BLANTERORBITv101

ජපානයේ පාළුව හා සාංකාව පිළිබඳ අමාත්‍යවරයා

 වර්ශ 2021 පෙබරවාරි මස 12 වැනිදා සිට "ටෙට්සුෂි සකමොටෝ" විසින් ජපානයේ පාළුව හා සාංකාව පිළිබඳ අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තේය. ජපානයේ පමණක් නොව එක්සත් රාජධානිය, ජර්මනිය, ඉන්දියාව හා කැනඩාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල විවිධ කාල වලදී මිනිස්සුන්ගේ පාළුව හා සාංකාව සමනය කිරීම වෙනුවෙන් අමාත්‍යවරුන් පත්කර තිබේ.අද ලෝකයේ බොහෝ රටවල් කාර්මීකරණය අතින් හිනිපෙත්තටම ගොස් ඇත.මේ නිසා ඔහුන්ගේ ජීවිත තුළ කිසිම ආකාරයක නිශ්ශබ්දතාවයක් දකින්නට නොලැබේ.ඒ නිසා මෙවැනි මිනිසුන් බොහෝ දෙනා ආගම දහම තමන්ගේ ජීවිතයට වැදගත් නොවේ යැයිද, ඒ සඳහා නාස්ති කර දැමීමට තරම් කාලයක් ඔහුන්ට නොමැති ලෙසද සිතීමට පෙළඹෙති.දවස පටන් ගත් මොහොතේ සිටම ඔහුන් පොළවේ දෙවි කෙනෙකු පසුපස බොහෝ වේගයෙන් දිව යයි; ඊට වන්දනා මාන කරයි.එම දෙවියා, මුදල්ය; ලෞකික සැප සම්පත්ය; පොළොවේ තනතුරු තාන්න මානය.නමුත් මේ සියල්ල ලැබුණත් ඔහුන් කිසිදු තෘප්තියක් ලබා නොමැති බව පැහැදිලි වේ.මතු ලබන්නේද නැත.ඔහුන් ඔහුන්ගේ ඇතුළාන්තයෙන් බොහෝ පාළුවක්, කාන්සියක්, කුමක් හෝ යම්කිසි විශාල අඩුවක් අත්දකිති. යථාර්ථය එයයි.එම අඩුව පිරවීමට මේ මහ පොළොවේ කිසිදු දෙයක් සමත් වී නැත.මක්නිසාදයත්;

"මේ අඩුලුහුඬුකම් කොතෙක් වුවද ඔබවහන්සේගේ මැවිල්ලේ ඉතා කුඩා අංශුවක් වන මිනිසාට ඔබවහන්සේට ප්‍රශංසා කිරීම මඟින් තෘප්තියක් ලැබීමට අවැසිය.ඔහුව දිරිගන්වන්නේත් ඔබවහන්සේමය.ඔබවහන්සේ ඔහුව ඔබවහන්සේ සඳහාම නිමවා ඇත.ඒ නිසා ඔබවහන්සේ තුළ සන්සුන් වන තෙක් අප හදවත් නොසන්සුන්ව පවති" - ( සා.අගොස්තීනූ, පාපොච්චාරණය 1,1,1: ලතින් සභාපිය දහම 32, 659-661 )

කිතුනු අපේ දේවධර්ම දිනපොත