BLANTERORBITv101

ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම පිළිබඳව සිදුකරන අනාගත වාක්‍යය

 

ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම පිළිබඳව සිදුකරන අනාගත වාක්‍යය මුල්ම සුබ ආරංචිය ඇත්තේ උත්පත්ති 3:15 යේය. එය මෙසේය.

"තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය (Seed of woman) අතර ද බද්ධ වෛරය තබන්නෙමි.ඔහු තගේ හිස පොඩි කරන්නේ ය;තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.''

උත්පත්ති 3:15

ශු.බයිබලයේ මෙම ස්ථානය හැර අනෙකුත් සෙසු සෑම ස්ථානයකදී ද වංශය (seed) යනුවෙන් හැඳින්වෙන්නේ පියකුගේ සිට පැමිණෙන වංශයන් සඳහාය. උදාහරණයක් ලෙස ජෙරමියා 33: 26 ජාකොබ්ගේ වංශය ලෙස හැඳින්වෙන්නේ ඊශ්‍රායල් ජාතින්ට ය. 

එනම්, උප්පත්ති 3:15 ඇගේ වංශය යන්නෙන් අදහස් කරන්නේ පිරිමි පුද්ගලයෙක් ය. තවද, එම පුද්ගලයාගේ පීතෘත්වය පොළොවෙහි ජනිත වූවක් නොවන බව ඉන් කියවේ. එමෙන්ම, මෙහි ඇති වංශය යන්න ඒක වචනය යි. මේ පිළිබඳව පාවුලු තුමා ද ගලාති ලිපියෙහි මෙසේ ලියා ඇත.

"පොරොන්දු දෙන ලද්දේ ආබ්‍රහම්ට හා ඔහුගේ වංශයට ය. බහුවචනාර්ථයෙන් 'වංශයන්ට ය' නොකියා ඒක වචනාර්ථයෙන් 'නුඹේ වංශයට ය'යි උන් වහන්සේ වදාළ සේක. 'වංශය' යන්නෙන් අදහස් කරන ලද්දේ ක්‍රිස්තුන් වහන්සේ ය. මා කියන්නේ මෙය යි:"

ගලාති 3:16-17

තවද, "තෝද, ඔහුගේ විළුඹට දෂ්ඨ කරන්නෙහිය" යන්නෙහි අර්ථය ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසගත වීමයි. රෝමානු 16:20 ද මේ පිළිබඳව මෙසේ කියා ඇත.

"ශාන්තිදායක දෙවියන් වහන්සේ නොබෝ කලකින් සාතන් ඔබගේ පාද යට සුණු විසුණු කරන සේක. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා. "

රෝම 16:20

මෙම සුභාරංචිය ලියා ඇත්තේ අනාගත කාලයෙනි. මතු පැමිණෙන මෙසියස්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මෙයයි අප මෙයින් හදුනා ගනිමු.