කතෝලිකයන් දේවමාතාවන්ගේ සහ සාන්තුවරයන්ගේ මැදහත්භාවය පැතීම "ආත්ම භන්ධන කරුවන්ගෙන් "කාර්‍යන් ඉටු කර ගැනීමක් වන්නේද?
මුලධර්මවාදින්ගේ ශු. ලියවිලි පාඨය-
9 ''දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන රටට ඔබ පැමිණිවිට, ඒ ජාතීන්ගේ පිළිකුල් චාරිත්‍ර අනුගමනය නොකිරීමට පරෙස්සම් විය යුතු ය.
10 තම පුත්‍රයා හෝ දුව හෝ ගින්නෙන් දවා පූජා කරන්නෙකු වත්, පේන කියන්නෙකු වත්, නැකත් බලන්නෙකු වත්, ශාස්ත්‍රකාරයෙකු වත්, කොඩිවිනකාරයෙකු වත්,
11 හූනියම් කරන්නෙකු වත්, "ආත්ම බන්ධනකාරයන්ගෙන් "ගුරුකම්ගන්නෙකු වත්,මන්ත්‍රකාරයෙකු වත්, යක්බැන්දුම්කාරයෙකු වත් ඔබ අතර නොසිටිය යුතු ය.( ද්ව්තීය නීති සංග්‍රහය 18: 9-11 )
මෙහිදී දෙවියන් වහන්සේ විසින් පැහැදිලි ලෙසම විරුද්ධ වන්නේ විජාතින්ගේ හෙවත් කානානි වරුන්ගේ දේශය තුළ තිබු මිත්‍යා ඇදහිලි සහ විශ්වාසයන්ටය.
තම පුත්‍රයා හෝ දුව ගින්නෙන් දවා පූජා කරනු ලැබීම කානානි වරුන්ගේ මිත්‍යා ඇදහිලි ක්‍රමයක් විය.ආබ්‍රහම් විසින් ඊසාක් පූජා කිරීමේ සිද්ධිය මේ සදහා උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය. තවද මෙම ශු.ලියවිලි පාඨයන් වල සදහන් යක්ෂ බලවේග වලින් සිදු කරනු ලබන සියලුම කාරණාවන් කතෝලිකයන් විසින් ප්‍රතික්ෂේප කරමු.මෙවැන්නක් සිදුකරන්නෙකු කිසි විටක කතෝලිකයකු ද නොවේ.
අප විසින් මැදහත්භාවය පතනු ලබන්නේ විජාතීන්ගේ ඇදහිලි ක්‍රම වන මිත්‍යා දෙවිවරු හෝ විවිධ යක්ෂ බලවේගයන්ගෙන් නොවන අතර මෙලොව ජීවිත කාලය තුළ දෙවියන් වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කරමින් සිට මෙලොව ජීවිතය අවසාන කිරීමෙන් පසු දැන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය තුළ වෙසෙන දේව මාතාවන්ගෙන් සහ සාන්තුවරයන්ගෙනි.
ක්‍රිස්තුස් වහන්සේගේ උකුත් වීමක් සමග පුරාණ ගිවිසුමේ ශුද්ධවරයන් උත්ථාන කරනු ලැබු බව ශු.ලියවිල්ල අපට පෙන්වා දෙනු ලබයි.
52 සොහොන් ගෙවල් විවර විය; දිවංගත ශුද්ධවරයෝ උත්ථාන කරනු ලැබූ හ.53 උන් වහන්සේගේ පුනරුජ්ජීවනයෙන් පසු, ඔව්හු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළු ව, බොහෝ දෙනෙකුට පෙනුණාහ. ( මතෙව් 27:52-53 )
මෙසේ ශුද්ධකාගිනිස්ථානය හෙවත් හේබ්‍ර්ව් බසින් ශීල් සහ ග්‍රීක බසින් හේඩීස් යන ස්ථානයේ සිටි පුරාණ ගිවිසුමෙහි ගැලවීම ලැබු ආත්මයන් ක්‍රිස්තුස් වහන්සේ විසින් උත්ථාන කිරීමත් සමග ඔවුන් ස්වර්ගයට පිවිසෙනු ලබයි.හේඩීස් යනු ගැහෙනා හෙවත් නිරය නොවන බව අවබෝධ කර ගැනීම මෙහිදී වැදගත් වෙයි.ක්‍රිස්තුස් වහන්සේගේ උකුත් වීමට පෙර ආබ්‍ර්හම් පවා සිටියේ මෙම හේඩීස් නම් ස්ථානය තුළය.
මෙසේ වූයේ ඔවුන් පරිපුර්ණත්වයට පත් විය යුත්තේ අප හා සමග යයි දෙවියන් වහන්සේගේ කල් තියා සැලැස්මක් තිබු බැවිනි.කතෝලික අප "සාන්තුවරයන්ගේ සමෝසධර්ම ලාභය "විශ්වාස කරනු ලබන්නේ මේ හේතුව නිසාවෙනි.
