තමා ගේ දහම සත්‍ය දහම යයි පවසමින් ජනතාව මුලා කරන නොයෙක් මූලධර්මවාදී කණ්ඩායම් වල ඉතිහාසය පිළිබඳ කතෝලික බැතිමතුන්ට දැනුමක් ලබා දීමේ අපේක්ෂාවෙන් මේ ලිපිය ලියැවෙන අතර ඒ සහෝදර ජනතාව අතර බෙදා හරින ලෙස ඉල්ලා සිටිමි .
16 වන ශතවර්ෂයේ මැද භාගයේ යුරෝපය තුල විශාල ආගමික පුනරුදයක් ඇති වේ . එය සාමාන්‍යයෙන් හඳුන් වනුයේ ප්‍රොතෙස්තන්ත විප්ලවය ලෙස ය . රෝමයේ කතෝලික සභාවෙන් ලුතරානු සභාව , ඇන්ග්ලිකන් සභාව , ප්‍රෙස්බෙටේරියන් සභාව හා පියුරිටේරියානු සභාව වෙන් වන්නේ මේ කාලයේය . ඉන්පසු ඉතිහාසය පුරාවට එම එනම් වෙන්ව ගිය සභාවන් නොයෙකුත් කාලවකවානු තුළ නොයෙක් කරුණු පදනම් කරගනිමින් කොටස් කොටස්වලට කැඩී බිඳී යයි . එහි උච්චතම අවස්ථාවට පැමිණෙන්නේ 18 වන ශතවර්ෂයේ අග භාගය හා 19 ශත වර්ෂයේ මුල් භාගය තුළ එංගලන්තය හා ඇමෙරිකාව තුල සිදුවන චින්තන විප්ලවයන් ආශ්‍රිතවය . දහ නමවන ශත වර්ෂය අග භාගය වන විට මෙය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය.
මේ සෑම මූලධර්මවාදී ගුරුකුලය කම ප්‍රධාන ලක්ෂණය වන්නේ බයිබලය වචනාර්ථයෙන් ගෙන අර්ථ කථනය කිරීමයි . ඔවුන්ට පැහැදිලි දේව ධර්මයක් නොතිබුණු අතර එකිනෙකා එකිනෙකාට දැක්වූයේ විරුද්ධ අදහස් ය . 1920 වන විට මොවුන් ඉතා ප්‍රබල ලෙස වර්ධනය වූ අතර බොහෝ ප්‍රෙස්බිටේරියන් බැතිමතුන් හා බැප්ටිස්ට්ත බැතිමතුන් මොවුන්ගේ ග්‍රහණයට නතු විය. මූලධර්මවාදය යන වචනය ප්‍රථමයෙන් භාවිතා කරන්නේ බැප්ටිස්ත ලේඛකයකු වූ කර්ටීස් ලී ලොව් විසිනි .එය යෙදුවේ මූලධර්මය රැකගැන්මට අන්තවාදීව සටන් වදින්නා යන අරුතිනි. ඔහු මේ යෙදුම පිළිබඳව අදහස ලබා ගන්නේ The fundamentals of a testimony to the truth යන සඟරාව ආශ්‍රයෙනි.(1910-1915 )මෙම වචනය ඉංග්‍රීසි ශබ්දකෝෂයට පැමිණෙන්නේ 1922වර්ෂයේය. එහි යොදන්නේ ආගමික කණ්ඩායම් පිළිබඳවය පැහැදිලි කිරීමටය . මෙම විවිධ කණ්ඩායම් වල ක්‍රියාකාරිත්වය හේතු කොට ගෙන විසි එක්වන ශත වර්ෂය වන විට මෙම වචනය යොදන්නේ අන්තවාදී ආගම් කණ්ඩායම් හඳුන්වා දීමටය.ඒ තුළ යම් මානසික විකෘති බවක් ද අන්තර්ගතව ඇත.රොබට් වූඩ්බෙරි හා ක්‍රිස්ටියන් ස්මිත් වැනි ලේඛකයින් ට අනුව සිවිල් යුද්ධයේ අවසානය සමඟ උත්තර පරිණාමවාදී ඉගැන්වීම් හා උත්තර ප්‍රොතෙස්තන්ත වාදී දේවධර්මාචාර්ය වරු අතර නොසන්සුන්තාවයක් පැන නැගිණි .