BLANTERORBITv101

සැබෑ ලෝකය ගැන, දෙවියන් වහන්සේගේ පැවැත්ම ගැන සත්‍යය තොරතුරු දැනගත හැකිද? නොහැකිද?

අඥෙයවාදය ( agnosticism ) හෙවත්, "දෙවි කෙනෙක් ඉන්නවද? නැද්ද? යන වග දැනගැනීමට නොහැකි බව" පවසන පුද්ගලයින් අඥෙයවාදීන් හෙවත් නාස්තික දෘෂ්ටිකයින් ( agnostics ) ලෙසින් හදුන්වයි. අඥෙයවාදීන් යනු අදේවවාදීන් ( atheists ) නොවේ. මොවුන් අදේවවාදයත්, දේවවාදයත් අතරමැද සිටින පුද්ගලයින්ය.මොහුන්ගේද කොටස් දෙකක මතධාරීන් දැකිය හැකිය.එනම්; දෙවි කෙනෙක් ඉන්නවද? නැද්ද? යන වග සහතික ලෙසම නොදන්නා බව පවසන නාස්තික දෘෂ්ටිකයින් හා දෙවි කෙනෙක් ඉන්නවාද? නැද්ද? යන වග සහතික ලෙසම දැනගැනීමට පුළුවන්කමක් නොමැති බව පවසන නාස්තික දෘෂ්ටිකයින්ය.

නූතන නාස්තික දෘෂ්ටිවාදයේ විශාලතම ස්තම්භයක් වන එම්මානුවෙල් කාන්ට්ගේ අඥෙයවාදයට අනුව, සැබෑ ලෝකය ගැන කිසිවක් දැනගැනීමට කිසිදු මාර්ගයක් නොමැති බව පවසයි.කොටින්ම කිවහොත් ඩේවිඩ් හියුම්ගේ දර්ශනයට අනුව ඉන්ද්‍රියානුභවිකව ප්‍රත්‍යක්ෂ කරන ලද දේවල් ගැන සත්‍යය පවා සැබවින්ම අපට දැනගත නොහැකි බව මොහු පවසයි.කාන්ට්ට අනුව යමක් පිලිබඳව ( උදා:- ගසක් ගැන ) අපට දැනගත හැක්කේ අපගේ ඉන්ද්‍රීයන් හා මනස මඟින් ඒ ගැන ( උදා:- ගස ගැන ) නිර්මාණය කර පෙන්වන දේ මිසක, සැබෑවටම පවතින දේ ( උදා:- සැබෑ ලෝකයේ පවතින ගස ) ගැන නොවේ.කාන්ට්ට අනුව මෙලෙස සැබෑ ලෝකය ගැන කිසිදු සත්‍යයක් අපට දැනගැනීමට නොහැකි තැන, දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ගැන සත්‍යයන් අප සහතික ලෙසම දැනගන්නේ කෙසේද? අඥෙයවාදීන් අප හමුවේ තබන ප්‍රශ්නය මෙයයි.

සී.එස්.ලෙවීගේ ප්‍රකාශයක් මෙහිදී සඳහන් කළ යුතුය.එනම්; "යහපත් දර්ශනවාදය පැවතිය යුතුය.මක්නිසාදයත් වෙන යම් හේතුවක් නිසා නම් නොවේ, අයහපත් දර්ශනවාදයට පිළිතුරු සැපයිය යුතු නිසාය".මෙහිදී අපට කාන්ට්ගේ අඥෙයවාදය අයපත් දර්ශනවාදයක් ලෙස සළකා, ඊට පිළිතුරු සැපයිය හැකිය.එම්මානුවෙල් කාන්ට් තමන්ගේම නියමයන්ට පටහැනි වී ඇත.කාන්ට් හට "සැබෑ ලෝකයේ සැබෑම සත්‍යය" ගැන කිසිවක් දැනගැනීමට නොහැකියි නම්, "සැබෑ ලෝකයේ සැබෑම සත්‍යය" හා අපගේ ඉන්ද්‍රීයන් හා මනස මඟින් "සැබෑ ලෝකය ගැන අපට නිර්මාණය කර පෙන්වන සත්‍යය" ඔහු විසින් වෙන්කර හදුනාගත්තේ කෙසේද? මක්නිසාදයත් කාන්ට් විසින්ම "දැනගත නොහැකි යැ"යි  දිවුරා පැවසූ දේ ගැනම යමක් ඔහු දැනගෙන සිට ඇත.කාන්ට් තමන්ගේම නියමයන්ට පටහැනි වී ඇති බව පැවසුවේ මේ නිසයි.

යමක් තවත් දෙයකින් වෙන්කර හඳුනා ගැනීමට නම්, යමක අවසානය සහ අනෙකෙහි ආරම්භය හදුනාගැනීමට ඔබට හැකිවිය යුතුයි.උදාහරණයක් ලෙස කළු පැහැති මේසයක් මතට ඔබ සුදු පැහැති කොළ කැබැල්ලක් දමන අවස්ථාවක් සිහියට නඟා ගන්න.සුදු කඩදාසිය අවසාන වන ස්ථානයන් ඔබට පැවසීමට හැක්කේ කළු පැහැති මේසයේ සීමාවන් ආරම්භ වන ස්ථානයන් ඔබ විසින් හදුනාගන්නා විටය.මේසය හා කොළය අතර ඇති අසමානකම්, කොළයේ සීමාවන් දැකීමට ඔබට ඉඩ සලසයි.එසේම කාන්ට් හට සැබෑ ලෝකයේ පවතින දෙය හා තම මනස මඟින් නිර්මාණය කර පෙන්වන දෙය වෙන්කොට දැක්වීම සඳහා ඔහුට ඒ දෙකම දැකීමට හැකියාව තිබිය යුතුයි.නමුත් ටක්කෙට කළ නොහැකි බවට ඔහු විසින්ම දිවුරා පවසන්නේද මේ දෙයමයි. ඒවා ( සත්‍යයන් ) වෙන්කොට දැකීමට ඔබට නොහැකියි නම්, ඉන් අදහස් වන්නේ ඒවා සමාන වන බවයි; එකම බවයි.වෙනත් වචන වලින් කියතොත්, ඔබේ මනසේ පවතින අදහස සැබවින්ම නිරූපණය කරන්නේ සැබෑ ලෝකයේ, සැබෑවටම පවතින; සිදුවන දේ බවයි.එබැවින් දෙවි කෙනෙක් ඉන්නවද? නැද්ද? යන වග දැනගැනීමට නොහැකි බව කවුරුන් හෝ විසින් පවසනවා නම්, එය සහමුලින්ම මුසාවකි. සැබවින්ම ඔහු යමක් දත සිටිය යුතුමය.

අඥෙයවාදයේ අසත්‍යතාවය තහවුරු කළ හැකි තවත් ක්‍රමවේද රාශියක් ඇත.ලිපිය ඉතා දිගු වීමට හැකි නිසා ඒ ගැන වැඩිදුර තොරතුරු අපි තවත් ලිපි මඟින් ඔබ වෙතට ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු.

කිතුනු අපේ දේවධර්ම දිනපොත