BLANTERORBITv101

නිවරදිව පද භාවිතා කරමු

 'පාස්කු මංගල්‍යය' යනු ජේසු ක්‍රිස්තු සමිඳාණන් තමන් වහන්සේගේ මරණය පරාජය කර තුන්වන දින නැවත උත්ථාන වීම ජයශ්‍රීයෙන් සැමරීම ය. 

එම මංගල්‍යය සෑම වසරකම ඉරුදිනයක සමරනු ලැබීම හේතුවෙන්, එම දිනය 'පාස්කු ඉරුදින' ලෙස හඳුන්වනු ලබයි.

2019 වසර පාස්කු ඉරුදින සිදුවූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධව ලියැවෙන හා වාර්ථා කරන අවස්ථා වලදී....

'පාස්කු ප්‍රහාරය' , 'පාස්කු බෝම්බ',

'පාස්කු යුක්තිය' යන පද නිතර නිතර භාවිතා කිරීම හේතුවෙන් 'පාස්කු මංගලෝත්සවය' ට මහා අගෞරවයක් සිදුවෙමින් තිබේ.

අනවබෝධයෙන් එසේ සිදු වන්නේනම් /සිදු කරන්නේ නම්, එය පහත සඳහන් පරිදි නිවැරදි කර ගත යුතුමය.

'පාස්කු ප්‍රහාරය' ලෙස නොව

'පාස්කු ඉරුදින ප්‍රහාරය' ලෙස ද

'පාස්කු බෝම්බ' ලෙස නොව

'පාස්කු ඉරුදින බෝම්බ' ලෙස ද

'පාස්කු යුක්තිය' ලෙස නොව

'පාස්කු ඉරුදින යුක්තිය' ලෙස ද

නිවැරදි කර සඳහන් කිරීමට කාරුණික වන මෙන් මුලු මහත් කිතුනු ප්‍රජාව වෙනුවෙන් ඉල්ලා සිටිමි.

එය...

වෙසක් දින, දීපාවලි දින, රාමසාන් දින හා නත්තල් දින යනුවෙන් අප ආමන්ත්‍රණය කරන්නා වූ, ඒ ඒ ආගම් වලට අයත් උතුම් උත්සව දිනයන් වේ.

එවන් ආගමික උත්සව දිනයක යම් අවාසනාවන්ත සිදුවීමක් වු පලියට, එම ආගමික උත්සවයේ උතුම් නාමයට අගෞරවයක් වන ලෙස අවභාවිතා නොකිරීම අප කාගේත් යුතුකමක් යැයි මට සිතේ.

ස්තූතියි.

ජේසු පිහිටයි!

මයිකල් පියතුමා.