BLANTERORBITv101

නමවන සියවස තුළ කිතුනු සභාව

ක්‍රි.ව. 9 වන සියවසේ සිට 11 වන සියවස තෙක් කාලය අඳුරු යුගය ලෙස හඳුන්වනු ලැබේ. මෙම කාලයේ ශු. සභාව හා රෝම අධිරාජ්‍ය වශයෙන් සමාජ ආයතන දෙකක් මඟින්  පාලනය කරන ලදී. මෙම ආයතන දෙකේ තරගය නිසා විවිධ අමනාපකම් හා යුද්ධ ඇති විය. මෙම කාලයේ පෙරදිග ශු. සභාව පාලන වගකීම සඳහා පාලකයන් පත් කිරීම, බදු අය කිරීම, යුද්ධ භටයන් ශක්තිමත් කිරීම, මුදල් හා වස්තුව රැස් කිරීම වැනි කාර්යෙහි නිරත විය. මෙම පසුබිම යටතේ අපරදිග, පෙරදිග සභාවත් අතර මතගැටුම් වැඩිවී භේදවලට මඟ පෑදිණි. ඉස්ලාමීයයන්ගේ පිබිදීම හා ගැටුම් වැඩි වී කුරුස යුද්ධයක් ඇති විය. ධර්මදූතවරුන්ගේ කාලයේ සිට ශුද්ධවන්ත ජීවිතය බෙදා ගැනීමේ ජීවිතය ස්වර්ගස්ථ වූ රදගුරුවරුන් පැවිද්දන්ගේ අහංකාර ජීවිතය, ධන ලෝභිත්වය, ආත්මාර්ථකාමී ජීවිතය නිසා  සභාවේ පාරිශුද්ධත්වයට හා දියුණුවට බාධාවක් ව පැවතිණි. එබැවින් මෙම කාලය ශු. සභාවේ අඳුරු යුගය ලෙස සලකනු ලැබේ. සභාවේ නායකයන්ගේ පත්වීම්වලට රජවරුන්ගේ  මැදිහත් වීම නිසා සමහර ප්‍රශ්න මතු විය. ඒවා ලෙස දහම සම්බන්ධ අධිකාරි බලය රජයට අයත් ද? ශුද්ධෝත්තම පියාණන්ට අයත් ද? ශුද්ධෝත්තම පියවරු ආගමික නායකයෝ ද නැතහොත් රටේ රජවරු ද? තව ද සභාවේ අධිකාරිය විසින් උසස් තනතුරු මුදලට විකුණන ලදී. මෙසේ මිලදී ගැනීමේ දී සමහර අවස්ථාවල එක ම පදවියකට රදගුරුවරුන් තිදෙනකු නැතහොත් එක රදගුරුවරයකුට පදවි 03ක් ආදි වශයෙන් ද පැවතිණි. එලෙස රදගුරුවරු තම පදවිවලට එක් දිනක් හෝ නොගොස් පිටතින් 

සිට එය පාලනය කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවගේ ආගමික ජීවිතය, දහම් දැනුමල යහපත් චර්යාව විනාශ වී ගියේය. පියතුමන්ට හෝ අනෙකුත් නායකයන්ට හෝ ගැඹුරු ආධ්‍යාත්මික පාරිශුද්ධ ස්වභාවයක් හෝ අපොස්තලික උනන්දුවක් හෝ නොමැති නිසා ඔවුන්ට අනෙක් අය ව පාලනය කිරීම හෝ වැරදිවලට දඩුවම් දීම හෝ කළ නොහැකි වූ අතර පූර්ණ ඵල විකුණන ලදි. සභාවේ උසස් නිලතල මුදලට විකුණනු ලැබූ නිසා බොහෝ තනතුරු ධනවත් වූ ප්‍රභූවරුන්ට අයත් විය. පූජකවරුන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රමාණවත් ලෙස දෙව්සත්හල් පුහුණුව නොලැබුවෝ ප්‍රමාණවත් දේව ධාර්මික පුහුණුවක් නැති අය ද වූ හ. සභාවේ පුනරුදයක් ඇති වී ශුද්ධෝත්තම  පියවරුන්, රදගුරුවරුන්, පූජකවරුන්, පැවිද්දන් ආදීන්ගේ පාරිශුද්ධ ආත්මික ජීවිතය ඇති වේ යැයි විශ්වාසයක් සමහර පැවිදි අය හා ගිහි බුද්ධිමතුන් තුළ ඇති විය. 

