" පේදුරු ඔබ මගින් මාගෙ සබාව පිහිටුවමි. මරනයෙ බලයට වුවද එය පරාජය කල නොහැක " - මේ වනාහී අප ගැලවුම් කාර ක්‍රිස්තුන් ජේසුස් වහන්සේ විසින් පේදුරුට දුන් පොරොන්දුවයි. ක්‍රිස්තුස් වහන්සේ එමවහන්සේ එම පොරොන්දුවට කෙතරම් සාධාරණයක් ඉෂ්ට කළා ද කිවහොත් උන්වහන්සේ කාලයෙන් කාලයට තම ශුද්ද වූ සභාව නිසි මාර්ගයේ ගෙන යෑම සඳහා මිනිසුන් තෝරා තෝරාපත්කල සේක .සභාව ආධ්‍යාත්මයෙන් මිදී දෙවියන් වහන්සේගෙන් ඈත්ව ලෞකිකත්වයට නැඹුරු වන විට උන්වහන්සේ විවිධ පුද්ගලයින් මගින් සභාව නැවත ආධ්‍යාත්මික මාර්ගය කරා ඔයා ලූ සේක .
දොළොස්වන සියවස වනාහි ශුද්ධවූ සභාව විවිධාකාර වූ ලෞකික මාර්ග වල ගමන් කළ කාලයයි .ගිහි පැවිදි පූජක සියල්ලො ජේසුස් වහන්සේගේ අණපනත් සහ උන්වහන්සේ තුළ තිබූ සරල බව අමතක කර ධනය බලය පසුපස හඹාගිය කාලයකි.එවන් කලක ක්‍රි.ව . 1181 / 1182 වර්ෂයේදී ඉතාලියෙ අසීසි නගරයෙදි උපත ලැබු එතුමා ගෙ දේමාපියෝ වංශවත් ධනවත් රෙදිපිළි වෙළෙන්දෝ විය.
එතුමා උපත ලබන විට එතුමන්ගේ පියා තම ව්‍යාපාරික කටයුතු සඳහා ප්‍රංශයෙ සිටි බැවින් ෆ්‍රැන්සිස් තුමන්ගේ මව එතුමාට Giovanni di Pietro di Bernardone යන නාමය බෞතිස්ම දී ලබා දුනි .තම පුතුගේ උපත දැනගත් පියා පෙරළා සිය මව් රටට පැමිණි අවස්ථාවේදී තමා බෙහෙවින් ආදරය කළ ප්රංසය සිහිවීම සඳහා තම පුතුට francis යන නාමය දෙන ලදී .
කුඩා කල සිට ධනවත් කෙළිලොල් දිවියක් ගත කළ ෆ්රැන්සිස්ට මේ මුදලින් අඩුවක් නොවූ බැවින් හිතුවක්කාර සල්ලාල තමන්ට උවමනා ජීවිතයක් ගත කළේය.නමුත් මේ තරුණයා කෙරෙහි දෙවියන් වහන්සේ තුළ තිබුණේ වෙනත් ම දේව සැලැස්මකි. එකල ලාදුරු රෝගීන් ව සමාජයෙන් කොන් කර තිබූ බැවින් කිසිවෙක් තම නිවසට හෝ තමා ජීවත්වන නගරයට හෝ වද්දා නොගත්තේය.
මෙසේ සැපවත් දිවියක් ගත කළ අසීසි මුනිදුන්ට ක්‍රිස්තුන් වහන්සේ කතා කළ පළමුවන අවස්ථාව නම් " ලාදුරු " රෝගියෙක් මාර්ගයෙනි .සිය පියාගේ රෙදි කඩයේ සිටියදි මාර්ගයේ සිගමන් අයැද එතැනට පැමිණි ලාදුරු රෝගියෙකු දුටු ෆ්‍රැන්සිස් ගේ හිත මොහොතකට සලිත විය .නිමේෂයකින් එම ලාදුරු රෝගියා පසුපස ගිය එතුමා තමා සන්තකයේ තිබූ මිල මුදල් පමණක් නොව තම පියාට අයත්ව තිබූ අගනා රෙදි වස්ත්‍ර ද හැම බිළිඳාට තෑගි කොට අවසානයේ දී එකල සමාජයේ කිසිවෙකු නොකළ අයුරින් ම ලාදුරු රෝගියාව ජේසුස් වහන්සේගේ ප්‍රේමය තුළ සිප වැළඳ ගත්තේය. ලාදුරු රෝගීන් ව පවා කොන් කළා තරුන ෆ්‍රැන්සිස් ලාදුරු රෝගියෙකු සිප වැළඳ ගැනීමට තරම් වෙනස් කළේ ක්‍රිස්තුස් වහන්සේ ය .
