BLANTERORBITv101

ඔවුන් ඔබේ ගෙදරත් ආවාද?

ඔවුන් ඔබේ ගෙදරත් ආවාද?

*පැය දෙකෙන් ඔබේ ආගම වෙනස් කරන්න ඔබට හිතුනද?

*ඔබේ අහල පහල ඉන්න අය සොහොන තියා ගන්න ආගම් දෙකටම දෙපැත්තට බෙදිලද?

ඉතාම වටිනා මේ දිර්ග ලිපිය නිවි හැනහිල්ලෙ කියවන්න අදිටන් කර ගන්න

ඉතාමත්ම වටින ලිපියක්

ඔවුන්ට හොදම පිලිතුර මේ පොස්ට්ටුවෙ ඇති කියවන්න

සංවාදයට විවරයි

'' කතෝලික සබාව = සත්‍ය වූද , ක්‍රිස්තුන් වහන්සේ විසින්ම පිහිටවු එකම සබාව  '' යන්නට ඉපැරනිම සාක්ශි කිහිපයක් 

ඔබත්  , මමත්  අයත්  වන ' එකම ශු, කතෝලික අපොස්තලික සබාව [ කතොලික සබාව ]  යනු එදා පේදුරු තුමන් මගින් ජේසුස් වහන්සෙ විසින්ම ස්තාපිත කලාවු එකම සබාව යන්නට සාක්ශි බොහෝය . ඒවා අතරින් සබා සම්ප්‍රදාය හා සබා ඉතිහාසය තුල සාක්ශි බොහෝමය . එවායෙ ප්‍රබලත්වය අති විශාලය . [නමුත් මූලදර්මවාදීන් එනම් ලුතරාන /ඇන්ග්ලිකන් / මෙතෝදිස්ත /බැප්ටිස්ට් /ඔර්තොඩොක්ස්  වැනි ප්‍රදාන ගනයට අයත් නොවන සියලුම අනෙකුත් සබා කතොලික සබාව ජේසුස් වහන්සෙ බිහිකල සබාව නොවේ යැයි කියන්නෙ ඔවුන්ට ඉතිහාසයක්ද , සබ සම්ප්‍රදායක්ද නොමැති බැවිනි . කතොලික සබාව නිර්මානය කල බයිබලය [එ ගැන් ඉදිරි ලිපිවලින් අපි හමුවෙමු ] බාවිතා කරමින් කතෝලික සබාවට පහර ගැසීමට ඔවුන් නිශ්චල ප්‍රයත්නයක යෙදෙන්නෙ ජේසුස් වහන්සේ කිව්වෙ 'පේදුරු! නුබ මගින් මාගෙ සබාව පිහිටුවන්නෙමි' යන්න මිස ' පේදුරු ! නුබ මගින් මාගේ සබා සෙට් එක හෝ කාලෙන් කාලෙට එක එක සබා පිහිටුවන්නෙමි ' යන්න නොවන බවවත් අනවබෝදයෙනි .

 කතෝලික සබාව ජේසුස් වහන්සේ පිහිටෙව් සබාව යන්න සනාත කිරීමට ඉපැරනි, සබා සම්ප්‍රදායෙ දි අපට හමුවන සාදක / සාක්ශි  කිහිපයක් අපි ගෙනහැර බලමු .

ශුද්ධවූ, කතෝලික හා අපෝස්තලික සබාව ක්‍රිස්තුස් වහන්සේගේ එකම සැබෑ සභාව බවට අවිවාදිත සාක්‍ෂි සැපයුවන්ගෙන් කිහිප දෙනෙක් නම්  ශාන්ත තිමෝති, ශාන්ත ටයිටස් සහ ප්‍රධාන අපෝස්තලික පියවරුන් [apostolic fathers ]තිදෙනා වන  පලවන ශාන්ත ක්ලෙමන්ට් පාප්තුමා  , ශාන්ත ඉග්නේෂස් සහ ශාන්ත පොලිකාප් යන අයවලුන්‍ ය . [මෙම ලිපියෙ ඇත්තෙ එලෙස සබා ඉතිහාසය තුල සාක්ශි ලෙස ගත හැකි ලිපි ලියු හා ජීවිතාදර්ශ හිමි පුද්ගලයන් වන අතර ඔවුන්ගෙ එම සාක්ශි ඉදිරි ලිපිවලින් බලපොරොත්තු වන්න ]