සභාවේ පුනරුදයක්  ඇති කළ යුතු යැයි බිහිවූ තාපස නිකායයෝ පවා පැවිදිවරය ජීවිත පැවැත්ම හා විශ්වාසය අතහැර මුදල් එකතු කිරීමෙහි ද දේශපාලන ලාභය සෙවීමෙහි ද යෙදී සිටිය හ. සමාජය තුළ ඇති වූ පුනරුදය විවිධ නව අදහස් චින්තන බිහි වීමට හේතු විය. ඒ  අනුව අන් අය පවසන අදහස් වෙනස් අය එලෙස ම පිළිගත යුතු නැති බව තමා ම සිතා තීරණයක් ගත යුතු යි යන අදහස මතු විය. එබැවින් ආගමික ප්‍රතිපත්ති ඉගැන්වීම් කෙරෙහි සැක මතු විණි. මෙම කාලවකවනුවේ විශ්වාසකයෝ සභාව කෙරෙහි දැඩි කල කිරීමකට පත් ව සිටිය හ. තම ආගමික නායකයන් කෙරෙහි අවිශ්වාසයෙන් කලකිරීමෙන් සිටියහ. සභාවේ පැවති විවිධ අඩුපාඩු මග හරවා ආගමික පුනරුදයක් ඇති කිරීමට සමහර පූජකවරුන් පැවිද්දන් උත්සාහ කළ ද ඔවුන්ගේ එම උත්සාහය ප්‍රතිඵල දායක නොවිණි. ඒ සඳහා රැස් වූ මන්ත්‍රණ සභාවලින් ද ප්‍රතිඵලයක් අත් නොවිණි. මන්දයත් එයට අවශ්‍ය ශුද්ධෝත්තම පියවරුන්ගේ සහය නොලැබීම හේතුවෙනි.

නමවන සියවසේ ආරම්භය බටහිර කතෝලික සභාවට ඉතාමත් යහපත් ප්‍රතිඵල ගෙනදූන් කාලයක් විය. මහා චාර්ල්ස් රජතුමා නැගෙනහිර හා මධ්‍යම යුරෝපයේ තමා විසින් යටත් කරගත් ප්‍රදේශවල අන්න්‍යාගමික ජනතාව කිතුනු ඇදහිල්ලට හැරෙන් ලෙස බලකර සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස කි්‍රමක් ක්‍රමයෙන් අන් ආගම් ඇදහූ ජනතාව කිතුනු ආගම වැළඳගත්හ. මහා චාර්ල්ස් රජතුමාගේ මරණයෙන් පසුව ඔහුගේ පුත් ලුවිස් (Louis the Pious) රජකමට පත්වූ අතර ඔහු තම අධිකාරී නිල බලය පාප්තුමා මත රැඳී ඇතිබව ප්‍රකාශ කර සිටියේය. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් ලොතාර් (Lothar) ක්‍රි.ව. 823 රෝමයේදී ඔටුණු පැළදීමෙන් රජකමට පත්විය. ඔහුගෙන් පසුව ශුද්ධ රෝම අධිරාජ්‍යයේ සෑම රජ කෙනෙක්ම තම ඔටුණු පැළඳවීමේ උත්සවය රෝමයේ සිදූ කළහ. නමවන සියවසේ සිටි ඉතාමත් බලවන්ත පාප්තුමෙකුවූ පළමු නිකුලස් පාප්තුමා (ක්‍රි.ව. 858-867) අධිරාජ්‍යයාගේ මූලික වගකීම රෝමානු කතෝලික සභාව ආරක්ෂා කිරීම මිස එය පාලනය කිරීම නොවන බව තරයේ ප්‍රකාශ කළේය. මේ කාල වකවානුව වන විට බාහිර සහ අභ්‍යනතර බලපෑම් හා නැගෙනහිරින් පැමිණි විකින්ග්ස් ගෝත්‍රිකයන්ගේ (Vikings), හංගේරියන් හා නැගෙනහිර හා දකුණු දිශාවන්ගේ පැමිණි මුස්ලිම් ආක්‍රමණයන් නිසාඅධිරාජ්‍යයාගේ බලය හීනවී තිබුණේය. මේනිසා මහා චාර්ල්ස් රජතුමාගේ සමයේ අධිරාජ්‍යය තුළ පැවති සාමය හා එකමුතුකම බිඳවැටී තිබුණි. 