ඉන්පසු යම් අධ්‍යාත්මික සිත් හරිම කොට ලක් වූ පැන්සිස් තුමා තම පියා සතු බොහෝ රෙදි අසරණ යාචක ලාදුරු රෝගීන්ට සහ දුප්පත් ජනතාවට බෙදා දෙන ලදී .මෙය කන වැකුණු තරුණ francis ගේ පියා දැඩි සේ කෝපයට පත් විය .උන්වහන්සේගේ සමකාලීන මිතුරෝද උන් වහන්සේව සමච්චලයට ලක් කළේය. කාලය එසේ කෙමෙන් ගෙවී ගියේය....
මේ ක්‍රිස්තු වර්ෂ 1202 කාලයයි.කුරුස යුද්ධය වෙනුවෙන් සුද්දෝ සභාව කාලය මිඩංගු කළ කාලයයි . තරුණ francis ගෙන් ගේ සිතේ ද ඇති වූයේ නයිට් වරයෙකු වීම වරයකු කියන අදහසයි.එකල ඉතාලියේ තරුණයන්ගේ සිහිනයක් වූයේ නයිට්වරයෙකු ලෙස කුරුස යුද්ධය කරා ගොස් තම රටට ද පවුලට ද පවුලට ද කීර්තියක් ගෙනදීමටයි. තරුණ francis නයිට් වරයකු ලෙස හිරු එයාව බලා ගියේ සිතේ දහසක් බලාපොරොත්තු ඇතිව වුවද එම යුද්ධයෙන් පැරදුණු අතීත හමුදාව Collestrada කොලෙස්ට්රාඩා ප්‍රදේශයේ දී යුද සිරකරුවන් බවට පත් වේ පත්වී අවුරුද්දක් සිරගත ව සිටියේ ය.සිරගතව සිටි එම වසර ප්‍රැන්සිස් ගේ ජීවිතය ජීවිතයේ ඇතුළාන්ත වෙනසක් කිරීමට මූලික අඩිතාලම ලෙස franciscan ඉතිහාසය සාක්ෂි දරයි.බොහෝ රෝගාතුරව සිටි francis francis තම ජීවිතය දෙස නැවත හැරී බලා ඔහු ගත කළ කෙළිලොල් ජීවිතය ගැන කම්පා වේ කම්පාවේ එවන් වහන්සේ වෙතට ඔහුගේ සිත කෙමෙන් කෙමෙන් හැරෙන්නට පටන් ගති.1203 දි නිදහස්ව නිවසට පැමින නැවත යුද සෙබළෙකු සේ අපූලිආ Apulia නුවරට ගමන් කිරීමට සිතා සිටියද සිරස අභ්‍යන්තර හඬට අවධියේ එම අදහස වෙනස් කර ගත්තේය..ඉන්පසු තරුණ francis තම යහළුවන් ආශ්‍රය කිරීම ද කිරීමද ටිකෙන් ටික අඩු කර තනිව හුදකලාව තම ජීවිතය ගැන මෙනෙහි කරන්නට පටන් ගති.සිය මිතුරාගේ වෙනස දුටු දුටු යහළුවෝ " francis උඹ කසාද බඳින්න ද යන්නේ? " යැයි ඇසූ විට francis ගේ පිළිතුර වූයේ " ඔව් උඹලා කවදාවත් දැකලා නැති ලෝකෙ ඉන්න ලස්සනම මනාලියව මම බඳින්නයි යන්නේ " යැයි කීවේය.ෆැන්සිස් අදහස් කළේ දිළිඳුකම නමැති තම මනාලිය ගැනයි. (Lady poverty )
