මෙලෝ උපත - ක්‍රි.ව. 354 නොවැම්බර් 13 දා
සුරලෝ උපත - ක්‍රි.ව. 430 අගෝස්තු 28 දා
මංගල්‍යය - අගෝස්තු 28
උපන්දේශය - තගස්තේ, ඇල්ජිරියාව
දේවස්ථාන - ගල්ලෝළුව
ශු. සභාවේ සෑම විෂයයක් ගැනම නිපුනත්වයක් ලත් අගුස්තීනුතුමා අප්‍රිකාවේ තර්ගාස් නැමැති කුඩා වෙළඳ නගරයක උපත ලැබුවේ ක්‍රි.ව. 354 නොවැම්බර් 13 වන දිනදීය. ඔහුගේ පියා පැටී්‍රෂියස් අන්‍යාගම්කාර නාගිරික නිලධාරියෙක් විය. ඔහුගේ මව කිතුනුවකි වූ ශු.මොනිකාතුමිය ය. ඔහු තාර්ගාස් නුවර අධ්‍යාපනය ලැබීය. පසුව ඔහුගේ පියා විසින් කාර්තේජ් නුවර උසස් අධ්‍යාපනය සඳහා යවනු ලැබීය. එහිදි ඔහු ‘මැනිකියාන’ වේදභේදයේ මළපත්වලට හසු විය. තවද ඔහු අශික්කිත ඇල්මක පැට`ඵණ අතර, මෙය ඔහුගේ මවට ඉතාමක් ශෝකාන්විත වේදනාවක් විය. ඔහුට අවුරුදු 32 වූ විට මිලාන් නගරයේ ප්‍රසිද්ධ පාසැල්වල කථිකාචාර්්‍ය ධුරය පිළිගත්තේය.
තම පුත්‍රයාගේ නරක පුරුදු දරාගැනීමට නොහැකිවු මොනිකාතුමිය ඔහුට ලුහුබැඳ මිලාන් නගරයට ගියාය. එහිදී අගුස්තීනු ශු. අම්බ්‍රෝස්තුමාගේ දේශනයන්ට ඇහුම්කන්දී හදවත තරමක කම්පාවකට පත්කළ නමුත්, ඔහුගේ නපුරු අශිෂ්ඨ පුරුදුවල බැම්ම කඩාදැමීමට එය ප්‍රමාණවත් නොවීය. මොනිකාතුමි ශු.අම්බ්‍රෝස්තුමා වෙත ගොස් ඇගේ පුත්‍රයා බේරාගැනීමට කියා කන්නලව් කළාය. ඈ කෙතරම් හැඩුවාද කීවොත්, අම්බ්‍රෝස්තුමා මෙසේ කීවේය. “මෙවැනි කදු`ඵ හෙලන විට පුතෙකුට නාස්ති විය නොහැකිය” අගුස්තීනු පාපයේ බැම්මෙන් මිදීම වහා සිදු නොවීය. ඔහුගේ මවගේ බලවත් භක්තිමත් ස්ථීර යාච්ඥා මගින් ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ඔහු ක්‍රමයෙන් ඇද ගත්තේය. දිනක් හදිසි සිත් හැරීමක කතාන්දරයක් අගුස්තීනු ඇසූ විට, ඔහුගේ හදට තදින් එය කාවැදිනි. ඔහු පාලු වත්තකට ගොස් දීර්ඝ, භයානක සිත් සටනකට ගොදුරුවිය. හදිසියේම ඔහුට හඬ ශබ්දයක් ඇසිණි. එනම් “රැගෙන කියවන්න” යන ශබ්දයයි.