39 මොවුහු සියල්ලෝ ම ඇදහිල්ල ගැන පැසසුම් ලැබූ නමුත්, පොරොන්දු නොලදහ. 40 එසේ වූයේ, දෙවියන් වහන්සේ අප ගැන සලකා, ඔවුන් පරිපූර්ණත්වය ලැබිය යුත්තේ අප හා සමඟ පමණකැ යි යන වඩා හොඳ සැලැස්මක් කල්තියා පිළියෙළ කොට තිබූ හෙයිනි.
( හේබ්‍ර්ව් 11:39-40 )
එබැවින් අප නව ගිවිසුම තුළ එසේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය තුළ වෙසෙන දේව මාතාවන්ගේ සහ සාන්තුවරයන්ගේ මැදහත් කම අප අයද සිටිමු.
8 අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු. ශරීරය නමැති නිවාසයෙන් ඈත් වී සමිඳාණන් වහන්සේ තුළ විසීමට අපි වඩාත් කැමැති වෙමු.
9 ඒ නිසා අපි, එහි වේවා, මෙහි වේවා, කොයි නිවාසයෙහි සිටියත්, සමිඳාණන් වහන්සේ ප්‍රසන්න කිරීමට වඩාත් ආශා වෙමු. ( 2 කොරින්ති 5:8-9 )
අන් අය වෙනුවෙන් අයදීම සෑම විටම දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙයි.
( 1 තිමොති 2: 1-3 )
ඉහත සදහන් (2 කොරින්ති 5:8-9 )පාඨය මගින් පාවුලු තුමන්ට අනුව මරණයෙන් පසුවත් අන් අය වෙනුවෙන් අයදීම දෙවියන් වහන්සේට ප්‍රසන්නය.
එලිදරව්ව ග්‍රන්ථය තවදුරටත් මොවුන්ගේ මැදහත්භාවය සනාථ කරනු ලබයි.
8 එසේ පොත ගත් කල ජීවමාන සත්ත්වයෝ සතර දෙනා හා කුලදෙටුවෝ විසිසතර දෙනා, එකිනෙකා වීණාවක් ද, සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍ර ද රැගෙන බැටළු පෝතකයාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් සැදැහැවතුන්ගේ යාච්ඤා ය.
( එළිදරව්ව 5:8 )
මෙහි සැදහවතුන්ගේ යාච්ඤා ක්‍රිස්තුස් වහන්සේ වෙතට රැගෙන යන්නේ කුල දෙටුවන් 24 දෙනා විසිනි. කුල දෙටුවන් 24 දෙනා තුලින් පුරාණ ගිවිසුමේ ගෝත්‍ර 12 සහ ජේසුස් වහන්සේගේ අපෝස්තුළුවරුන් 12 දෙනා නියෝජනය කරන නව ගිවිසුමේ සංකේතවත් වෙයි.
මේ සදහා තවත් සරල උදාහරණයක් ලෙසට ජේසුස් වහන්සේ තමන්ගේ අන්‍යරූපවිලාශ වීමේදී මෝසෙස් සමග සාකච්ඡා කරනු ලැබීම පෙන්වා දිය හැකි අතර ඒ අවස්ථාවේදී පේදුරු, ජාකොබ් සහ ජොහාන්ද ජේසුස් වහන්සේ සමග සිටි බව ශු.ලියවිල්ල අපට පෙන්වා දෙනු ලබයි.මෝසෙස් පොරොන්දු දේශයට සැපත් වීමට ප්‍රථම මිය ගියේය.එසේ නම් මූලධර්මවාදීන්ට අනුව ප්‍රථමයෙන් වැරද්ද කර ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේ විසින් විය යුතුය.
4 එවිට එලියා ද මෝසෙස් ද ඔවුන්ට දර්ශනය වූ හ. ඔව්හු ජේසුස් වහන්සේ සමඟ කතා කරමින් සිටියහ.5 එවිට පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, ''ගුරුදේවයෙනි, අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි. අපි මණ්ඩප තුනක්, එකක් ඔබටත්, එකක් මෝසෙස්ටත්, එකක් එලියාටත් සාදමු''යි කී ය. ( මාක් 9:4-5 )
නමුත් කතෝලිකයන් වන අප මෙහිදී මතක තබා ගත යුතු කාරණාව වන්නේ අප හා ක්‍රිස්තුස් වහන්සේ සමග පවතින පෞද්ගලික සම්බන්ධතාවය ඉතා වැදගත් වන බවය. නමුත් ඒ අතර දේව මාතාවන්ගේ හෝ සාන්තුවරයන්ගේ මැදහත්භාවය පැතීම ශු.ලියවිල්ලට පටහැනි නොවන බවද මෙමගින් අපට පැහැදිලි වෙයි.මන්දයත් අප මෙහිදී සම්බන්ධතාවය පවත්වනු ලබන්නේ වෙනත් මිත්‍යා දෙවිවරු හෝ විවිධ යක්ෂ බලවේගයන් සමග නොව ස්වර්ගයෙහි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය තුළ වෙසෙන ආත්මයන් සමගය.
මන්ද පාවුලු තුමන් රෝමවරුන්ට පවසන පරිදි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අපව මරණයට වුවද වෙන් කල නොහැකි වෙයි. ( රෝම 8:38 )
සතුට යනු කතෝලිකයකු වීමයි!
0 Comments