තේරුම් නොගත් Chi Rho - 1 වන පිළිතුරු ලිපිය
අප ගෙන එන නවතම ලිපි මාලාව වන්නේ කතෝලික හා කිතුණු විශ්වාසයන්ට එරහි ඉදිරිපත් කර තිබෙන ලිපි හා වීඩියෝ වෙනුවෙන් පිළිතුරු සැපයීමයි.
Chi Rho සංකේතයේ තේරුමවත් නොදන්න පුද්ගලයෙකු පළ කළ තිබූ පින්තූරයකි පහත දැක්වෙන්නේ.
Chi Rho ( ☧ ) යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද ?
Chi Rho යනු මුල් කිතුණු සභාව තුළ ජේසුස් වහන්සේගේ නම සලකුණක් ලෙස භාවිතා කළ " ක්‍රිස්ටොග්‍රෑමයකි ".එය සෑදී ඇත්තේ ක්‍රිස්තුස් යන්න භාවිතා කරන ග්‍රීක වචනයේ මුල් අකුරු දෙක මගිනි.( ΧΡΙΣΤΟΣ = XP ).එය මගින් ප්‍රධාන වශයෙන් නිරූපණය කරන්නේ ජේසුස් වහන්සේවය.එමෙන්ම එය මගින් ජේසුස් වහන්සේගේ කුරුසපත්වීමද නිරූපණය කරන බවට මතයක් ඇත.
ආරම්භය හා ඉතිහාසය
කෙසේවෙතත් බෞතීස්මය ආදී චාරිත්‍ර මෙන්ම මෙයටද Pre-Christian භාවිතයක් ඇත.ඇතැම් මූලාශ්‍ර අනුව මෙය ලියන්නන් විසින් chrēstos(“හොඳ” හෝ, සමහර පරිවර්තන වල, “ප්‍රයෝජනවත්”) යන වචනය කෙටිකර දැක්වීමට යොදාගෙන ඇත.
Chi Rho සංකේතය හා සබැදි ප්‍රසිද්ධ කතාවක් වන්නේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා හා මැක්සෙන්ටියස් අතර මිල්වියන් පාලම අසල සිදු වූ යුද්ධයට පෙර දින ක්‍රිස්තුස් වහන්සේ කොන්ස්ටන්ටයින්ට දර්ශනය වී ඔවුන්ගේ පලිහවල් මත ක්‍රිස්ටොග්‍රෑමය සලකුණු කර යුද්ධකිරීමට උපදෙස් දුන් පසු කොන්ස්ටන්ටයින් යුද්ධයෙන් ජයගෙන රෝමයේ අධිරාජ්‍යයා බවට පත් වීමයි.මෙම දර්ශනය ක්‍රිස්තියානි ඉතිහාසය තුළ හැරවුම් ලක්ශයක් විය.මන්දා අවුරුදු 300කට අධික කාලයක් පුරාවට පීඩන සමයක් තුළ විසූ ක්‍රිස්තියානිට සහනයක් ගෙන එමෙන් ක්‍රිස්තියානි පීඩන සමය අවසන් වූයේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා රෝම අධිරාජ්‍යයා වීමෙන් පසුය.එමෙන්ම කොන්ස්ටන්ටයින් යනු රෝමයේ ප්‍රථම ක්‍රිස්තියානි අධිරාජ්‍යයාය.( ඔහු සම්පූර්ණ කිතුණුවකු ලෙස බෞතීස්මය වන්නේ අවසාන කාලයේය )
බෞතීස්මය වැනි ක්‍රියාකාරකම් සිදු වූ ආකාරයටම Chi Rho සංකේතයද පසුකාලීනව නව ක්‍රිස්තියානි අරුතක් දී ක්‍රිස්තියානින් භාවිතයට යොදා ගත්තේය.
කොන්ස්ටන්ටයින් සම්බන්ධ කතාව විද්වතුන් අතර බොහෝ සෙයින් විවාදයට පත්වුවද පැහැදිලි කරුණක් වන්නේ Chi Rho සංකේතය මුල් කිතුණු සභාව තුළ පැතිර ගියේ ලැව්ගින්නක් ලෙසින්.
Monogram of Christ, Museo Pio Cristiano, Vatican Notice the Greek letters “Alpha” and “Omega” meaning “Christ is the Alpha and Omega” ( Rev1:8) included in this Chi-Rho symbol.
සාරාංශය ✅
Chi Rho සංකේතය සම්පූර්ණ ක්‍රිස්තු කේන්ද්‍රීය සංකේතයකි.එයතුළින් පැහැදිලිවම හුවා දක්වන්නේ ජේසුස් වහන්සේ වහන්සේ හා උන්වහන්සේ විසින් සිදු කළ අමිල යාගයයි.
0 Comments