මෙම බටහිර අධිරාජ්‍යයේ බිඳවැටීම බටහිර කතෝලික සභාවේ බිඳවැටීමටද හේතුවිය. පළමු නිකුලස් පාප්තුමාගෙන් පසුව සභාව හොඳින් හා ප්‍රබලව මෙයෙවීමට පාප්තුමකු බිහි නොවීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව. 858-879 යන කාලය තුළ රෝමයේ පාප්තුමන්ලා හා කොන්ස්තන්තිනෝපලයේ ආධි පිතෘවරුන් අතර සභාභේදයක් (schism) පවා ඇති විය. පළමු නිකුලස් පාප්තුමාගේ බල තන්හාව මෙම බෙදීමට හේතු විය. එසේම කොන්ස්තන්තිනෝපලයේ ආධි පිතෘවරයා වූ ෆෝටියුස් (Photius) විසින් ෆීලියෝක්වේ (filioque) යන කොටස නයිසීන විශ්වාස ප්‍රකාශනයට එකතු කිරීම, සුද්ධකීනය ස්ථානය පිළිබඳ සභා ඉගැන්වීම හා තවත් කරුණු සම්බන්ධයෙන් කතෝලික සභාවට විරුද්ධව චා්දනා ඉදිරිපත් කරන ලදී. මෙයද මෙම සභාභේදයට හේතුවක් විය. නමුත් පසුව ෆෝටියුස් තම චෝදනා ඉල්ලා අස්කර ගත්තේය. ඔහු එවකට සිටි නවක පාප්තුමන්ලා හා සමග එක් කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව. දහවන සියවස පමණ වන විට නැගෙනහිර හා බටහිර සභාවන් අතර සැළකිය යුතු එකමුතුකමක් ඇති විය. නමුත් සෑම ගැටළුවක්ම නියමාකාරයෙන් නිරාකරණය නොවීම පසු කලෙක එනම් ක්‍රි.ව. 1054දී පමණ ආරම්භවූ නැගෙනහිර හා බටහිර අතර ඇතිවූ මහා සභාභේදයට හේතු විය. 

නමවන සියවස අග භාගයේදී පමණ ඉස්ලාම් ආගම නැගෙනහිර සභාව යටපත් කරමින් සිටි අතර දේශපාලන අස්ථාවරකම් හා පාප්තුමන්ලාගේ දූර්වලකම් බටහිර සභාවේ බිඳවැටීමකට මගපෑදූවේය. සභාවේ පූජක හා පැවදිවරුන්ව ලෞකීක නායකයන් විසින් පාලනය කළ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නූගත් අය හා විශ්වාසවන්ත ලෙස බඔසර ජීවිතයක් ගත නොකරන අය වූහ. තාපසාරාම තමන්ට ආවේනික ජීවිත රටාවෙන් බොහෝසේ ඈත්වී ලෞකීක බවට පෙරළී පරිහානිය කරා යොමු විය. සභාව තුළ පැවති මෙවැනි අඳූරු යුගයන් වල පවා දෙවියන් වහන්සේ තමන්වහන්සේගේ දූත කාර්යය සභා මාතාව මගින් ඉටු කරන්ට කටයුතු කළ සේක. 

නමවන සියවස අග භාගයේදී තාපසයන් දෙදෙනෙකුවූ මෙතෝඩියස් සහ සිරිල් නැගෙනහිර යුරෝපයේ කාෂාර්ස් (Khazars) හා ස්ලැවික් ගෝත්‍රික ජනතාව අතර කිතු දහම පැතිරවීමේ දූත කාර්යයට උරදූන්හ. කිතුනු ඇදහිල්ලට අමතර මෙම නව ජනතාවක් වූ ස්ලැවික් ගෝති්‍රක ජනතාවට සිරිල් තුමා නව අක්ෂර මාලාවක්ද හඳූන්වා දූන්නේය. එම නව අක්ෂර මාලාව හා භාෂාව තම සංස්කෘතිය ගොඩනැගීමට අවශ්‍ය වාහකයක්ද විය.  

