1. පාස්කු මංගල්‍යය
• ජුදා මංගල්‍යයන්ගෙන් පාස්තු මංගල්‍යය ප්‍රධාන හා වැදගත් මංගල්‍යයකි.
• මෙය එතෙරවීම හා නුමුහුන් පූප මංගල්‍යය යනුවෙන් ද හඳුන්වති.
• මෙය ඉශ්රායෙල්වරුන් වහල් බවින් මිදීම ලැබීමට පෙර සිටම සැමරීමේ සිරිතක් තිබුණත්, විමුක්තිය ලැබීමෙන් පසු විශේෂවූත් ප්‍රධානවූත් මංගල්‍යයක් බවට පත් විය.
• ජුදෙව්වන් වසර 450ක් ඊජිප්තුවේ වහල් ව සිට වහල්බවින් නිදහස් වී ඉන් නික්ම ආ සිදුවීම සිහිකිරීමේ දිනයක් ලෙසත් තමන්ටත්, තම පරම්පරාවටත් දේව සංරක්ෂණය හඟවන දිනයක් ලෙසත් සළකා මේ මංගල්‍යය සැමරූහ.
• ජුදෙව්වන්ගේ පළමු මාසයවන "නිසාන් මස" (මාර්තු - අප්‍රියෙල්) 14 වන දින පාස්කු භෝජනය අනුභව කිරීම සිදුවීමත් සමඟ මෙම මංගල්‍යය ආරම්භ වේ.
• මෙය ජෙරුසලම් නගරය තුළ ම සැමරිය යුතු බවට නීතියක් විය.
• ජේසුස් වහන්සේ ද තම ගෝලයන් සමඟ මේ මංගල්‍යය සමරා ඇති බව සුවිශේෂයන්හි සඳහන්වේ. (ලූක් 2/41-43 මතෙව් 26/17-19 මාර්ක් 14/12-16 ජුවාම් 2/13-19)
• මෙම මංගල්‍යය ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, උකුත් වීම, උත්ථානයෙන් පසු කිතුනුවන් විසින් ලෝකයාගේ ගැලවීම ලැබූ දිනය ලෙස සලකනු ලැබේ.
2. පෙන්තකොස්ත මංගල්‍යය
• ජුදයින් සමරන මංගල්‍යයවලින් දෙවනුවට උසස් ලෙස සැලකෙයි.
• මෙය සති මංගල්‍යය, පනස්වන දින මංගල්‍යය, ප්‍රථම අස්වනු මංගල්‍යය යනුවෙන් හැඳින්වේ.
• පාස්කු මංගල්‍යයයෙන් සති හතකට පසු දින (දින 50 කට පසු) සමරනු ලැබේ.
• ජුදෙව්වන් භූමියෙන් ගත් අස්වැන්නත්, තම කු`ඵදුල් බැට`ඵවන් ද පඩුරු ලෙස ඔප්පු කරන ස්තූති පූජාවක් ලෙස මේ මංගල්‍යය සිදු කෙරේ.
• වහල් බවින් මිදීමෙන් පසු සීනයි ගිවිසුම සිහිකරන මංගල්‍යයන් ලෙස ද සිදුකෙරේ.
• ලොව පුරා විසිරී ජීවත් වූ ජුදෙව්වන් මේ මංගල්‍යයට වන්දනා චරිකාවක් ලෙස පැමිණෙති.
• ජේසුස් වහන්සේගේ උත්ථානයෙන් පසු ගෝලයන් වෙත ශුද්ධාත්මයාණන් වැඩම කිරීමේ මංගල්‍යයේ දී සිදුවිය.
• මෙදින කිතුනුවන් ශුද්ධාත්මයාණන්ගේ මංගල්‍යය ලෙසත්, ශුද්ධ වූ සභාවේ උපන්දිනය ලෙසත් සමරති.