එය සිදු වන්නේ ශුද්ධ බයිබලය විස්තර කිරීම සම්බන්ධව ය. මෙවන් වටපිටාවක දක්ෂිණ ගුරුකුලය මේ දෙපාර්ශවයටම විරුද්ධව නැගී සිටින්නට විය .මේ අතර පශ්චාත් නූතනවාදින් විද්‍යාවට සමගාමීව ආගම වෙනස් විය යුතු යැයි තර්ක කරන ලදී .ඔවුන් බයිබලය පරිණාමවාදී සැකිල්ලක් තුළ විස්තර කරන්නට උත්සාහ ගත් අතර සාම්ප්‍රදායික ගුරුකුල එයට තදින්ම විරුද්ධ විය . එකිනෙකා මධ්‍යස්ථ පිළිවෙතකට නොපැමිණ අතර තමන්ගේ මතය පමණක් සත්‍යය යි පවසමින් අන්තගාමී වීමේ පළමුවන පියවර සිදු වන්නේ මෙහිදීය . ඒ අනුව :
1840 Evangelicalism යන ගුරුකුලය තුළ එංගලන්තය පාදක කර ගැනීමෙන් තම අදහස් පළ කිරීම ඇරඹිණි . මූලිකව මෙම තර්කය ඇති වන්නේ ප්‍රොතෙස්තන්ත සභාවන් අතරය .ඔවුනගේ ඉගැන්වීම් වලට අනුව ගැලවීම පිළිබඳ සත්‍යතාවය ඇත්තේ දේව වචනය තුළ පමණි .එය සිදුවන්නේ ජේසුස් වහන්සේගේ යාගය තුළය . එනිසා ගැලවීම යනු නැවත ඉපදීම කි .මෙම සංකල්පය ප්‍රථමයෙන් ඉදිරිපත් කරන්නේ මාටින් ලූතර් විසිනි .එතුමා එම අදහස් ඉදිරිපත් කරන්නේ මව් සභාවෙන් තම සභාව වෙන්කර දැක්වීමට ය . එනම් ඔවුන් සභා සම්ප්‍රදායන් පිළිගන්නේ නැත .මෙහිදී ඔවුන්ට වූ වැරැද්ද වනුයේ දේව වචනය අවුරුදු ගණනාවක් සම්ප්‍රදායේ පැවත පසුව ග්‍රන්ථාරූඪ වූ බව ඔවුන්ට අමතක වීමය .සම්ප්‍රදාය පිළිනොගන්න වා යනු දේව වචනයෙන් සාරය හා පදනම ඔවුන් පිළිනොගැනීම කි .
1830 Dispensationalism
මෙම ගුරුකුලය බිය ව කුලය බිහිවන්නේ එංගලන්තය ආශ්‍රිතවය .එහි නිර්මාතෘවරයා ජෝන් නෙල්සන් ය. ඔහු කාලය හා ඉතිහාසය යුග හතකට බෙදයි. එම සෑම යුගයක අවසානයේම දේව අනාවරණයක් සිදුවේ .එය යුගාන්ත ක වේ දී සභාවක් වන අතර එම සභාවට අයත් නොවන අය දේව දඬුවමට පාත්‍ර වේ . අවසානයේ මහා යුද්ධයක් වන අතර එය සිදු වන්නේ අමගෙඩ්ඩෝන් නම් ස්ථානයකය . ඔහු විසින් ඉදිරිපත් කළ මෙම සෑම අනාවැකියක්ම ඉතිහාසය තුළ බොරු විය .මේ ආකාරයෙන් ආරම්භ වන මූලධර්මවාදය නොයෙක් විකාර ඉගැන්වීම් පදනම් කරගනිමින් ජනතාව මුලා කිරිමේ යෙදී සිටී .ඔවුනගේ ක්‍රමවේදය ඊළඟ ලිපියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි .
සටහන - ගරු.නිශාන්ත කුරේ (පැ.තු.නි) පියතුමා
0 Comments