BLANTERORBITv101

අදේවවාදයට තුඩු දෙන තර්කද විශ්වාස කිරීමට මට නොහැකිය,

 "විශ්වය පිටුපස බුද්ධියක් නැතැයි සිතමු, යම් නිර්මාණාත්මක මනසක් නැතැයි සිතමු.ඒ අනුව කිසිවෙකුත් සිතීමේ අරමුණින් මාගේ මොළය නිර්මාණය කර නැත.එවිට හුදෙක් මාගේ හිස් කබල තුළ ඇති පරමාණු යම් භෞතික හෝ රසායනික හේතූන් මත, යම් ආකාරයකින් නිශ්චිත පිළිවෙලට සකස් වීමේ අතුරු ඵලයක් ලෙස මා සිතුවිලි ලෙස හඳුන්වන සංවේදනය ලබා දෙයි.නමුත් එය එසේ නම්, මම මාගේම සිතුවිලි සත්‍ය යැයි විශ්වාස කරන්නේ කෙසේද? එය හරියට කිරි ජෝගුවක් බිම වට්ටා, එය විසිරී යන ආකාරය ඔබට ලන්ඩනයේ සිතියමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කිරීම වැනිය.නමුත් මාගේ සිතුවිලි මට විශ්වාස කළ නොහැකි නම්, අදේවවාදයට තුඩු දෙන තර්කද විශ්වාස කිරීමට මට නොහැකිය, එබැවින් අදේවවාදියෙකු වීමට හෝ වෙනත් කිසිවකු වීමට හේතුවක් මට නොමැත.මම දෙවියන් වහන්සේව විශ්වාස නොකරන්නේ නම්, මට සිතුවිලිද විශ්වාස කළ නොහැක: එබැවින් දෙවියන් වහන්සේව අවිශ්වාස කිරීමට, මට කිසි විටෙකත් මාගේ සිතුවිලි භාවිත කළ නොහැකිය"

~ සී. එස්. ලුවිස් - (The case for Christianity - Pg 32)

කිතුනු අපේ දේවධර්ම දිනපොත