝලික සභාව ගොඩනැගී ඇත්තේ ක්‍රිස්තු කේන්ද්‍රීය වූ ප්‍රාණපරිත්‍යාගීන්ගේ රුධිරය මතය.ප්‍රානපරිතයාගින් යනු කතෝලික ආගම වෙනුවෙන් දිවි දුන් ශ්‍රේශ්ටයො කිව්වොත් මා නිවැරැදිය.

කුරුසෙ ඇන ගැසුවා.හිස ගසා දමා මැරුවා පන පිටින් හම ගැසුව .සතුන්ට කන්ට දැමුව .පන පිටින් වල දැම්මා ඇස් ඉගිල්ලුව.දත් ගැලව්වා.අත පය කපා දැම්මා.මුහුදට දැම්මා.කදු මුදුන්වල සිට තල්ලු කර මැරුවා .බඩ ගින්නෙ තියල මැරුවා .දියේ ගිල්වා මැරුවා .පන පිටින් පිච්චුව .පල්ලි පිච්චුව .ගිනි තිබ්බා.ධර්මය ප්‍රචාරය කරන්න බැරි වෙන්න දිව කපා දැම්මා.නමුත් කතෝලික ආගම නවත්තන්න පුලුවන් වුනාද.නැත ප්‍රානපරිතයාගින්ගේ රුධිරය ආයුධයක් කරගෙන කතෝලික සභාව ඉදිරියට ගියා.නමුත් ඔවුන්ගේ ආගම් අද අපිට අසන්නවත් නැති වෙන්න වදවෙලා ගියා.

එසේ නම් ක්‍රිස්තු කේන්ද්‍රීය වූ ප්‍රාණපරිත්‍යාගීන්ගේ රුධිරය මත ගොඩනැගුණු  කතෝලික සභාව මෙවැනි කතාවලින් වට්ටන්න යනවානම් ඔබ කරන්නෙ කාලය නාස්ති කිරීමකි.මහා අධිරාජ්‍යවාදීන්ට බැරි වුන දේ මේ අන්නවාදීන් කෙසේ කරන්නද කියා මට සිතේ.

බොහෝ ආගමික ශාස්තෲවරු තමන්ගේ දහම කාලයකට සීමා කර ඇත.එහෙත් ක්‍රිස්තුස් වහන්සේ"අහස පොලොව පහව ගියත් මාගේ වචනය පහව නොයයි."යන ප්‍රකාශය කරණකොටගෙන කතෝලික ආගම සදාකාලික දහමක් කියා කීවොත් මා නිවැරැදිය .එහෙයින් බොහොඉ අන්‍ය ආගමිකයන් කතෝලික ආගම සමග වෛර බදිති.

ක්‍රිස්තු කේන්ද්‍රීය වූ ප්‍රාණපරිත්‍යාගීන්ගේ රුධිරය මත පදනම් වූ කිතු දහම මෙ වගේ කතා නිසා පසුබසීයි කියා යම් කිසි පුද්ගලයකු කියක් නම්,උත්සාහ දරයි නම් ඔහු හෝ ඇය කරන්නෙ කාලය කා දැමීමකි 

ඔබ මේවගේ ප්‍රකාශයක් කිරිමට පෙර ලෝකය දෙස හොදින් බලන්න.මේ ප්‍රකාශය මුසාවක්ද යන්න මෙම චායාරූප දකින ඕනෑම අනුවනයෙකුට සිතා ගත හැක එසේනම් මේ ප්‍රකාශය සෑදූ පුද්ගලයා ලෝකය දැක නැති ඊටත් වඩා අනුවනයෙක් කීවොත් මා නිවැරැදිය .

අවසාන වශයෙන් මා හට කියන්න ඇත්තේ මේ වගේ අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙස.ඔබ එලෙස කලත් එය කතෝලික සභාවට ප්‍රශ්නයක් නොවන බවද මෙහිදී සිහි කරමී.මන්ද මරණ බියට වඩා විශ්වාසය ප්‍රභල වූ ප්‍රානපරිතයාගින්ගේ රුධිරය මත කතෝලික සභාව පිහිටා ඇති බැවින් මෙවැනි කතා කතෝලික සභාවට මහා ලොකු දේවල් නෙවෙයි .තවත් කාරනයක් වශයෙන් කිව යුත්තේ අන්‍යාගමික සහෝදරයන් විසින් තවත් ආගමක කාලය තීරණය කරන්නෙ කෙසේද.ඔබ කතෝලික දහම ප්‍රශ්නයක් කර නොගන්න .ඔබට කතෝලික දහම ගැන ප්‍රශ්නයක් ඇත්නම් එය ශීලාචාර ලෙස ප්‍රකාශ කරන්න.එසේ කල හොත් අපටද ශීලාචාර ලෙස ඔබට පිලිතුරු ලබා දිය හැක

මෙවැනි දේ කිරීමෙන් කතෝලික සභාවට ප්‍රශ්නයක් නොවන බව සිහි කරමි.එසේ නම් කතෝලික සභාව අවසන් වන්නේ 2050දී නොව මා ඉහත කී අයගේ කාලයේදිය.එලෙස විනාශ නොවූ කතෝලික සභාව ඔබ හදන කතා වලින් වට්ටන්න බැරි බව ආදරයෙන් සදහන් කරමි .

🙏🙏🙏ඔබට ජේසු පිහිටයි 🙏🙏🙏