ක්‍රිස්තුස් වහන්සේ ගේ උත්ථානයත් සමඟ බැඳී පවතින මැදපෙරදිග සහ යුරෝපයේ සියවස් ගණනාවක සිට ස්ථාන කිහිපයක තබා තිබූ, අද වන විට ඉතාලියේ ටියුරින් නුවර ආසන දෙව් මැදූරේ තැන්පත් කර ඇති ඇණගැසුම් කෑ පුද්ගලයෙකුගේ රූපය සටහන් වී ඇති දිග සළුව ගැනයි මේ ලිපිය.
මොකද්ද මේ සළුව? කාවද මෙයින් ඔතා තිබුනේ?
කාලයක පටන්ම මේ සළුව ගැන විවිධ මතිමතාන්තර සමාජයේ ඇතිවුණ අතර විද්‍යාඥයින්, ඡායාරූප ශිල්පීන්, දේවධර්මාචාර්‍ය වරුන් ආදී මෙකී නොකී බොහෝ දෙනා මේ ගැන පරීක්ෂණ පවත්වා විවිධ අදහස් ප්‍රකාශ කර තිබේ. විද්‍යාඥයින්ට පවා මේ ගැන හරිහැටි පැහැදිලි කිරීමක් තවමත් කර ගැනීමට නොහැකිව තිබෙන අතර එක් දෙයක් පමණක් මොවුන් ස්ථීර වශයෙන්ම හඳුනාගෙන තිබේ. එනම් මෙම සළුව මත තින්ත හෝ පින්සල් පහරක් සටහන්ව නොමැති බවයි.
මෙම ශ්‍රී සළුව ඉතාලියේ ටියුරින් නුවරට ආවේ කොහොමද කියලා පැනයක් නඟින්න පුළුවන්. මෙහි වාර්තාගත ඉතිහාසය අපට සොයාගන්න පුළුවන් 14 වන සියවසෙන් පසුව වුවත්, ඓ්‍යතිහාසික, විද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක පරීක්ෂණ මඟින් මෙහි සැඟවුණ ඉතිහාසය පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන්. ජෙරුසලමේ තිබූ මෙය එඩෙස්සා නුවරටත් (උර්ගා, තුර්කිය), එතැනින් කොන්ස්තන්තිනෝපලයේත් (ඉස්තාන්බුල්), ප්‍රංශය, ෂොම්බරි නුවර සහ අවසානයේ අද වන විට ඉතාලියේ ටියුරින් නුවර ආසන දෙව්මැදූරේ තැන්පත් කර ඇත.
මීටර් 4.42 ක් දිග සහ මිටර 1.13 ක් පළල මෙම සළුව බොහෝ අය විශ්වාස කරන්නේ ජේසුස් වහන්සේව ගල්ලෙනෙහි තැන්පත් කරන්නට යොදාගත් සළුව කියායි. සියවසක් පමණ කාලයක් පුරාවට සිදූකල විවිධ පරීක්ෂණ මෙය යම්තාක් දූරට සනාථ කරවන බවටද කෙනෙක්ට කිව හැක. කෙසේ හෝ මෙතෙක් සිදූකළ පරීක්ෂණ වලින් අනාවරණය වන දෑ කිහිපයක් මා මෙහි සඳහන් කරන්නම්.
• මෙය චිත්‍රයක් නොවේ.
• මෙහි ඇති negative රූපය මෙම රෙදි කඩෙහි නිර්මාණය වී ඇත්තේ negative සහ positive රූප අතර වෙනස සොයා ගැනීමට සියවස් ගණනාවකට පෙර නිසා මෙය මනුෂ්‍යයෙකුගේ නිර්මාණයක් විය නොහැක.
• මෙහි ඇති මනුෂ්‍ය රූපය negative ඡායාරූපයක් ලෙස සටහන් වී ඇතත්, මෙහි ඇති ලේ පැල්ලම් සාමාන්‍යය ලෙස සටහන් වී ඇත්තේ කෙලින්ම සළුව මත වැදීම නිසයි.
• මෙය මෘත ශරීරයක් මඟින් නිර්මාණය වී ඇතත් එම මෘත ශරීරය දිරා ගිය බවට කිසිඳු සලකුණක් එහි සටහන් වි නැත.
• අත් සිදූරු කර ඇත්තේ අල්ල තුලින් නොව ශරීර බර දරාගත හැකිවන සේ වළලූකර තුළින්ය.
• අතේ සටහන් වී ඇත්තේ ඇඟිලි 4කි. වළලූකර හරහා ඇණ ගසන විට අසුවන නහර නිසා ඉබේම මාපටැඟිල්ල නැවේ. එම නිසා මාපටැඟිල්ල සළුවේ සටහන් වී නොමැත.
• ඇලයේ ඇති ලේ පැල්ලම සටහන් වි ඇත්තේ මෙම පුද්ගලයා මිය ගියාට පසු ඇතිවූ තුවාලයක් නිසායි.