දහවන සියවස තුළ කිතුනු සභාව

තාපස ක්‍රමයේ සිදූවූ ප්‍රතිසංස්කරණයන් ප්‍රධාන හේතු වුයේ දහ වන සියවසේ දී පමණ රෝමයේ හා පෙරදිග කිතුනු සභා සංවිධානය පිරිහීමකට ලක්වූ අතර මේ නිසා සභා පරිපාලනයේ ඉහළ සිට පහළ දක්වාම ප්‍රතිසංස්කරණයක් සිදූ කිරීමට තිබූ අත්‍යාවශ්‍යතාවය. සිමෝනියාව (Simony)  නැතහොත් ශුද්ධවු දේ විකිණීමට හා මිලදී ගැනීමට පුරුදූව සිටීයෝය. සභාවේ දේපල, තනතුරු, සක්‍රමේන්තු හා ශුද්ධවන්තයන්ගේ අවශේෂ මෙලෙස විකිණූ හා මිලයට ගත් දේවල් අතර වේ. කිතුනුවන්ගේ හා සභා පාලකයන්ගේ නූගත්කම, ලෞකිකකරණයවූ ජීවිත පැවැත්ම හා සභාව හා රාජ්‍යය පාලනත්‍රන්තය අතර පැවති කිට්ටු, අහිතකර බැඳීම. සභාව දේශපාලනකරණය වීම නිසා මෙහි ප්‍රතිඵලයක් ලෙස එවකට පැවති යුරෝපීය රාජ්‍යයන්ගේ හා බලවේගයන්ගේ අරමුණු ඉටුකරන අතකොලු බවට පත්වීය. ශුද්ධෝත්තම පියතුමා සතුව පැවති අධිකාරී බලය සීමාසහිත වීම හා එය පරිහානියකට ලක්ව පැවතුණු අතර අයතා ලිංගික ඇසුරන් හී යෙදීම දක්නට ලැබුණි.

මෙය සභාවේ ආධ්‍යාත්මිකත්වය පිරිහෙමින් පැවති සමයකි. පාප්තුමා සතු නිලබලය රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන නිලතල වලට පත්ව සිටි නොසුදූසු රෝම රදළවරුන් විසින් පාලනය කරනු ලැබූහ. එයට උදාහරණයක් නම් දොළොස්වන ජෝන් පාප්තුමාය (ක්‍රි.ව. 955-964). ඔහු බොහෝ ලෙස පිරිහුණු පාප්තුමකුවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙවියන් වහන්සේ කතෝලික සභාවේ පාලනය පළමු ඔට්ටෝ නමැති ජර්මානු ජාතිකයින්ගේ පළමු රෝම අධිරාජ්‍යයාගේ අතට පත්වන්නට සැළසූ සේක. ඔට්ටෝ ඇතුලු ඔහුගෙන් පසුව පැමිණි අධිරාජ්‍යවරුන් කතෝලික සභාව තම අධිරාජ්‍යය තුළ සැලැස්මක් ස්ථාපිත කිරීමට ආයුධයක් කර ගත්තේය. මෙහිදී අධිරාජ්‍යවරුන් තමන්ට කැමති ලෙස ගිහි ජනතාව සභාවේ නිලතල වලට තෝරාගත් අතර සභාවේ රදගුරුවරුන් හා පාප්තුමන්ලා පත්කිරීම ද ඔවුනට කැමති ආකාරයෙන් සිදූ කළහ. නමුත් දේව වරප්‍රසාදය තුළ මෙලෙස ජර්මානු අධිරාජ්‍යවරුන් විසින් පත්කරන ලද පාප්තුමන්ලා ඉතා යහපත් හා චරිතවත් අය වූහ. උදාහරණයක් ලෙස මෙසේ පත්වූ දෙවන සිල්වෙස්ටර් පාප්තුමා (ක්‍රි.ව. 999-1003) සඳහන් කළ හැකිය. ඔවුන්ගේ පිහිට එවකට පැවති බටහිර සභාවේ උන්නතියට හේතු විය. 

