ස්වභාවිකවරණය (Natural selection)
සෛල බෙදීමේ දී , ප්රවේණික ද්රව්ය (DNA) පිටපත් කිරීමේ දී ඒවායේ නියුක්ලියෝටයිඩ (DNA සෑදී ඇති කුඩා අණු) අනුපිළිවෙලවල් වෙනස් වී හෝ අණුවේ හැඩය වෙනස් වී විකෘතීන් සිදුවේ. එම විකෘතීන් අතර හානිකර, උදාසීන මෙන්ම හානිකර නොවන විකෘතීන් ද ඇතුළත් ය. එම හානිකර නොවන විකෘතීන් ඉදිරි පරම්පරාවට ලැබුණු විට එම නිසා ඔවුන්ගේ රූපානුදර්ශය (පිටත පෙනුම) සුළු වශයෙන් වෙනස් වෙයි. පරිසරයේ ජීවන සටනක යෙදී සිටින මෙම සතුන්ගේ මෙම රූපානුදර්ශ තමන්ගේ ප්රජනන කාලය තෙක් ජීවත් වීමට එනම්, ඔවුන්ගේ පරිසර තත්ත්වන් යටතේ ආරක්ෂා වීමට හෝ නොවීම යන්නට බලපායි. ප්රජනන කාලය තෙක් ජීවත් වීමට නොහැකි වූ ජීවීන් සතු විකෘතීන් එකී ගනණයේ ගෙනෝම කිටුවෙන් (Gene pool) ඉවත් වී යයි. මෙකී වාසදායක විකෘතීන් නව විශේෂ ඇතිවීම සඳහා ද මුල පුරයි. මෙය ඉතාමත් දිගු කාලයක් ගතවන ක්රියාවක් බව පොසිල සාධක මගින් පැහැදිලි වේ. එනම්, පරිණාමවාදයේ මූලික යාන්ත්රනය අහබු විකෘතිමත දිවෙන ස්වභාවිකවර්ණය යි. මෙහිදී ජීවන පැවැත්මට උපකාරීවන ලක්ෂණ සහිත ජීවීන් තෝරාගන්නේ පරිසරය විසිනි. එනම්, ස්වාභාවිකවරණය ක්රියාත්මක වන්නේ ස්වභාවධර්මයේ නීතියට පමනක් එකඟව යි.
ස්වභාවවාදය (Naturalism)
ස්වභාවිකවාදයේ මූලික අදහස නම් විශ්වයේ පවතින්නේ ස්වභාවධර්මයෙන් නීතිය පමණක්වන අතර යථාර්තය යනු අප දකින ස්වභාවධර්මය පමණක් ය. එමගින් විශ්වයේ යාන්ත්රණය ක්රියාත්මක වන අතර ස්වභාවධර්මයට අමතරව අධිස්වභාවික හෝ ස්ප්රීතුමය දෙවියකු නොමැත. පවතින්නේ පදාර්ථය, ශක්තිය, භෞතිකමය සහ රසායනික ක්රියාවලින් පමණක්ම කි. මනස යනු, මොළයේ සිදුවන ජෛව රසායනික ක්රියාවලියික ප්රථිපලයක් පමණි. ස්වභාවධර්මය ක්රියාත්මක වන්නේ අරමුණක් ඉලක්කගත නොවන බව ද මෙහිදී කියවේ. ඒ අනුව බැලූ විට, ස්වාභාවිකවරණය ස්වභාවිකවාදයට එකගය.
යමෙකු ස්වභාවිකවාදය සත්ය බව සිතයි නම්, ඉන් කිවැවෙන්නේ ඔහුව නිර්මාණවී ඇත්තේ ස්වභාවිකවරණයේ ප්රථිපලයක් පමණක් නිසා බවයි. එනම්, එය සත්ය බව සිතීමට ඔහුගේ මොළයේ සිදුවන ජෛව රසායනික ක්රියාවලි සංවිධානයවී ඇත්තේ ඔහුගේ පැවැත්ම තහවුරු කිරීමට යි. නැවතත්, ඔහු එසේ සිතන්නෙ ඇයි? ඔහු ස්වභාවිකවාදය සත්යබව සිතන නිසාය. මෙය විරුද්ධාබාසයකි. එවිට, ස්වභාවිකවරණය ඇතුළු ඉන් දිවෙන පරිණාමවාදය ස්වභාවධර්මයේ නීතියට පමණක් එකග වූ ක්රියාවලියක් නිසා වූවක් බව යන අදහස ඉවතලීමේ හැකියාවක් මතුවේ. මෙය ‘ස්වභාවිකවාදයට එරෙහිව පරිණාමවාදයේ තර්කය’ (Evolutionary argument against naturalism) ලෙස හැදින් වේ. මෙය ඉදිරිපත්කරන ලද්දේ ඇල්වින් ප්ලාන්ටින්ගා විසින් 1993 දීය. ඔහු චාල්ස් ඩාවින් ලියූ ලිපියක මෙම පාඨය උපුටා දක්වයි.
“…මාහට බිහිසුණු සැකයක් නිතරම මතුවන්නේ සතුන්ගේ සිට පරිණාමය වූ මිනිසාගේ මනසෙහි වටිනාකමක් තිබේ ද නැද්ද යන්නයි. වඳුරෙකුගේ මනසෙහි යම් අවබෝධයක් තිබෙන බව යමෙකු විශ්වාස කරයිද? එවැනි මනසක අවබෝධයක්? ”
චාල්ස් ඩාවින්, විලියම් ග්රැහැම් වෙත 1881 ජූලි 3
ප්ලාන්ටින්ගා එයින් පෙන්වා දෙන්නේ ස්වභාධර්මය නීතිය අරමුණක් කරා යන බවත් මිනිසා යනූ, එකී අරමුණක් බවත්, එය අහඹුතාවය මත මත පමණක් පදනම් නොවූ බවත්ය. ඩාවින්ට පවා මෙය ගැටළුවක් වූ බව ඔහු සඳහන් කරන අතර එය ‘ඩාවින්ගේ සැකය’ (Darwin’s Doubt) ලෙස ඔහු හැදින්වීය.
නමුත්, මේ සඳහා තර්කකරන ස්වභාවවාදීන් කියා සිටින්නේ මෙම ගැටලූව මතුවන්නේ ප්ලාන්ටින්ගා සතුව ඇති දේවවාදී විශ්වාසයන් නිසාවෙන් බවයි. නමුත්, ඔහු ප්රකාශ කර සිටින්නේ මෙම තර්කය ඉදිරිපත් කරන්නේ පරිණාමවාදයට හෝ ස්වභාවධර්මවාදයට හෝ මිනිසා ආදි පූර්වජයෙක්ගෙන් පැවත එන බවට වන වාදයට හෝ එරෙහිව නොවන බවත්, පරිණාමවාදය පවා ස්වභාවධර්මවාදයට වඩා දේවවාදයත් සමඟ ගැළපෙන බව පෙන්වීමට බවත් ය. එනම්, දේවවාදය විශ්වාස කරන්නෙකුට මෙකී විරුද්ධාභාසය ඇති නොවන බව යි.
0 Comments