BLANTERORBITv101

ෆ්‍රැන්සිස් සේවියර් තුමාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා

 ෆ්‍රැන්සිස් සේවියර් තුමාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා

දැනට තිබෙන වාර්තා අනුව මෙම දේහය පිළිබඳව වෘත්තීමය නිපුණත්වයෙන් යුත් වෛද්‍යවරුන් වරින් වර පරීක්ෂණ පවත්වා ඇති අතර ඒ පිළිබඳව වාර්තා පහත සඳහන් පරිදි වේ.

වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝගේ මරණ පරීක්ෂණ

වර්ෂ 1558 නොවැම්බර් මස වෛද්‍ය සරාවියෝ සහ වෛද්‍ය රිබේරියෝ විසින් දේහය පරීක්ෂා කොට ඇති අතර ඔවුහු දිවුරුම් මත ඉදිරිපත් කර ඇති වාර්තාවන් මෙසේය.

”වයිස්රෝයි සාමිවරයාගේ නිල වෛද්‍යවරයා වන වෛද්‍ය කොස්මස් සරාවියෙන් වන මා විසින් ප‍්‍රැන්සිස් පියතුමන්ගේ (ශාන්ත ප‍්‍රැන්සිස් පියතුමා යැයි සඳහන් කර නොමැත්තේ ඔහු ඒ වනවිට ශාන්තුවරයෙක් ලෙස පත්කර නොමැති නිසායි) දේහය ගෝවේ නගරයේදී පරීක්ෂා කර බැලීමි. සිරුරේ හැම කොටසක්ම පරීක්ෂා කොට බැලූ අතර උදරය ඔබා බැලීමේදී අතුනුබහන් ඉතා හොඳ තත්ත්වයේ තිබෙන බැව් අවබෝධ කොට ගතිමි. සිරුර එම්බාම් නොකොට නරක් නොවීමට කෘති‍්‍රම ලෙස ශරීරයට කිසිවක් ඇතුළු නොකොට මෙම තත්ත්වය පවතී.මා සිරුරේ වම් පැත්තේ හදවත පෙදෙසහි සිදුරක් හෝ තුවාලයක් වැනි දෙයක් දැක ජේසුස් වහන්සේගේ ගිහි සහෝදරයින් දෙදෙනෙකුට ඔවුන්ගේ ඇඟිලි ඒ තුළට දමන ලෙස කියූ අතර එසේ ඇඟිලි දැමූ පසු එකෙණෙහිම පිරිසුදු රුධිරය ගලා ඒමට පටන් ගති. මා ඒ රුධිරය ආඝ‍්‍රාණය කළමුත් එහි කිසිදු දුඟඳක් නොවීය. පාද සහ සිරුරේ අනික් කොටස් මාංශ ඇතුළුව ඉතා හොඳ තත්ත්වයේ තිබූ අතර මෙම සුරක්ෂිතභාවය රසායනික හෝ වෛදික මාර්ගයකින් පැහැදිලි කළ නොහැක. 1556 නොවැ 18 වන දින ගෝවේහිදී වෘත්තිමය දිව්රුම් දීමක් මත සහතික කොට ප‍්‍රකාශ කරමි.”

