• ජෙරුසලම් දේවස්ථානය හා එයට අයත් භූමියේ වටප්‍රමාණය අඩි 2350 කි.
• මෙය ඝනකම ඇති බිත්ති හා මණ්ඩපවලින් යුක්ත ය. සතර දිසාවෙන් ප්‍රධාන දොරටු 8 කින් යුක්ත ය. (උතුර 01, දකුණ 02, නැගෙනහිර 01, බටහිරෙන් 04)
• දකුණේ දොරටු දෙකම උමං මාර්ග සඳහා වේ. මින් ඇතුළු වන විට පළමුව ඇත්තේ "අන්‍ය ජාතීන්ට වෙන්වූ මිදුල" විය.
• උතුරින් රාජ මණ්ඩපයක්, නැගෙනහිරෙන් සලමොන් මණ්ඩපයක් පිහිටියේ ය. (ක්‍රියා 3/11, 5/12, ජුවාම් 10/23)
• මේ ප්‍රදේශයේ මුදල් හුවමාරුව ද, යාගපූජා භාණ්ඩ විකිණීම ද සිදුවේ. (මතෙව් 21/12 - 13)
• අන්‍ය ජාතීන්ට වෙන්වූ මිදුලට පසුව දෙචන කොටසේ දොරටු නවයක් තිබුණි. මෙහි නැගෙනහිර ප්‍රදේශයේ සුදර්ශන දොරටුව පිහිටියේ ය. (ක්‍රියා 3/2)
• මේ ප්‍රදේශයට ඇතුළු විය හැක්කේ ජුදෙව්වන්ට පමණි. මෙහි මිදුල් තුනක් සහිත වේදිකා තිබුණි. පළමු වේදිකා මිදුල කාන්තාවන් සඳහා ය. දෙවන වේදිකා මිදුල ඉශ්රායෙල්වරුන් සඳහාය. තෙවන වේදිකා මිදුල පූජකවරුන් සඳහා ය.
• මේ ප්‍රදේශයේ තිඛෙන පඩුරු පෙට්ටියේ මිනිසුන් තම පඩුරු දමන අතර පූජකවරුන්ට යාග පූජා භාණ්ඩ දී යාග පූජා කළ හ.
• මෙහි තෙවන කොටස "පුදසුන" ඇති කොටසයි. මෙය "ශුද්ධස්ථානය" ලෙස හැඳින්වේ.
මෙහි ධූම පාත්‍ර ද රන් පූජාසනය ද, පිදීමේ පූප තැබීමට රන් මේසය ද, ශාඛා 7 ක් සහිත පහන් රුකක් ද විය.
• ශුද්ධස්ථානයට පිටුපසින් ඇත්තේ "අති ශුද්ධස්ථානයයි" ,මෙය තිරයකින් වසා තිබිණි.
• මුල් කාලයේ දී අති ශුද්ධස්ථානයේ ශෛලමය පීඨකයක් මත "ගිවිසුම් කරඩුව" තබා තිබුණි.
• විප්‍රවාසයෙන් පසු "ශෛලමය පීඨකය" පමණක් තිබුණි.
• අති ශුද්ධස්ථානයට වසරකට වරක්, පාපපූජා මංගල්‍යයේ දී නායක පූජකයා පමණක් ඇතුළු වී ශෛලමය පීඨකයේ ලේ ඉස යාගය ඔප්පු කරන ලදී.
• මේ හැර දේවමාලිගය වටා ලොකු කුඩා මැදිරි තිබුණි. දේවමාලිගය සුදු හුණුගලින් තනා තිබුණි.
• රන් තහඩු සෙවිළි කළ පියස්ස ද, රන් ආලේපිත කුළුණු ද දේවස්ථානය අලංකාර කළේය.
පළමු දේවමාළිගාවේ වැදගත්කම
• ජෙරුසලම් දේවස්ථානය ජුදයින්ගේ ආගමික හා සාමූහික එකමුතුකමේ මුලස්ථානය වන බැවින් ජුදයින්ගේ ජිවිත සිදුවීම් සියල්ල ම එහිදී ආරම්භ විය.
• ජුදා ළදරුවකු දේවස්ථානයේ ඔප්පු කර, දෙවියන් වහන්සේට කැප කිරීමත්, වාර්ෂික මංගල්‍ය උත්සවවලට සහභාගිවීමත්, යාග ඔප්පු කිරීමත්, දේවසථානය මුල් කරගෙන කළ අතර මෙය සෑම ජුදෙව්වකුගේම යුතුකම ද විය.
• සෑම ජුදෙව්වකුම වසරකට වරක්වත් දේවස්ථානයට පැමිණිම අනිවාර්ය විය.
• දේවස්ථානයේ නඩත්තුවට ජුදයින් බදුදීම තම අයිතිය ලෙස සැලකූ බැවින්, දේවස්ථානයේ කැටය නිතරම මුදලින් පිරී තිබුණි.
• මේ දේවස්ථානය කි්‍ර.ව. 70 දී රෝම අධිරාජයා වන තීතුස් විසින් සම්පූර්ණයෙන් ම විනාශ කර දමන ලදි.
• බටහිර දිසා ප්‍රාකාරය පමණක් ජුදා ආගමික සම්ප්‍රදායේ මංගල්‍යයන්
• ජුදා ආගමික සම්ප්‍රදායේ මංගල්‍යයන් ප්‍රධාන තැනක් ගත්තේ ය.
• ඔව්හු විවිධ මංගල්‍යයක් පවත්වා සතුටු වූහ.
• මෙවන් මංගල්‍යයන් සැමරීම මගින් දෙවියන්ටත් මිනිසාටත් ඇති සබඳතාව තහවුරු කර ගත්හ.
• මේ මංගල්‍යයන් හා සම්බන්ධ වන්දනා චාරිකා යනු ලැබීය
• මේ මංගල්‍යයන්හි දී ජෙරුසලම් නගරය පවිත්‍ර කර මනහර ලෙස අලංකාර කරනු ලැබීය.
• විවිධ ප්‍රදේශවලින් මේ මංගල්‍යයට පැමිණෙන වන්දනාකරුවන්ගේ විඩාව සංසිඳවන පිණිස බැති ගී ගයමින්, සංගිත භාණ්ඩ වාදනය කරමින්, දෙවියන්ට ප්‍රශංසා කරමින් ජෙරුසලමට පැමිණෙති.
ජුදෙව්වන්ගේ ප්‍රධාන මංගල්‍යයන්
1/ පාස්කු මංගල්‍යය
2/ පෙන්තකොස්ත මංගල්‍යය
3/ කූඩාරම් මංගල්‍යය
4/ නුමුහුන්පූප මංගල්‍යය
5/ පාපපූජා මංගල්‍යය
6/ දේව මාළිගාව කැප කිරීමේ මංගල්‍යය
සටහන - අසේල දසනායක
0 Comments