අසීසියේ ගරාවැටුණු දේවස්ථානයකට යෑමට නිතර පුරුදුව සිටි ප්‍රැන්සිස් දිනක් එහි යන විට එහි තිබූ බයිසන්තියානු කලාවට අනුව නිර්මානය කල ජේසුස් වහන්සේ කුරුස ගසේ සිටින පින්තූරයක් ඉදිරිපිට යාඥා කරමින් සිටියදී හදිසියේ ම හදිසියේම සිය අභ්‍යන්තරය මෙසේ හඬක් ඇසී ය. " ප්‍රැන්සිස් උඹට මගේ ගරා වැටෙන මෙම නිවස පෙනෙන්නේ නැද්ද? එය පිළිසකර කරන්න"
ජේසුස් වහන්සේ තමන්ට එම පල්ලිය නැවත හදන්නට අන කළා යැයි සිතූ ප්‍රැන්සිස් තුමා ගෙයින් ගෙට යමින් නගර පුරා ඇවිද මිනිස්සුන්ගෙන් සිඟමන් ඇද එම දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කළාට පසුව උන්වහන්සේ , ජේසුස් වහන්සේගේ තමන්ව කැඳවූයේ ගරාවැටුණු පල්ලියක් නැවත තනන්නට පමණක් නොව ලෞකිකත්වයට ඇදී යන ශුද්දවු සභාව නව තාවයකට පත් කරන බව තේරුම් ගත්තේය. රෝමය බලා වන්දනා ගමනක් ගිය ප්‍රැන්සිස් තුමා එහිදී යාචකයන් සමඟ එකට කාලය ගත කොට එම කාලය තුළදී තුළදී devan වහන්සේ තමන්ට දෙන කැඳවීම කුමක්දැයි අවබෝධ කරගත්තේය.
දිළිඳුකම තුළ කීකරුකම තුළ වෘත්ත ශුද්ධිය තුළ ,එනම් ලෞකික ජීවිතයෙන් මිදුණු අභ්‍යන්තර වෙනස්කමක් තුළ ජීවත්වන්නට ආශා කළ francis පෙරළා අසීසි නුවරට පැමිණ තමා සතු සියල්ල දිළිඳුන්ට බෙදා දුන්නේ " ඔබ සතු සියල්ල විකුණා දිළිඳුන්ට දී මා අනුගාමි වන්න" යැයි කියු ජේසුස් වහන්සේගේ වචන වලට අවනත වෙමිනි. මෙය දුටු පැන්සිස් ගේ පියා ඔහුව නගරයේ දේවස්ථානය වෙත කැඳවා ගොස් පූජකතුමන් ඉදිරියේ ෆ්රැන්සිස්ට විරුද්ධව කරුණු ඉදිරිපත් කර තමාට අයත්ව තිබී දිළිඳුන්ට බෙදා දුන් සියල්ලත් ෆ්‍රැන්සිස් සතු සියල්ලත් නැවත ඉල්ලූ විට තරුණ පැන්සිස් ගේ පිළිතුර වූයේ " මින් පසු මාගේ පියා වන්නෙ බර්නාඩ් ( Pietro di Bernardone dei Moriconi) නොව ස්වර්ගයේ වැඩ වසන අපගේ එක ම පියාණන් වහන්සේ වන බවයි. " එවිට පූජකතුමා පැන්සිස් අමතා" ඔබට අවශ්‍ය කුමක්ද?" දැයි ඇසූ විට ඇසූවිට ෆ්‍රැන්සිස්ගෙ ගේ පිළිතුර වූයේ "මට අවශ්‍ය සතුටින් සිටීමට පමණක්ය " යන්නයි. මෙලෙස තමා සතු ,හැඳ පැළඳ සිටි තම පියාගේ වස්ත්‍ර ආභරණ ද ගලවා ඔහුට දී නග්න ව දෙව් මැදුරෙ න් එලියට ගිය ෆ්‍රැන්සිස් තුමා එකල දිළින්දන් අතර ප්‍රසිද්ධව තිබූ සරල ඇඳුමක් ඇඳ ඉන්න වටා පටියක් බැඳ නිශ්චල තාවය සහ සොබාදහම තුළ ක්‍රිස්තුස් වහන්සේව සොයන්නට අදිටන් කොට ගරා වැටුණු දෙව්මැදුර වෙත ගමන් කළේය.