11 වන සියවසේ දී කිතුනු  සභාව

11 වන සියවසේ දී ඔට්ටෝනියන් අධිරාජ්‍යයේ සිටි ජර්මන් අධිරාජ්‍යයවරු බොහෝ විට බටහිර ශු. සභාව පාලනය කළහ. සභාවේ ඉඩකඩම්වල අයිතිය ඔවුන් තමන් යටතේ පවත්වා ගෙන ගිය අතර ශුද්ධෝත්තම පියවරුන් හා රදගුරුවරුන් පත්කිරීම ද ඔවුන්ගේ සිතැගි පරිදි මේ යුගයේ දී සිදු විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලෞකික බලවේග නිසා ශු. සභාවට නිදහස අහිමි වන බව එවකට සිටි ශුද්ධෝත්තම පියවරුන් හා රදගුරුවරු තේරුම් ගත්හ.

අති උතුම් හත් වන ග්‍රෙගරි පාප්තුමාගේ ප්‍රතිසංස්කරණ

ක්‍රි.ව. 1073 දී කාදිනල් හිල්ඩේ බ්‍රෑන්ඩ් හත් වන ග්‍රෙගරි නමින් ශුද්ධෝත්තම පියතුමා ලෙස පත් වීම ලැබීමත් සමග ම මේ තත්ත්වය මදකට වෙනස් විය. ක්‍රි.ව. 1075 දී එතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලද "Dictus Papae" යන ලේඛනයෙන් ශුද්ධෝත්තම පියවරුන් තම අධිකාරී බලය අපෝස්තුලුවරුන් මාර්ගයෙන් ක්‍රිස්තූන් වහන්සේගෙන් ලබා ඇති බවත් එම නිසා ඔවුන් සතු බලය ඉතා උසස් බවත් ප්‍රකාශ කළේය. අති උතුම් හත් වන ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමා සතු මෙම බලය උපයෝගි කරගෙන එතුමා ශුද්ධෝත්තම පියවරුන්ට ශු.සභාව තුළ විශාල බලයක් ඇති බවත්  ඒ අනුව අධිරාජවරුන් පවා බලයෙන් පහකිරීමට හා දෙවියන් වහන්සේගේ නීතියට හා සභා නීතියට අනුකූල නොවන නීති වෙනස් කිරීමට හැකියාවත් ඇති බවත් ඔවුන්ට ප්‍රකාශ කළේ ය. ශුද්ධෝත්තම පියතුමා සතු මෙම බලය උපයෝගි කරගෙන අති උතුම් ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමා ශු. සභාවේ සියලූ ම අංශවල නව ප්‍රතිසංස්කරණ ඇති කිරීමට උත්සාහ ගත්තේ ය. එතුමා බඹසර රැකීමේ පොරොන්දුවට විශ්වාසවන්ත ව සිටින ලෙසත් හා කිසි ම ලෙසකින් සක්‍රමේන්තු දානය කිරීමේ දී මුදල් අය නොකරන ලෙසත් පූජකවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

පෙරදිග හා අපරදිග සභා අතර ඇති වු සභා භේදය

එකොළොස්වන සියවස තුළ සභා ඉතිහාසය තුළ සිදු වූ අවසානාවන්ත සිදුවීම වන්නේ ක්‍රි.ව. 1054 දී පෙරදිග හා අපරදිග සභා අතර ඇති වූ සභා භේදයයි.(The schism between the Eastern Church and the Western Church) මෙම සභා භේදය ජේසු සමිදුන් මගින් එකම ජනතාවක් හා එකම සභාවක් ඇති කිරීමේ දේව අභිමතයට පිටුපෑමක් විය. කිතුනු සභාවල කතෝලික සභාව හා ඕර්තඩෝක්ස් සභාව වශයෙන් දෙකඩ වූ අතර කතෝලික සභාවේ මෙලොව නායකයා රෝමයේ පාප්තුමාවූ අතර ඕර්තඩෝක්ස් සභාවේ මෙලොව නායකයා කොන්ස්තන්තිනෝපලයේ ආදිපීතෘ තුමා (Patriarch) විය. මෙම සභා භේදයට ප්‍රධාන හේතූ දෙකක් විය. එනම් සභා නායකත්වය(dealing with the primacy of the Pope) හා දේව වේදයයි. (dealing with the filioque).  ශුද්ධෝත්තමයාණෝ පියාණන්ගෙන් නික්ම පුත්‍රයාණන් මගින්  පැමිණෙන (Prefilium) යන අදහස අපරදිග සභාවෝ පිළිගත්හ. මෙවන් ගැටලූ නිසා ශු. සභාවේ විවිධ ප්‍රශ්න හා බෙදීම් ඇති වූ විට 9 වන ලියෝ ශුද්ධෝත්තම පිය සමයේ කොන්ස්තන්තිනෝපලයේ පාත්‍රියක් වෙන් වූ වන මයිකල් සෙලාරියුස් නැමැත්තා දිව්‍ය පූජාව අවස්ථාවේ දී ශුද්ධෝත්තම  පියාණන් සමග තමන්ටද සම අයිතිය ඇති බව පැවසී ය. 