3. කූඩාරම් මංගල්‍යය
• ජුදෙව්වන්ගේ මංගල්‍යවලින් පැරණිම මංගල්‍යය මෙයයි.
• හීබෘෘ බසින් මෙය "සුක්කොත්" යනුවෙන් හැඳින්වේ. එහි අර්ථය කූඩාරම් පැල ගාල යනුයි.
• මුල් කාලයේ දී තම බැටළුවන් තණබිම් කරා දක්කාගෙන යාමේ දී එහි කූඩාරම් තනා නතර වී සිටීම සිහිකරමින් ද, පසුව තම අස්වනු නෙලා ගැනීමට කූඩාරම් තනා නතර වී සිටීමත් සිහිකරමින් ද මේ මංගල්‍යය සමරනු ලැබීය.
• නික්මයාමෙන් පසු "සීන්" කාන්තාරයේ කූඩාරම් තනා නතර වී සිටීමත් සිහිකරමින් ද සීනයි ගිවිසුමක් සිහිකර මෙය "යාවේගේ" මංගල්‍යය ලෙස ඉතා සතුටින් සැමරූහ.
• මෙහි "තිස්රි" (සැප්තැම්බර් - ඔක්තොම්බර්) මාසයේ 156 දිනෙන් පසුව දින 8 ක් එකදිගට පවත්වනු ලැබේ.
• සරුව වැඩුණු ඔලිව් අතු ද ඉඳිගසේ දළු ද තාල අතු ද ඔසවාගෙන දේවමාළිගාව වට සත්වරක් ගමන් කර, පැමිණ කූඩාරම්වල නතරවීම විශේෂත්වයකි.
4. අස්වැන්නේ මංගල්‍යය
• මේ මංගල්‍යය හීබෘෘ බසින් "මසෝද්" යනුවෙන් හැඳින්වේ. මෙහි අර්ථය නුමුහුන් යන්නය
• මේ මංගල්‍යය අස්වැන්න නෙලීම හා සම්බන්ධයි.
• පාස්කු මංගල්‍යයෙන් දින හතකට පසුව මේ මංගල්‍යය සමරනු ලැබීය.
• තම ගොයම්බිම්වලින් මුල්දින හතේ නෙලාගත් අස්වැන්න එනම් තිරිගු, ධාන්‍ය අඹරා පිටිගෙන, නුමුහුන් රොටි තනා එය පඩුරු ලෙස ඔප්පු කරන අතර තමන්ද අනුභව කරති.
• තව ද එළු ගව, කුළුදුලන් දෙවියන්ට පඩුරු ලෙස ඔප්පු කරති. (නික්මයාම 34/18-20 ලෙවී 23/5-8)
• පාස්කු මංගල්‍යයන්, නුමුහුන් පූප මංගල්‍යයන්, නිසාන් මස පැවැත්වූ බැවින් මේ දෙකම පසුව එක්ව සමරන ලදි.
5. පාපපූජා මංගල්‍යය
• මෙය හීබෘෘ බසින් "ජෝම් කිපූර්" යයි හැඳින්වේ.
• ජුදෙව්වන්ගේ හත්වන මාසය වන තිස්රි (සැප්තැම්බර් - ඔක්තෝබර්) මස දහනව වන දින සමරනු ලැබීය.
• එදින පූජකයන් ද, ජනතාව ද, "නිවාඩු දින" පිළිවෙත් අනුගමනය කර, තම පාපවලට වන්දි ගෙවීමේ යාග ඔප්පු කිරීම නීතිය වේ.
• එදින නිරාහාරශීලය රැකීම වැදගත් වේ.
• වසරකට වරක් පැවැත්වෙන මේ මංගල්‍යයේ දී පමණක්, නායක පූජකයා දේවමාළිගාවේ අති ශුද්ධස්ථානයට ගොස්, එහි ඇති ශෛලමය පීඨිකයේ (කරුණාසනය) ලේ තවරා පාප පූජාව
සිදු කරති. (ලෙවී 16/1-37)
• මනුෂ්‍යයාගේ පාපවලට බිලි පූජාවක එළුවන්ගෙන් එකෙකු පාළුකරයට පලවා හරිනු ලැබේ.