එතුමන්ට කෙදිනකවත් පැවිදි ජීවිතයක් ගත කිරීමට හෝ පැවිදි ආරාමයක් ආරම්භ කිරීමට හෝ පිරිස එක්කාසු කොට ගෙන පැවිදි නිකායක් ආරම්භ කිරීමට කිසිසේත්ම උවමනාවක් නොවීය.එතුමාට අවශ්‍ය කළේ සරලවම සතුටින් සිටින්නටය දෙවියන් වහන්සේව සොයා ගන්නටය , දෙවියන් වහන්සේ තුළ සැනසීම සොයා ගන්නටය.සැබෑ සතුට ඇත්තේ මෙලොව ලෞකික දේවල් තුළ නොව නොව ජේසුස් වහන්සේ තුළ බව ෆ්‍රැන්සිස් කම ක්‍රමයෙන් අවබෝධ කරගත්තේය.
තරුණ francis ගේ ජීවිත වෙනසු දුටු බොහෝ තරුණ පිරිස එතුමා අනුගමනය කරන්නට පටන් ගත් බැවින් එතුමා වටා බොහෝ පිරිසක් එක්විය.ඒ දෙවියන් වහන්සේගේ දෙවියන්වහන්සේගේ කැමැත්ත බව තේරුම්ගත් francis එම පිරිස හා එක්ව සරලකම තුළ දෙවයන් වහන්සේව අත් දකින්නට සිතාගෙන සාංඝික ජීවිතයකට ඇතුළු විය.
1208 වසරේ දි " ශුරතාවයින්ගෙ රාජෙස්වරිය ' නමින් කැපකල දෙව්මැදුරකට සැවොම එක්ව ශු.සුවිශේශයට අනුකූල වූ සරල නීතිමාලාවක් සාදා ගෙන ඒ අනුව ජීවත් වන්නට අදිටන් කර ගත්තේය . දිළිඳුකම ඔවුන්ගේ කැපී පෙනෙන හා ප්‍රධානම චරිත ලක්ෂණය විය. උන්වහන්සේ තම මිතුරන් සමඟ අසීස නුවර සෑම හැම අහු මුල්ලකම ගොස් දෙවන වන්සේගේ රාජ්‍යය ආසන්න බව ක්‍රිස්තු ජනයාට දේශනා කළේ ය.
1209 දි එතුමන් එම නීති මාලාවද රැගෙන සිය සොයුරන් සමග රෝමය බලා ගියේ පැවිදි ජීවිතයක් ගත කිරීමට ශුද්ධෝත්තම පියතුමා ගෙන් අවසර ගැනීමටයි.In 1209 he composed a simple rule for his followers ("friars"), the Regula primitiva or "Primitive Rule",.
මෙලෙස පැවිදි ජීවිතයක් ආරම්භ කළ උන්වහන්සේ තම නිකායට දුන් නාමය වනුයේ " කුඩාවරුන්ගේ නිකාය " order of friars minor " යන්නයි.
බෙනදිකාන ආරාමවල පැවිදි අය භාවිත කල prior ( උසස් කෙනා ) යන්න වෙනුවට කුඩා සොයුරා යන අර්තය ඇති friar යන වචනය ඔවුන් භාවිත කලේය .