ඒ සමඟ නගරයේ ඇති සියලූ ම ලතින් ක්‍රමයේ දේවස්ථාන ද වසා දමන ලදි. ශුද්ධෝත්තම පියතුමා තම නියෝජිතයන් දෙදෙනකු ගිවිසුම් සබඳතාවක් ඇති කර ගැනීම සඳහා කොන්ස්තන්තිනෝපලයට යැවී ය. එහෙත් ගිවිසුම සබඳතා උත්සාහය අසාර්ථක වූ හෙයින් සුදතුම් පිය නියෝජිතයෝ ක්‍රි.ව. 1054 ජූලි 16 වන දින කොන්ස්තන්තිනෝපලයේ පාත්‍රියක්තුමා වූ සෙලාරියුස්තුමා සභාවෙන් නෙරපනු ලැබීය. මෙතැන් පටන් පෙරදිග සභාව අවසාන වශයෙන් රෝම සභාවෙන් බෙදිණි. ප්‍රතිඵල ලෙස ශු. සභාව පෙර - අපරදිග ලෙස ඛෙදුණු හෙයින් කිතුනු සංස්කෘතියේ විවිධ බලපෑම් ඇති විය. ඒවා නම්ස සන්නිවේදනය සඳහා එක්භාෂා භාවිතය වැඩි විය.

 සංස්කෘතික එකාධිකාරිය හඳුන්වා දෙන ලදි. (ග්‍රීක, ලතින් සංස්කෘතිය) පෙරදිග හා අපරදිග ක්‍රිස්තියානියේ වෙනස් ඉතිහාසමය පසුබිමක් බිහි විය. පෙර,අපරදිග සංස්කෘතික පසුබිමෙහි වෙනස් ජනවන්දනා ක්‍රම දියුණු විය. වෙනත් දේවධාර්මික ප්‍රතිපත්ති බිහි වී දියුණු විය. රෝමයේ පාප්තුමාගේ නායකත්වය මුළු සභාවට ම පොදු බව අපරදිග සභාව පිළිගත් අතර රෝමයේ රදගුරුවරයා හා කොන්ස්තන්තීනෝපලයේ ආදීපිතෘතුමා යන දෙදෙනා ම සභාව තුළ සම නායකත්වයට දරණ බව පෙරදිග සභාවේ මතය වීම මෙම සභා භේදයට එක හේතුවක් විය. නයිසීන විශ්වාස ප්‍රකාශනයට කොන්ස්තන්තිනෝපලයේ ආදිපීතෘ තුමා විසින් "ෆිලියෝක්වේ" (filioque) යන වගන්තිය එක් කිරීම අනෙක් හේතුව විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම සභා දෙක අතර අන්‍යෙන්‍යය ලෙස යම් යම් පුද්ගලයන්ව සභාවෙන් නෙරපා දැමීම සිදුවිය. මෙම ගැටුම ක්‍රි.ව. 1965 දී හයවන පාවුලූ ශුද්ධෝත්තම පියතුමා එවකට සිටි ඇතනගොරස් ආදිපීතෘ තුමා හමූ වී සුහද ලෙස සාකච්ඡා පැවැත්වීම දක්වා පැවතුණි. එහි ප්‍රතිඵලයක් ලෙස වත්මනේ මෙම සභා දෙක අතර එකගතාවක් පවතියි.

(පරිශීලනය සහ උපුටාගැනීම් - ගෞ. ශෙරොන් ඩයස් පුජාප්‍රසාදීන් වහන්සේගේ පාඩම් සටහන් මගින් )  

සටහන - අසේල දසනායක