BLANTERORBITv101

අදේවවාදය යනු ඉගැන්වීමක් නොවේ, ඊට පටහැනිව එය මහත් කෝපයෙන් කෑගැසීමකි

වන්දනීය ෆූල්ටන් ජේ.ෂීන් අගරදගුරුතුමා කළක් එංගලන්තයේ ලන්ඩන් නගරයේ සොහෝ චතුරශ්‍රයේ ශාන්ත පැට්‍රික් මීසමේ සේවය කරමින් සිටියේය.එක් දිනක් එතුමා දිව්‍ය පූජාව ඔප්පු කිරීමට දෙව් මැදුරේ ඉදිරියට පැමිණෙන විට ගරාදි වැට ඉදිරිපිට සිටගෙන සිටින කවුරුන් හෝ කාන්තාවක් විසින් එහි රැස්වී සිටිය සභාවට හඬ නඟා යම් දේශනයක් ලබාදෙන ආකාරයක් දුටුවේය: "දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නැහැ! මේ ලෝකයේ නපුර හුඟක් වැඩියි. තර්කයට සංවේදනය ඉක්මවා යන්න බැහැ.ඔහුගේ පැවැත්ම නිශ්චය කිරීම කළ නොහැකියි.සෑම රාත්‍රියකම මම හයිඩ් පිටියට යනවා.දෙවියන්ට විරුද්ධව කතා කරනවා.මම එංගලන්තයට, ස්කොට්ලන්තයට සහ වේල්සයට පිටත් වන්නේ දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ විශ්වාසය හෙළා දකින පත්‍රිකා සමඟිනි"යි ඇය පවසමින් සිටියාය.

අගරදගුරුතුමා ගරාදි වැට වෙතට ළඟාවන විට ඔහු ඇයට මෙලෙස පැවසුවාය: "තරුණිය, දෙවියන් වහන්සේගේ වැඩ සිටීම පිළිබඳව ඔබ විසින් විශ්වාස කරන බව පැවසීම අසන්නට ලැබීම මට මහත් සතුටක් ගෙන දෙනවා".

"මෝඩ විහිළුකාරයා, මම එහෙම කිව්වේ නැහැ!", ඇය අගරදගුරුතුමාට පැවසුවාය.

එවිට අගරදගුරුතුමා පිළිතුරු දෙමින්, "මම කිව්වේ, මම ඔබව තේරුම් ගත්තා ඊට පටහැනි ආකාරයෙන් කියලයි.හිතන්න, මම හැම රාත්‍රියකම හයිඩ් පිටියට ගිහින් අඩි විස්සක අවතාර සහ නරාශ්වයන් දස දෙනෙකුට විරුද්ධව කතා කරනවා.හිතන්න, මම එංගලන්තයට, ස්කොට්ලන්තයට සහ වේල්සයට පිටත් වන්නේ මෙම අවතාර හා නරාශ්වයන්ගේ පැවැත්ම පිළිබඳ විශ්වාසය හෙළා දකින පත්‍රිකා සමඟින් කියලා.එවිට මට කුමක් සිදු වේවිද?"

"තමුසෙට පිස්සු! එයාලා තමුසෙව පිස්සන් කොටුවක හිර කරාවී!", ඇය පැවසුවාය.

එවිට අගරදගුරුතුමා පිළිතුරු දෙමින්, "ඔයා දෙවියන් වහන්සේව දැම්මෙත් ඒ ආකාරයේම මනඃකල්පිත විකාරයක් යටතේ නොවෙයිද? ඒ වගේ විකාර අවතාර වලට විරුද්ධව මම කතා කරද්දී මට පිස්සු වෙනකොට, දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරද්දී ඔයාට පිස්සු නොවෙන්නේ කොහොමද?"

"මම දන්නේ නැහැ.ඇයි?", ඇය ඇසුවාය.

එවිට අගරදගුරුතුමා පිළිතුරු දෙමින්, "මක්නිසාදයත්, මම එම අවතාර වලට පහර දෙන විට මම පහර දෙන්නේ සැබෑ නොවන දෙයකට, නමුත් ඔබ දෙවියන් වහන්සේට පහර දෙන විට ඔබ පහර දෙන්නේ අසිපතකින් වැරෙන් ඇනීම තරමටම සැබෑවූ දෙයකට. ඔබ සිතනවද මේ ලෝකය තුළ අපට තිබේවි කියලා යම් තහනමක්, තහනම් කිරීමට යමක් තිබීමෙන් තොරව?සිගරට් විරෝධී නීති තිබෙන්නට පුළුවන්ද, සිගරට් කියලා දෙයක් නැත්තම්? අනෙක් අතට සිගරට් කියලා දෙයක් මේ ලෝකයේ ඇත්තටම නැත්තම්, යමෙකු විසින් සිගරට් විරෝධී නීති ගෙනෙන්නට උත්සහ කරොත් කුමක් වේවිද? ඒ ආකාරයෙන්ම, අදේවවාදයක් තිබෙන්නේ කෙසේද, ප්‍රතික්ෂේප කිරීමට දෙවි කෙනෙකු නොමැති විට? අනෙක් අතට දෙවි කෙනෙකු නොමැති නම් අදේවවාදයක් කුමටද? "

"මම තමුසෙට වෛර කරනවා", ඇය පැවසුවාය.

"ඒ කියන්නේ එහෙනම් දැන් මම ඔයාට පිළිතුර ලබාදීලා තිබෙනවා", අගරදගුරුතුමා පැවසුවේය.

"දෙවි කෙනෙකු නොමැති නම්, අදේවවාදීන්ද සිටිය නොහැකිය" - G.K.චෙස්ටර්ටන්.

කිතුනු අපේ දේවධර්ම දිනපොත