ඉන්පසු අසීස් නුවරම සිටි ක්ලේයාර් යුවතිය ද ( පසුව අසීසියේ ශු . ක්ලාරා තුමි ) උන්වහන්සේ ම අනුගමනය කරන්නට පටන් ගත් බැවින් එතුමිය හා එක්ව කාන්තාවන්ට ද කාන්තාවන්ට ද පැවැති නිකායක් ආරම්භ කළේය.අද දිළිඳු ක්ලාරා නිකාය යන නමින් හඳුන්වන්නේ ඔවුන්ය. (Poor clares )
ගිහි පිරිස ද උන් වහන්සේව අනුගමනය කරන්නට උන්වහන්සේ පසුපස යන්නට ආරම්භ කළ බැවින්ශුද්ධවූ ආශිර්වාදකාර බන්ධනය එනම් විවාහ ජීවිතයට ඇතුළත් ව සිටි ගිහි පිරිසට පෙනුම නීති මාලාවක් ආරම්භ කර ඔවුන්ට ද නිකායක් පිහිටුවිය ( S.F.O. / secular franciscan Order ) .
මෙලෙස නිකායන් ත්‍රිත්වයක් ආරම්භ කළ එතුමාණෝ 1224 සැප්තැම්බර් 13 දින , එනම් කුරුසියෙ මංගල්‍යය දින තමා ගත කළ ගතකළ දැහැමි ජීවිතයට ජීවිතයට දෙවියන් වහන්සේගෙන් ලද උතුම් උතුම්ම තිළිණය ලෙස වහන්සේගේ ශ්‍රී වන කළ තම ශරීරය දැරීමට වාසනාව ලදී.ශ්‍රී වන කැලැල් ලද ලොව පළමුවැනි පළමුවැනි පුද්ගලයා අසීසියේ ශු.ෆ්‍රැන්සිස් තුමන් ය.
උන්වහන්සේ ආරම්භ කළේ නිකායන් තුනක් වුවද
1 O.F.M. (පිරිමි අයට )
2 poor ladies (poor clares හෙවත් දීලිදු ක්ලාරා නිකාය )
3 S.F.O. ( ගිහි නිකාය ) ,
පසුව උන්වහන්සේගේ පැවිදි නීති මාලාව අනුසාර කොට අද වන විට ලොව එකිනෙකට වෙනස් පැවිදි නිකායන් 600කට වඩා ව්‍යාප්තව ඇත.මේ සියලු නිකායන් එක්ව ගත් කල Franciscan නිකාය නැමැති මහා වෘක්ෂය දළුලා වැඩී ඇත්තේ ලොව වැඩිම පිරිසක් අයත් වන නිකාය බවට පත්වෙමිනි.සියලුම නිකායන් අසීසියේ ශු. ෆ්‍රැන්සිස් තමන්ව තම founder හෙවත් නායකයා ලෙස පිළිගනී. උන්වහන්සේගේ දිවි පෙවෙත අනුසාර කරති.
මෙම Franciscan නිකාය වැදගත් වන අනෙක් විශේෂම කාරණාව වන්නේ කතෝලික සභාවේ පමණක් නොව වෙනත් කිතුනු සභාවන් වල ද වලද පැන්සිස් කර නිකාය දක්නට ලැබීමයි.
එනම් ,
1 ලුතරාන සබාව තුල
2 එංගලන්ත සබාව තුල , ද , franciscan පැවිදි නිකායන් දක්නට ලැබේ. සභාව කුමක් වුවත් මේ සියල්ලෝම අසීසියේ ප්‍රැන්සිස් තුමන්ව අනුගමනය කරන එකම ප්රැන්සිස්කන් පවුලේ සාමාජිකයෝ ය.
1226 ඔක්තෝබර් 3 වන දින එතුමාණෝ ස්වකීය මෙලොව ජීවිතය අවසාන කොට ස්වර්ගය කරා ගමන් කළේය.
1228 ජුලි 16 දිනදි 9 වන ජෝර්ජ් පාප්වහන්සේ විසින් උන්වහන්සේව ශුද්ධවරභාවය ට ඔසවන ලදී.
අසීසියෙ ශු. ෆ්‍රැන්සිස් තුමෙනි . අප නිසා යාච්ඤා කළ මැනව ✝️❤️✝️😍
ස්තූතියි ! ජේසු පිහිටයි !
--- අසීසි මුනිදුන්ට ලැදි මා ---
0 Comments