මඳ සහියෙන් මෙන් ඔහු නැගිට ඔහුගේ ‘හැකු`ඵම් පත’ දිගහැර එය කියෙව්වේය. එහි මෙසේ සඳහන් වේ. එනම් “කලහ කිරීමෙන් හා බීමත් කමින් නොව, අපිරිසිදුකමින් හෝ තර්ක කිරීමෙන්ද නොව එහෙත් ජේසුස් ක්‍රිිස්තුන් වහන්සේ පැළඳ ගැනීමෙන්ය.” සාමයෙන් සහ නිශ්ශබ්දයෙන් ප්‍රාතිහාර්යය සිදුවිය. ඔහුගේ නපුරෙන් ඔහු සුව වූයේය. ඔහු කෙලින්ම නැගිට මව වෙත ගියේය. එතුමිය මහත් ප්‍රීතියකින් පිරිණි. කදු`ඵ වර්ෂාවක් අතර ඔහුව වැළදගෙන මෙසේ නැවත නැවත කීවාය. “දෙවියන් වහන්සේට ස්ත්‍රෝත්‍ර වේවා, මගේ අයැදීම දැන් ඉටුවී ඇත. දෙවියන් වහන්සේට ස්ක්‍රෝත වේවා” මවගේ මහත් ප්‍රීතිය මාධ්‍යf් ඔහු වයස අවුරුදු 33 දී පාස්කු ඉරුදින ප්‍රසාද ස්නාපනය ලැබීය.
අගුස්තීනු සිත් හැරීමට දින ස්වල්පයකට පසු, ඔහුගේ මව තම පුත්‍රයාගේ හසුතයට වැටී ඇගේ එකම ආශාව ඔහුට දැන්වූවාය. එනම් දිනපතා පූජාවේදී ඇයව සිහිකරන ලෙසය. එසේ කී පසු තම පුත්‍රයාගේ හස්ත වලම ඇය මිය ගියාය. මවගේ මරණයෙන් පසු ඔහු ඇගේ වටිනා සෑම වස්තුවක්ම විකුණා දුප්පතුන්ට උදව් කළේය. හිපෝ නගරයට ගිය අවස්ථාවක ඔහු පූජකවරය ලැබීය. ඔහු තාපසාරාමයක් ගොඩනැගීමට ස්ථානයක් සොයමින් සිටියදී රදගුරුතුමා ලෙස අභිෂේක ලබා ගත්තේ වයස 42ක් වන විටය.
ඉන්පසු තවත් වසර 34 ක් සේවය කරමින් තාපස ජීවිතයේ පියා යන විරුදාවලිය ලැබීය. ඔහුගේ පූජකයන් සමඟ ඉතා තද මර්ධන සහිත සාමුහික ජීවිතයක් ගත කළේය. දේශනා මගින්ද, ලියවිලි රාශියක් මගින්ද එකල පැවති වේද භේද රාශියක් පරාජයට පත් කළේය. ඔහු පෙර ගත කළ පාපිෂ්ඨ ජීවිතය ඔහුගේ මතකයෙන් කිසිදාක ඉවත් නොවීය. එය අපට ඔහුගේ “අගුස්තීනුතුමාගේ පාපොච්ඡාරණය” නැමැති පොතේ කියවන්නට ලැබේ. මේ පොත තුලින් මනෝවිද්‍යාත්මක ලෙස මිනිස් හතවතේ ස්වභාවය උදෙසා පමනක් සෑදි ඇත. උන්වහන්සේ තුළ එය සැතපෙනතාක් එය සතුටට පත් නොවන්නේය.” ඔහු මරණාසන්නයේදී ඔහුගේ ඇඳට උඩින් විශාල අකුරින් ලියා එල්ලා තිබුණු මේ දාවිත්ගේ පශ්චාත්තාපික සංගීත ගැන භාවනා කරණ ලදී. එයින් ඔහුගේ පැරණි පාප වලට ගැඹුරු මනස්ථාපයක් ඇතිකර ගත්තේය. ස්වර්ගික පියාණන්ගේ හස්වලට ඔහුගේ ආත්මය භාර දී ස්වර්ගස්ථ විය.
