බැසිලිකා යනු Basilica යනු ලතින් වචනයකි. එය සෑදී ඇත්තේ පුරාණ ග්‍රීක භාෂාවෙන් βασιλική στοά ද, රෝමානුකරණය තුළ basilikè stoá හෙවත් 'රාජකීය ශාලාව ලෙස හදුන්වන ලදී. පළමු බැසිලිකාව රෝම අධිරාජ්‍යයේ අගනුවර වූ රෝම නගරය තුළ ක්‍රි.පූ. 184 දී මාකස් පෝර්සියස් කැටෝ (ජේෂ්ඨ) විසින් ඉදිකරන . මෙය Forum Romanum ලෙස හැදින්වේ.ඕනෑම විශාල ආවරණයකින් යුත් ශාලාවකට අදාළ විය.. මුල් යුගයේ රෝම අධිරාජ්‍යයේ පැවති විශාල ශාලාව, රාජ්‍ය ශාලාව හැදින්වීමට මේ නාමය භාවිතා කෙරුණද , වර්තමානයේ දී බැසිලිකා යන වචනය භාවිතා කරනු ලබන්නේ සුවිශාල කතෝලික දේවස්ථාන වලට පමණි.
බැසිලිකා කිතුනු දේවවන්දනාවට එකතු එකතු වූයේ කෙසේද?
පීඩන යුගයේ නිමාවීමත් සමගම නිදහසේ ආගමික කටයුතු සහ දිව්‍ය පූජාව ඇතුළු දේව වන්දනාව පිළිවෙත් ප්‍රසිද්ධියේ පත්වීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණු නිසා රහසිගත ස්ථාන වලින් බැහැරව ක්‍රීඩාංගන වල, එළිමහන් ස්ථානවල දේවවන්දනා වත්පිළිවෙත් සිදු කළ අතර පසුව අධිරාජ්‍යයාගේ සුවිශේෂී අනුග්‍රහය තුළ මේ කාලයේ සිට " බැසිලිකා" වල දේව වන්දනා වත්පිළිවෙත් සිද්ධ වන්නට විය.
ලෝ පුරා බැසිලිකා දේවමන්දිර සිය ගණනක් ඇති නමුත් බැසිලිකාවන් ද ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒවා නම් පළමු ශ්‍රේණියේ බැසිලිකාවන් සහ දෙවන ශ්‍රේණියේ බැසිලිකාවන් ලෙසය. ශු. සභා සම්ප්‍රදාය තුළ රදගුරුතුමකුට ආසන දෙව්මැදුරක් ඇති සේම බැසිලිකා දෙව්විමනක අයිතිය ඇත්තේ ශුද්ධෝත්තම පියතුමන්ට සහ කාදිනල් වරුන්ට පමණි. එලෙසම බැසිලිකා දෙව්විමන් කරා පවතින සුවිශේෂී සම්ප්‍රදායන් ද පවතී. ශුද්ධෝත්තම පියතුමන්ට රෝමයේ ප්‍රධාන බැසිලිකා දෙව්විමන් සතරේ භාරකාරත්වය තම නිල බලය තුළ හිමිවී ඇති අතර රාජකුමාරවරු යන වදනින් අරුත් ගැන්වෙන කාදිනල්වරුන්ටද බැසිලිකා දෙව්විමනක අයිතිය ලැබේ. උදාහරණ ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ භාරකාරත්වය තුළ පවතින බැසිලිකා දෙව්විමන වන්නේ රෝමයේ ලුචියානා හි ඇති ශු. ලෝරන්ස් බැසිලිකාව දෙව්විමනය. ලෝකයේ මෙන්ම ශු. සභාවේ පවතින ප්‍රධාන බැසිලිකා දෙව්විමන් 04 පවතී. මේවා නම් වතිකානයේ ශු. පේදුරුතුමන්ගේ බැසිලිකාව, ජෝන් ලතරානු බැසිලිකාව, මරිය මජෝරේ හෙවත් දේවමාතාවන්ගේ බැසිලිකාව හා රෝම පවුරෙන් එපිට ඇති ශු. පාවුලුතුමන්ගේ බැසිලිකාව වේ. මෙහි ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ මේ බැසිලිකා සතරම සෘජුවම ශුද්ධෝත්තම පියතුමා යටතේ පැවතීමය. එම නිසා මේ බැසිලිකාවන් සදහා "ශුද්ධෝත්තම පියතුමන්ගේ බැසිලිකා " යනුවෙන්ද ආමන්ත්‍රණය කෙරේ.
වර්තමාන ලෝකයේ පවතින බැසිලිකා ගණන 1831කි. ඒවායින් බැසිලිකා 570ක් පමණ ඇත්තේ ඉතාලිය තුළ වීම විශේෂ වේ. ඒවා මහද්වීප අනුව මෙසේ වර්ග කළ හැකිය.
ආසියා මහාද්වීපය - 66
යුරෝපා මහාද්වීපය - 1,334
අප්‍රිකා මහාද්වීපය - 23
උතුරු ඇමෙරිකාව මහාද්වීපය - 171
දකුණු ඇමෙරිකාව මහාද්වීපය - 230
ඕස්ට්‍රේලියාව මහාද්වීපය - 07
ලොව ප්‍රධානම දෙව්විමන ලෙස සැලකෙන වතිකාන බැසිලිකාව ඉදිකර ඇත්තේ ශුද්ධෝත්තම පියතුමන්ගේ නිල ආසන දෙව්මැදුර ශු. පේදුරු අපෝස්තුළුතුමන්ගේ සොහොන මතය. ක්‍රි.ව. 313 දී කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා නිකුත් කළ මිලාන් ආඥාව තුළ රෝම අධිරාජ්‍යයාගේ උද්‍යානය තුළ මේ බැසිලිකාව ඉදිකිරීමට පියවර ගත්තේය. වත්මන් බැසිලිකාව සදහා ක්‍රි.ව. 1506 දී මුල් ගල තැබූ අතර නොයෙකුත් දුෂ්කරතා මැද ක්‍රි.ව. 1626 දී අභිෂේක කරන ලදී. මෙහි ප්‍රධාන නිර්මාණකරුවා වන්නේ මයිකල් ඇන්ජලෝ ය.
සටහන - අසේල දසනායක
0 Comments