• මෙහි සටහන් වී ඇති රුධීරය, මිනිස් රුධීරය වේ.
• නවින පරිගණක තාක්ෂණය මඟින් සිදූකල පරික්ෂණ වලින් අණාවරණය වන්නේ මෙම රෙදි කඩෙහි ඇති රූපය සාමාන්‍ය චිත්‍රයක් හෝ ඡායාරූපයක් ලෙස නොව ත්‍රිමාණ ආකාරයෙන් සටහන් වී ඇති බවයි.
• මෙහි තිබි සොයාගෙන ඇති පරාග වලින් සනාථ වන්නේ මෙම සළුව පලස්තීන, මැදපෙරදිග රටවල් වල තිබි ඇති බවයි.
මෙම කරුණු වලින් ඔබට මෙම සළුව ගැන යම් වැටහීමක් ලැබෙන්නට ඇතැයි සිතමි. ඒ වගේම මෙහි සටහන් වි ඇති සළකුණු වගේම මෙම රූපය අයිති පුද්ගලයා විඳි දූක් වේදනා පිළිබඳව සිදූකර ඇති පරීක්ෂණ වලින් අපට යම්කිසි නිඟමනයකට පැමිණිය හැකියි.
මෙහි සටහන් වී ඇති සළකුණු වර්ග 4ක් දැකිය හැකියි. ඒවා නම් මෙසේයි.
පිළිස්සුම් සළකුණු
මෙම සළුව මත එකිනෙකට සමාන්තරව විහිදෙන තද පැහැති ඉරි දෙකක්ද, ඒවා අසල ත්‍රිකෝණාකාර සිදූරු 29ක්ද දැකිය හැකියි. මෙම සලකුණු ඇතිව තිබෙන්නේ 1532 වසරෙ§ මෙම ශ්‍රී සළුව තැන්පත් කර තිබූ ෂෝම්බරි හි දේවස්ථානයේ ඇතිවූ ගින්නෙන් මෙය තිබූ රිදී මංජුසාව උණුවී එම රිදී මෙම සළුව මත වැටීමෙනි.
ජල සලකුණු
1532 වසරෙ§ ඇති වූ ගින්න නිවීමට යොදාගත් ජලය නිසා මෙම සළකුණු ඇතිවී තිබේ.
මිනිස් රූපය
මෙම සළුව පුරා මිනිසෙකුගේ ඉදිරිපස සහ පිටුපස සම්පූර්ණයෙන් ම සටහන් වී ඇත. දූඹුරු පැහැයෙන් සටහන් වී ඇති මෙම රූපයේ සමහර තැන් තද පැහැයෙන් සහ අනෙක් තැන් ලා පැහැයෙන් සටහන් වී ඇත. තද පැහැයෙන් සටහන් වී ඇත්තේ නලල, නාසය, නිකට, පපුව ආදී සළුවට ස්පර්ශ වී තිබූ ස්ථානයි. අනෙක් ස්ථාන ලා පැහැයෙන් සටහන් වී ඇත. මෙම පුද්ගලයා සෙ.මී. 170 ට වඩා උස පුද්ගලයෙකු ලෙස සඳහන් වේ
ලේ පැල්ලම්
මෙම සලකුණු ඇතිව තිබෙන්නේ මෙම පුද්ගලයාගේ ශරීරයේ තිබූ තුවාලයන් සෘජුවම මෙම සළුවට ස්පර්ෂ වීමෙනුයි. මෙම සලකුණු සිරුරේ නළල, බෙල්ල, අත්, පාද, දකුණු ඇලය, පිට ආදී පෙදෙස් වල දැකිය හැකිය.
මෙම සියළු කරුණු සලකා බලන විට සහ මෙම පුද්ගලයා අත් විඳි දූක් වේදනා සලකා බලන විට කතෝලිකයන් ලෙස අපිට මෙය ජේසුස් වහන්සේව ඔතා තිබූ සළුව ලෙස සිතීම වැළැක්විය නොහැක. එසේම මෙම සිරි සළුව අපට ජේසුස් වහන්සේගේ දූක් විඳීම, මරණය ගැන ඉතා හොඳ වැටහීමක් ලබාදේ. වඩාත් විශේෂිත දේ නම් මෙය අපට ජේසුස් වහන්සේගේ උත්ථානය පිළිබඳව ඇති හොඳම සාක්ෂිය වීමයි.
ආශ්‍රිත ග්‍රන්ථ:
- දොම්. නිරන්ජන් විජේරත්න සා.බෙ.නි. පියනම, "අසිරිමත් සිරි සළුවෙන් බිඳක් ", බෙනඩිකාන ප්‍රකාශන, මොන්ටිෆානෝ, අම්පිටිය, 2001.
- Gian Maria Zaccone, "La Sindone: Storia di una immagine", Figlie di san Paolo, Milano, 2010.
- Lamberto Schiatti, "Le Saint Suaire", Ed. Paoline, Paris, 1983.
- "The Turin Shroud", Cattedrale di Torino (Leaflet)
0 Comments