ක්‍රි.ව. 1606 දී මෙරට ධර්මදුතික මෙහෙවර සදහා සපැමිණි අගුස්තීනු නිකායික ධර්මදූතවරු සතර කෝරළය තුළ සේවය කළෝය. ඔවුන් යටතේ සිද්ධස්ථාන දෙකක් සහ ධර්මදුතික මධ්‍යස්ථාන 13ක සේවය කරන ලදී. ඒ මෙසේය
1/ කොළඹ කොටුව - ශු. අගුස්තීනු මුනිතුමන් නමින් කැපකර තිබු තාපසාරාමය. මෙය පිහිටි බවට සැලකෙන්නේ වර්තමාන කොළඹ කොටුවේ ඔර්ලෝසු කණුව පිහිටි ප්‍රදේශය වේ. එය මෙරට අගුස්තීනු නිකායික තාපසවරුන්ගේ මූලස්ථානය විය.
2/ රඹුක්කන - වරප්‍රසාදයේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි.
3/ අත්තනගල්ල - සිංහලයන්ගේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි.
4/ වැලිවේරිය - ටොලෙන්ටිනෝ හි ශු. නිකුලස් මුනිතුමන් නමින් කැපකර තිබුණි.
5/ කල් එළිය - ශු. උර්සුලා මුනිවරිය නමින් කැපකර තිබුණි. ඇතැම් ලේඛන වල එකොළොස් දහසේ අප ස්වාමිදූ නමින් කැප කර තිබූ බව සඳහන් වේ .
6/ මන්දමාරවිට - ශුද්ධවු පවුල ( ජේසු , මරිය සහ ජුසේ ) නමින් කැපකර තිබුණි.
7/ පිටිගල්දෙණිය - ප්‍රීතියේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි.
8/ ඇතුළුගම - ශ්‍රී කුරුසිය නමින් කැපකර තිබුණි.
9/ මාපිටිගම - වරප්‍රසාදයේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි.
10/ අම්පේ - පිහිටාධාරයේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි.
11/ හොරණ - ටොලෙන්ටිනෝ හි ශු. නිකුලස් මුනිතුමන් නමින් කැපකර තිබුණි.
12/ නාරහෙන්පිට - මිදීමේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානය.Nossa Senhora do Livramento පෘතුගීසි සමයේ පැවති සිද්ධස්ථාන හතරෙන් එකක් වන මෙම සිද්ධස්ථානය පිහිටියේ අද ජාවත්ත සුසාන භූමි පරිශ්‍රයේ ය. එහි වූ ළිද තවමත් දක්නට ඇත. එහි තිබු ඓතිහාසික ප්‍රතිමාව අදත් බම්බලපිටිය ශා. මරියා දෙව්මැදුරේ දක්නට ඇත. ඕලන්ද යුගයේදී කොළඹ කතෝලිකයන් සහ ජුසේ වාස් මුනිතුමන් ප්‍රමුඛ ගෝවේ ඔරතෝරියාන නිකායික පුජාප්‍රසාදීවරු දේවවන්දනාව සදහා එක් වූයේ මෙම ස්ථානයට වීම ද විශේෂත්වයකි.
13/ බෙන්තොට - ස්වර්ගාරෝපිත රාජේශ්වරිය නමින් කැපකර තිබුණි.
14/ දුනගහ - වරප්‍රසාදයේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි.
15/ කොළඹ කොටුවෙන් දකුණු දෙසට වූ ප්‍රදේශයේ - ප්‍රාතිහාර්යයේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි. මෙම දේවස්ථානය සදහා පෘතුගීසි බසින් Nossa Senhora do Millagrace නම් විය. මේ නිසාම ඒ මුළු ප්‍රදේශයම අදත් මේ නමින් එනම් " මිලාගිරිය " ලෙස හැදින්වේ. පෘතුගීසි සමයේදී මෙහි දේවස්ථානය තිබූ ස්ථානයේ අද ශු. පාවුළු අපෝස්තුළුතුමන් නමින් ලංකා සභාවට අයත් දේවස්ථානයක් ස්ථාපිතව පවතී.
0 Comments