1, ශු.තිමොති තුමන් .St.Timothy (meaning "honouring God" or "honoured by God" ) . ඔහු කුඩා ආසියාවේ ලයිකොනියානු නගරයක් වන ලිස්ට්‍රාහි සිට කිතුනු ඇදහිලිවන්තයෙකු වූ ග්‍රීක පියෙකුගෙන් උපත ලැබීය. ශාන්ත පාවුලු සිය දෙවන මිෂනාරි ගමනේදී ඔහුව මුණගැසුණු අතර ඔහු සීලස් සමඟ ශාන්ත පාවුල්ගේ සහචරයා සහ සම සේවකයා බවට පත්විය. අළුත් ගිවිසුමේ දැක්වෙන්නේ තිමෝති ඔහුගේ උපදේශකයා වූ ශාන්ත පාවුල් අපොස්තුළු තුමා සමඟ ගමන් කළ බවයි. ශාන්ත පෝල් ඔහුට වැදගත් පැවරුම් භාර දුන්නේය. තිමෝතිට ලියන ලද පළමු හා දෙවන ලිපිවල ලබන්නා ලෙස ඔහුව අමතනු ලැබේ. සම්ප්‍රදායට අනුව ඔහු 17 දී උපත ලබා ක්‍රි.ව. 97 දී පමණ මිය ගියේය

2) .ශු, තීතස් හෙවත්  ටයිටස් තුමන් යනු මුල් ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු හා සබාවෙ  නායකයෙකි. ශාන්ත පාවුලු අපොස්තුළු තුමාගේ සහචරයකු හා ගෝලයෙකි. ඔහු අන්තියෝකියේ සිටි අන්‍යජාතිකයෙක් වන අතර ශාන්ත පාවුලු විසින් ක්‍රිස්තියානි ආගමට හරවා ගන්නා ලද අතර සම්ප්‍රදායට අනුව ඔහු ක්‍රීට් දූපතේ රදගුරු පදවියට පත් විය. ක්‍රි.ව. 107 දී පමණ ඔහු මිය ගියේය.

3) . ශාන්ත ක්ලෙමන්ට් පාප්තුමා ලෙසද 

රෝමයේ ශාන්ත ක්ලෙමන්ට් ලෙසද හදුන්වන මෙතුමා , ශාන්ත පාවුල්ගේ ගෝලයෙකු වන අතර පිලිප්පි 4: 3 හි ක්‍රිස්තුස් වහන්සේගේ සෙසු සේවකයෙකු ලෙස ඔහු විසින් සඳහන් කරන ලදී. එතුමන්ව පේදුරු තුමන්  විසින් පූජකයෙකු ලෙස පත්කල   අතර පසුව රෝමයේ සිව්වන රදගුරු පදවියට පත්විය. එතුමා පාප්තුමා ලෙස  ක්‍රිස්තු වර්ශ  88 සිට 99 දක්වා එනම් ඔහුගේ මරණය දක්වා පාප් ධුරය හෙබවීය. ඔහු සබාවෙ  පළමු අපෝස්තලික පියා ලෙස සැලකේ. සමකාලීනයන් වනාහී ශාන්ත පොලිකාප් සහ අන්තියෝකියේ ශාන්ත ඉග්නේෂස් යන අයවලුන්‍ ය .

4). අන්තියෝකියේ ශාන්ත ඉග්නේෂස් තුමා ..... ශාන්ත ජුවාම් අපොස්තුළු තුමාගේ කැපී පෙනෙන ගෝලයෙකු වූ  අන්තියෝකයේ ඉග්නාසියුස් මුනිතුමා  ක්‍රි.ව. 107 දී ඔහුගේ මරණය දක්වා අන්තියෝකියේ පිහිටි සංගයේ ශාන්ත පේදුරුගෙ  දෙවන අනුප්‍රාප්තිකයා බවට පත්විය. [පේදුරු තුමා රෝම සංගය පිහිටුවන්නෙ ඊට පෙර අන්තියෝකයේ සංගයක් පිහිටුවාය ] ඔහු   ශාන්ත ජුවාම්  ඔහුගේ උපදේශකයා වන ශාන්ත පේදුරු  සහ ශාන්ත පාවුල් යන අපෝස්තුලුවරයන්ගෙ සමකාලීනයෙක් හා මිතුරෙකි .