6. දේවමාළිගාව කැප කිරීමේ මංගල්‍යය
• හීබෘෘ බසින් මෙය "හනුක්කා" යැයි හැඳින්වේ. මෙහි අරුත අළුත් කිරීම හා ආරම්භ කිරීම වේ.
• ක්‍රි.පූ. 175 දී අන්තියෝකස් එපිපානස් නමැති ග්‍රීක රජු ජෙරුසලම් දේවමාළිගාවත්, පුදසුනත් කිළිටි කළ බැවින් ජෙරුසලම් දේවමාළිගයේ පවිත්‍රත්වය නැති වූ බව සිතූහ.
• මෙය පවිත්‍ර කිරීමට ජුදා මකබි ගත් උත්සාහය කි්‍ර.පූ. 164 දී සම්පූර්ණ වී "කිෂ්ලූ" (දෙසැම්බර් 25) මාසයේ නැවත දේව මාළිගාව කැපකර යාගපූජා ද උත්සව ද සිදුකරනු ලදි.
• මෙය සිහිකිරීමේ දින ලෙස මේ මංගල්‍යය පවත්වනු ලැබීය.
• එකදිගට දින අටක් මේ මංගල්‍යය උත්කෘෂ්ට ලෙස, නැටුම් ගැයුම් සහිතව, එක් එක් දිනට එක දෙක බැගින් පහන් හතක් හත්වන දින දී දල්වා සමරනු ලැබීය.
සියොන් ගීත
තවද දේවමාලිගාවේ වන්දනාව අරභයා සියොන් ගීත හෙවත් වන්දනා ගීත නිර්මාණය වූ අතර , එමගින් ජෙරුසලමේ ශ්‍රී විභූතිය ගැන ප්‍රශංසා කිරීමට විශේෂයෙන් වන්දනා ගමන්වලදී භාවිත වූ ගීත මේ නමින් හැඳින්වෙයි. උදාහරණ ලෙස ගීතාවලියේ එන 46, 48, 84, 87, 122 ගීත මිට කදිම නිදර්ශක වෙති.
රෝමවරුන් විසින් ක්‍රි.ව. 70 දී ජෙරුසලම වැටලීමේ දී දේවමාළිගාව විනාශ කරන ලදී. පසුව 4 වන සියවසේදී සිමෝන් බාර් කොක්බාර් සහ රබ්බි අකිවා යන දෙපල හට නැවත දේවමාලිගාව තැනීමට ජූලියන් අධිරාජ්‍යයාගෙන් අවසර ගත් නමුදු දේවමාළිගාව නැවත ගොඩනඟා ගැනීමට අවසර දුන් නමුත් ක්‍රි.ව. 363 මැයි මස 18 සහ 19 යන දෙදින තුළ පැවති ගලීල භූමිකම්පාවෙන් පටන් ගත් සියලු උත්සාහයන් අවසන් වූ බව කියැවේ.
7 වන ශතවර්ෂයේ මුස්ලිම්වරු ජෙරුසලම යටත් කර ගැනීමෙන් පසු උමායියාද් කාලිෆ් අබ්දුල් මලික් ඉබ්න් මර්වාන් විසින් සියොන් කන්ද මත ඉස්ලාමීය දේවස්ථානයක් වන ඩොම් ඔෆ් රොක් (Dome of the Rock) ඉදිකිරීමට නියෝග කළේය. ක්‍රි.ව. 691 සිට මෙම ඉස්ලාමීය දේවස්ථානය ජෙරුසලමේ සියොන් කන්ද මත ස්ථාපිතව පවතී.
සටහන - අසේල දසනායක
0 Comments