”දොස්තර රිබේරියෝ වන මා, මෙම පූජනීය දේහය රිසි සේ පරීක්ෂා කළෙමි. පාද සිට දණහිස් දක්වා සහ දෙඅත් ද පරීක්ෂා කළ අතර සම්පූර්ණ සිරුර මාංශ පේශින්වලින් වැසී, ස්වභාවික වර්ණයෙන් යුතුව හොඳින් සුරැුකී තිබුණි. මාංශ ඉතා මෘදු සහ තෙත් ගතියෙන් යුක්ත විය. වම් පාදයේ දණ හිස මත පිටතින් ඇඟිල්ලක තරමේ එක පහරකින් සිදුවූ තුවාලයක් වූ අතර, පිටවූ පසු කාලයක් තිබීමෙන් කළු පැහැ ගන්වූ ලේ පැල්ලම් තුවාලය වටේට දක්නට ලැබිණ. උදරයේ ද වම් පැත්තේ තුවාලයක් වන් කුඩා සිදුරක් දුටුවෙමි. එම සිදුර තුළින් මා ඇඟිල්ලක් දැමූ අතර පළමුව එහි රික්තයක් වූ නමුත් තවදුරටත් එබීමේදී වියළි ගිය අතුනුබහන් ස්පර්ශකිරීමට හැකිවිය. මම කොපමණ යටට අත දැමුවත් කිසිම දුර්ගන්ධයක් මට නොදැනුණි. හිස යට කුඩා මෙට්ටයේ ද, දණහිස් මත මෙන් දීර්ඝ කාලීනව පිටවූ රුධිරයේ පැල්ලම් දක්නට ලැබුණි. මේ සියල්ල මා 1556 දෙසැම්බර් 1 වන දින නිරීක්‍ෂණය කළෙමි.

වෛද්‍ය ලැලිසියානෝ රාමොස්ගේ වෛද්‍ය පරීක්‍ෂණය:

මේරි රැුජිනගේ අණ පරිදි 1782 ජනවාරි 1 වන දින දේහය පිළිබඳ තවත් පරීක්‍ෂණයක් පවත්වන ලදී. එය නිරීක්‍ෂණය කිරීමට ආණ්ඩුකාරතුමා, කපිතාන් ජනරාල්වරයා. පරිපාලන නිලධාරී සහ ගෝවේහි පූජක අධිකාරියේ බලධාරීන් පැමිණ සිටි අතර පසු දින පහත සඳහන් වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අති අභිමානවත්, ආණ්ඩුකාර ෆෙඞ්රික් ගිල්ගර්ම් ඩි සොයිසා සාමිවරයාණෙනි. උතුම් වූ රැජිනගේ අණපරිදි පූජනීය දේහය කුමන තත්ත්වයේ තිබේද යන්න පරීක්‍ෂාකිරීමට එය බහාලූ පෙට්ටිය විවෘත කළ අතර එම දේහයට අදාළ පූජනීය සළු අන්දවා තිබිණ. හිස සුරක්ෂිතව තිබූ අතර හිසකෙස් කුඩා ප‍්‍රමාණයක් හිස් කබලේ තිබිණ. මුහුණ දකුණු පැත්ත සීරීමකට අමතරව මනාව සුරක්ෂිතව තිබූ අතර, හොඳ වර්ණයෙන්ද, සමින් ද වැසී තිබුණි. කන් දෙකම හොඳ තත්ත්වයේ තිබූ අතර, එකක් නෑර දත් සියල්ලම තිබුණි. වම්අත සමින් වැසී ස්වභාවික වර්ණයෙන් යුක්තවූ අතර දකුණු අත දක්නට නොවීය. ජේසුස් ෆාහේරාගේ කාලයේ මෙම අත කපා රෝමයට ගෙන යන ලදැයි ජනප‍්‍රවාදයක් වේ. ශරීරයේ අනෙකුත් අවයව පරීක්‍ෂාකිරීමේදී අතුණුබහන් නොමැති බැව් නිරීක්‍ෂණය කරන ලදී.
කලවායන්හි සම ගැලවී යමින් තිබූ නමුත් පාදයන්හි සම තිබූ අතර එය ඉලිප්පී පෙනෙන්නට තිබුණි. පාදවල එක් ඇඟිල්ලක් නැතිව අන් සියලූම ඇඟිලි සහ එහි නියපොතු ද විය. පාදයේ එක් ඇඟිල්ලක් නොතිබූ අතර එය එක්තරා භක්තිමත් කාන්තාවක් විසින් ඩැහැ ගන්නා ලදුව දැන් එය ජනරාල්වරයාගේ නිවාසයේ තිබේ.

උපුටාගැනීම - ලංකාදීප