අන්තියෝකයේ ඉග්නාසියුස් මුනිතුමා යනු  ඔහු ජීවත්ව සිටි කාලයෙ පැවති වේදබේද කිහිපයකටම මුහුන දී ඒවා පරාජය කොට සබාව ඒකත්වයෙන් තැබු අයෙකි .එවකට සිටි නොස්ටික්  සහ ඩොසෙටිස්ට් [ Gnostics and Doscetist heretics ] මිථ්‍යාදෘෂ්ටිකයන්ගෙන් සබාව හා එහි ඉගැන්වීම් ආරක්ශා කල අතර  ශු. සබාව තුල කන්‍යා මරිය තුමියට තිබු ස්තානය ,ආදරය ,ගෞරවය   ආරක්ශා කල නිර්බීතම පුද්ගලයා  වන අතර දෙවියන් වහන්සේගේ මෑනියන් වන මරිය තුමිය  කෙරෙහි භක්තිය මිනිසුන් අතර  දිරිගැන්වීය. ක්‍රි.ව. 107 දී පමණ ස්මර්නියානුවන්ට  [ Smyrneans ] ලියන ලද ලිපියේ ඔහු කතෝලික පල්ලිය යන යෙදුම ප්‍රතම වරට බාවිතා කල අතර එය කතෝලික සබාව ඉපැරනිම හ එකම සබාව යන්නට ප්‍රබල සාදකයක් වන අතර රෝමයේ බිශොප්ගෙ [පාප්තුමන්ගෙ ] නායකත්වය ගැනද කරුනු දක්වයි . [එම ලිපිය විස්තරාත්මකව බලපොරොත්තුවන්න ] ක්‍රිස්තු වර්ශ 107 දි පවා තිබු කතෝලික සබාව 300 ගනන් වලදි කොන්ස්තන්තීනු රජ විසින් පිහිටෙව් සබාවක්‍ය යැයි කියන මූලදර්මාවදීන්ගෙ අනවබෝදය හා දැනුම මදිකම ගැන අපට ඇත්තෙ  දුකකි .

5). පොලිකාප් තුමන් ....

ශාන්ත ජුවාම්  අපොස්තුළු තුමාගේ තවත් කැපී පෙනෙන ශ්‍රාවකයෙකු වන ස්මර්නාහි ශාන්ත පොලිකාප්තුමන් යනු  ඔහුගේ පංතියේ මිතුරෙකු වන ශාන්ත ඉග්නේෂස් මෙන්ම, ශාන්ත ජුවාම්  අපෝස්තුළුවරුන්ගේ මිතුරෙකි. සාන්ත ජෝන් විසින් පොලිකාප් තුමන්ව ස්මර්නා (තුර්කියේ ඉෂ්මීර්) හි රදගුරු ලෙස පත්කල අතර , ක්‍රිස්තු වර්ශ 96 දි පමන ලියැවුන එලිදරව්ව පොතෙ සදහන් වන පරිදි ස්මර්නාවට  ජුවාම් අපොස්තුලුවරුන්ගෙ ලිපි රැගෙන ගිය පුද්ගලයා වන්නෙද මෙතුමන්‍ ය. ලියොන්ස් හි ඉරේනියුස් තුමන්ගෙ උපදේශක වරයෙක් ලෙසද කටයුතු කර ඇත . 69 දී උපත ලැබූ ඔහු ක්‍රි.ව. 156 දී පමණ ස්මර්නාහිදී පිහියෙන් ඇනීමෙන් මිය ගියේය. ඔහු සිය දිවි පිදූ කාලය තුළ කතෝලික සභාව ගැන බොහො සේ ලියා ඇත  

ශාන්ත තිමෝති, ශාන්ත ටයිටස්, ශාන්ත ක්ලෙමන්ට්, සාන්ත ඉග්නේෂස් සහ ශාන්ත පොලිකාප් යන මේ අය  අපොස්තුලුවරුන්ගේ ගෝලයෝ පමණක් නොව, සමකාලීන මිතුරන් ය .මේ අයුරින්   ඔවුන් සියලු දෙනාම කතෝලිකයෝ වූවා මිස ජොහෝවා විට්නස් කෙනෙකු හෝ AOG වරයෙකු හෝ බෙතෙල් සබාවෙ හෝ  එක එක පාස්ටර්වරු විසින්  වෙන්වී ගොස් හැදු හතුසබා වලට අයත් වූ අය නොවීය....