💠 1927 ජුනි 30 වන දින දෙහිවල මධ්‍යම පාන්තික පවුලකට දාව උපත ලද ගරු. මයිකල් රුද්‍රිගු පියතුමා ප්‍රාථමික අධ්‍යාපනය දෙහිවල ශාන්ත මරියා විදුහලෙන්ද ද්විතීක අධ්‍යාපනය ශාන්ත පීතර විදුහලෙන්ද ලබා පසුව එම විදුහලේම ගුරුවරයෙකු ලෙස කටයුතු කළේය. නිර්මල මරිය නිකායට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා රෝමය හා පැරිස් විශ්ව විද්‍යාලවලට ඇතුළු විය . 1954 ජුනි මස 7 වන දින පූජකවරය ලැබුවේය. එතුමා පසුව අම්පිටිය ජාතික දෙව්සත්හලේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළේය. පැරිස් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ධූරය ලැබුවද එය ප්‍රතික්ෂේප කළේය.
💠 මෙතුමාගේ සේවය යොමු වූ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකි. ඒවා නම් ;
🔸 පූජක දිවිය - සේවක පූජකත්වය වෙත ගෙන යාමට.
🔸 ආර්ථික හා සමාජයීය වශයෙන් දිළිඳු ජනතාවගේ ගැටලුවලට විසදුම් සෙවීම.
🔸තරුණ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත් වීම.
🔸බෞද්ධ හා කිතුනු ආගම ආගම් අතර සුහදතාව හා සහයෝගීතාව ගොඩනැගීම
🔸ජනවන්දනාව දේශීයකරණය කිරීම.
🔸සාධාරණත්වය මත පදනම් වූ සමාජයක් බිහිකිරීම.
💠 පූජක ජීවිතය තුළ වෙනසක් ඇති කරමින් 1973 වර්ෂයේදී නව ආරක දෙව්සත්හලක් කොළඹ පිහිටුවන ලදී. පසුව බදුල්ල රදගුරු පදවියේ බණ්ඩාරවෙල නගරයේ ද " සේවක සෙවණ " නැමැති ස්ථානයේ එවැනිම දෙව්සත්හලක් පවත්වාගෙන යමින් පූජක සේවය ජනතා හදගැස්මට ලංවෙන අයුරින් ගොඩනැගීමට වෙහෙස දැරිය.
💠 මෙතුමා බදුල්ල රදගුරු පදවිය තුළ දරිද්‍රතාව හේතුකොටගෙන පීඩා විඳින ජනතාව සඳහා බුත්තල අලුකලවිට 'සුබසෙත් ගෙදර' නම් වාසස්ථානය පිහිටවූ අතර එහිදී පහත සඳහන් ක්‍රියා තම දූත සේවාවේ ප්‍රධාන ක්ෂේත්‍ර කර ගත්තේය.
🔸දිලිඳුන්ගේ පැත්ත ගනිමින් දිළිඳුකම තුල මාංශගතවෙමින් දිළිඳුකම ජයගැනීමට මාර්ග සෙවීම.
🔸අයුක්තිය හා අසාධාරණයට විරුද්ධව දිළිඳු ගොවි ජනතාව වෙනුවෙන් හඬ නැගීම
🔸ආර්ථික හා සමාජීය වශයෙන් දිළිඳුකම අත්දකින ජනතාවට තම ගැටලු ඉදිරිපත් කළ හැකි හා ඒවාට විසදුම් සොයන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම.
🔸ප්‍රදේශයේ සිටින යාචකයන් පුනරුත්ථාපනය කර ශ්‍රමාභිමානී පිරිසක් බවට පත් කිරීම.
🔸විවිධ තාඩන පීඩනවලට ලක් ව සිටින අය ඉන් නිදහස් කිරීමට ක්‍රියා කිරීම.
💠 මේ ආකාරයට දිළිඳු ජනතාව මූලික කරගනිමින් කරන ලද ව්‍යාපාර හරහා ප්‍රධාන කරුණු කීපයක් ඉස්මතු වේ.
🔸වතු කම්කරුවන් උදෙසා හඬක් නැගීම.
🔸සාමය හා සාධාරණත්වය පිළිබඳ හඬක් නැගීම .
🔸ප්‍රජාවගේ මානව අයිතිවාසිකම් හා මානව සංවර්ධනය වෙනුවෙන් හඬ නැගීම.
💠 1981 බුත්තල ග්‍රාමයෙහි සුබසෙත් ගෙදර නම් පැල්පතක බොදු බැතිමතුන්ගේද සහයෝගය මැද විශාල සේවයක් කළ මෙතුමා 1987 නොවැම්බර් මස 10 වන දින රාත්‍රී දිව්‍ය පූජාව සිදු කරමින් සිටියදී සාහසිකයකුගේ වෙඩි පහරින් අප අතරින් සමු ගත්තද එතුමා ඇරඹි දූත සේවාව නොකඩවා ඉදිරියට ගෙන යා යුතුව ඇත.
💠 එතුමා ස්වර්ගස්වී අද දිනට (එනම් , 2021/11/10 දිනට ) වසර 34 ක් ගතවේ. උන්වහන්සේ කළාවූ සේවය වෙනුවෙන් දෙවිපියාණන්වහන්සේට අපි ස්තූති ප්‍රශංසා කරමු. තව තවත් මෙවැනි පූජක පුතුන් අප ලක් කිතු සසුන මත බිහිවේවායි පතමු.
❤🌺🌹 "නියමිත මොහොත එළඹි විට අපි ජනතාව වෙනුවෙන් මිය යාමට පවා සූදානම්ව සිටිය යුතුයි . " - ගරු.මයිකල් රුද්‍රිගු පියතුමා 🌹🌺❤
ස්තූතියි ජේසු පිහිටයි ❤
ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව
0 Comments