BLANTERORBITv101

අනුරපුර පූජා නගරය නිසා අපට අහිමිව ගිය කතෝලික උරුමය


  අප පැරැන්නෝ ඔවුන් සතුවූ කිතුනු විශ්වාසය තුළ ඒකල  ලක්දිව පුරා ඔවුන් විසිර ගිය සෑම තැනකම කතෝලික දේවස්ථාන ඉදිකළ බව අප දනිමු.එලෙස ඉදිව මෙරට බෞද්ධ ජන සමාජයේ හා ආගමික භාවිතා ව තුල මුදුන්මල්කඩක් බඳුවූ අනුරාධපුර පූජා නගරය නිසා අපට අහිමිව ගිය කතෝලික දේවස්ථානය ක් ඇති බව අද අපි ඔබට කියාදෙන්නට යන්නෙමු.

කිතු වසින් 1874 දී එකල   ලක්දිව වැඩ විසු නිර්මල මරිය නිකායීක රදගුරු නමක් වූ අති උතුම් අර්නසට් ක්‍රිස්ටෝෆර් බොන්ජින් රදගුරුතුමන් විසින් අනුරාධපුරයේ ඉඩමක් මිලට ගෙන එහි ස්වභාෂා පාසලක් සහ කතෝලික දේවස්ථානයක් ඉදි කිරීමේ අරමුණු  පෙරදැරි කොටගෙන  ඉන්පසුව ප්‍රථමයෙන් පාසලත් පසුව එම පාසලේ අභ්‍යන්තර දෙව්මැදුර හෙවත් Chapel  එකක් ලෙස මෙම දෙව් මැදුර ආරම්භ කරන ලදී.

 ඉන්පසු 1894 දී එම කුඩා දෙව් මැදුරේ  ඉදිරිපස හා  මොගොප්පුව  විශාල කිරීමේ වැඩ කටයුතු පටන් ගෙන එහි නිමාව 1890 දී  සනිටුහන් කරන ලදී. එම කාලයේ සිදු වූ අතිවිශේෂ කටයුත්ත නම්  1898 දී මෙම ස්වභාෂා පාසල  ශාන්ත ජෝසප් විද්‍යාලය ලෙස රජයේ ලියාපදිංචි කිරීමයි. 

 මෙලෙස ප්‍රදේශයේ ජනයාටත් විශේෂයෙන් කතෝලික ජනතාවටත් අති මහත් වූ සේවයක් කළ මෙම දෙව්මැදුර 1903 දී සිදු වූ බෞද්ධ කැරැල්ලක් හේතුවෙන් විනාශමුඛයට ඇදී ගියේය. 20,000 කින් පමණ සමන්විත වූ ප්‍රදේශයේ බෞද්ධ ජනතාවක් එක්ව කැරැල්ලක් නිර්මාණය කොට එකල දේවස්ථානයේ සේවය කළ ගරු Rrux හා  ගරු අල්පෝන්සොස් නමැති පූජා ප්‍රසාදීන් වහන්සේලා දෙනම ට විවිධ අඩත්තේට්ටම් කොට පූජා භාණ්ඩ දේවස්ථානය  පුරා විසුරුවා හරිමින් පූජා ඇඳුම් ඔවුනොවුන් අතර බෙදා ගනිමින් ඒවා ඇඳගෙන ශු. දිව්‍ය යාගයටත් දේවස්තානයටත් කතෝලික සභාවටත් අපහාස කර ඇත.ඉන්පසු දෙව්මැදුරට බරපතල හානිකොට විනාශ කර දමා ඇත.

එම කැරැල්ලේ දී බරපතළ ලෙස පහර කෑමට ලක් වූ පියතුමා පසුව යාපනයට මාරුවී ගොස් 1915 දී මිය ගියේය .

   පසුව නිර්මල මරිය නිකායික ගරු කොලොශ් නම් පියතුමා ගේ අධීක්ෂණය යටතේ 1903 දී එම දෙව්මැදුර නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.නැවත 1924 ජූලි මස 6 වන දින එකල යාපනයේ පදවි එඩේරාණන් වූ නිමල මරිය නිකායික අති උතුම් ඇල්ෆ්‍රඩ් ගියෝමාර් රදගුරු තුමන් හා එකල මහනුවර පදවියේ  එඬේරාණන් වූ බෙනදිකාන නිකායික  අති උතුම් බීඩ් බැක්මියර් රදගුරු තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් දෙව්මැදුර යළි අභිෂේක කරන ලදී. පසුව 1965 දී රජය විසින් අනුරාධපුර පූජා නගරයේ දේශ සීමා විශාල කිරීමේදී මෙම දෙව් මැදුර  ඉවත් කරන මෙන් කතෝලික සභාවෙන් ඉල්ලීමක් කොට ඇත .එසේ අයින් කරන විට පදවියේ නායකත්වය දරා ඇත්තේ ලක්දිව පළමු දමිළ රදගුරු අති උතුම් ජෙරොම් එමිලියානුස්පිල්ලේ හිමිපාණන් විසිනි. මෙම දෙව් මැදුරේ  අවසාන දිව්‍ය යාගය සිදුකොට ඇත්තේ 1964 ජනවාරි මස 26 වනදා බව ඉතිහාසය අපට සාක්ෂි දරයි.

මෙලෙස පූජා නගරයේ බලපෑම මත දේවස්ථානය ඉවත් කෙරුවත් දේවස්ථානය අසල පිහිටි කන්‍යාරාමයේ ගොඩනැගිලි කඩා විනාශ නොකොට එය " බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය"  නම් බෞද්ධාගමික ගොඩනැගිල්ලක් ලෙස භාවිතා කර ඇත.


සටහන් අනුග්‍රහය - අසේල දසනායක සොයුරු.

ජායාරුප අනුග්‍රහය - මාධව ජයකොඩි සහ අසේල දසනායක සොයුරන්