මොනස්ටිකුස් (Monasticus) μοναχός නම් මුල් ග්‍රීක වචනයේ අර්ථය නම් "තනිවම සිටීම" යන්නයි. ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අදහා ගෙන බෞතිස්ම ස්නාපනය ලබූ කිතුනුවන් උන්වහන්සේගේ ආඥාවන් අනුව පරිපූර්ණත්වය (Perfection of Christian Life) ලබා ගැනීම සඳහා ආරම්භ කරන ලද ජීවිත ක්‍රමයකි.
දෙවන සියවසේ අවසානයේදී පමණ ජීවත් වූ ඊජීප්තුවේ තිබිස්හී ශුද්ධවූ පාවුළු තුමා හුදකලා ජීවිතයක් ගත කළ ආරණ්‍යවාසී තපස් ජීවිත ක්‍රමයේ පළමුවැන්නා ලෙස හැඳින්වේ.
ඊජීප්තුවේ පැවති තාපස ජීවිත ක්‍රම දෙකකි:
01. හුදකලා ජීවිත ගත කළ තාපස ක්‍රමය (Anchoritism or hermitism)
02. සංඝයක් වශයෙන් ජීවත් වූ ආරණ්‍යවාසී තාපස ක්‍රමය (Cenobitism or Monasticism)
එනමුදු සභා මුලාරම්භය දෙස බැලීමේදී ක්‍රිස්තුන් වහන්සේ හා අපෝස්තුළුවරුන් දේශනයන්හි ප්‍රතිඵලයක් ලෙස මුල් කාලයේදී පිරිමි සහ ස්ත්‍රී යන දෙපකෂයේම එක්වරුශීලය රකිමින් දැඩි යාච්ඤාව සහ මර්ධන ක්‍රියා තුළ නිරත ව සිටි මොවුන්ව "තබ්බෝවරු" නමින් හදුන්වනු ලැබීය. ක්‍රි.ව. 3 වන හා 4 වන සියවස් වල රෝම අධිරාජ්‍යයේ ආගමික පීඩන පසුව වේද භේද ඉගැන්වීම් ද, බහු දේවවන්දනා පිළිවෙත් සහ යුරෝපීය පුරාණ ජනපද වල ජනතාවගේ ආක්‍රමණයන්හි ප්‍රතිඵල හේතුවෙන් හේතූ කොටගෙන කලබලකාරී මෙන්ම ලෞකික පරිසරයක් ගොඩනැගුණි. ලෞකිකත්වයට මුල් තැන දෙමින් ජීවත්වන පරිසරයක කිතුනුවන්ගේ ආධ්‍යාත්මික දිවිය අඩපණ විය.
ක්‍රි.ව. 452 දී කුරිරු ගෝත්‍රියක් ලෙස සැලකෙන "හන්ස්වරුන්ගෙන් " ක්‍රි.ව. 452 දී රෝම නගරයට තර්ජනයක් එල්ල විය. "ඇට්ටිල්ලා" මෙම ගෝත්‍රයේ නායකයා විය. එකල රෝමයේ රදගුරුතුමා වූ "පළමු ලියෝ පාප්තුමා" ඔහු වෙත නිර්භීත ව ගොස් රෝම නගරයට කරුණාව දක්වන මෙන් ඉල්ලා සිටියේ ය. ම්ලේච්ඡ නායකයා මෙම ශාන්ත වයසක මිනිසා ගැන කෙතරම් පැහැදුණා ද කිවහොත් වන්දියක් වශයෙන් සුළු මුදලක් පමණක් ලබාගෙන නගරයට අත නොගසා පැමිණි පාරෙන් ම හැරී යන්නට ගියේ ය. එතැන් සිට රෝම රදගුරුතුමා රෝම පුරයේ ඒකීය නායකයා බවට පත් විය.
එවන් සමයක තම පවුල් තුළ ජීවත් වෙමින් ශුද්ධවන්ත කිතුනු දිවියක් ගත කිරීම අපහසු බව වටහා ගත් ඇතැම් කිතුනුවෝ ලෞකික ජීවිතය අතහැර තම ආත්මික ජීවිතය පෝෂණය කර ගැනීම සදහා (තම පවුල් ගේ දොර, නගර ආදිය අතහැර ) ඊජීප්තුව, සිරියාව වැනි රටවල පිහිටි වනාන්තර හා කාන්තාර කරා ගොස් මර්ධන ක්‍රියා කරමින් දැඩි මනස්ථාපනිය දිවියක් ගත කරන ලදී. එහි දී ඔවුහු කුඩා පැල්පත්වල හා කූඩාරම් වල ද ගල්ගුහාවල ද වාසය කරමින් කිසිවෙකුත් සමග කිසිදු සබදතාවකින් තොර ව තනි ව ජීවත් වූ හ.මෙලෙස වනගත ව ජීවත් වූ "වනගත තාපසයන් හෙවත් කාන්තාරයේ පියවරුන් " යැයි හදුන්වනු ලැබූහ. තාපස දිවියේ වර්ධනය තුළ විවිධ පියවරන් දැකිය හැකි විය. ඒවා නම් තම්බෝවරු හා වනවාසී තාපස දිවිය වේ. ක්‍රිස්තුන් වහන්සේ පාළුකරයේ නිරාහාර ව ගත කිරීමත්, ස්නාවක ජොහාන් තුමා කාන්තාරයේ ගත කළ ජීවිතයත්, පුරාණ ගිවිසුමේ එන්නාවූ දිවැසිවර එලියාගේ ජීවිත පැවැත්මත් එකල තාපසයෝ තම ජීවිතයට පුර්වාදර්ශ කර ගත්තෝය.
සභා ඉතිහාසය දෙස බැලීමේදී තාපස දිවියේ ආරම්භය තීබ්ස් හි ශු. පාවුළුතුමා දක්වා දිවයයි. ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකු හා ධනවතකු වූ ඔහු එකල සිදු වූ සභා පීඩාවන් නිසා තම සියලූ වස්තු සම්පත් විකුණා දිළිඳුන්ට පරිත්‍යාග කර දේව සංරක්ෂණය මත යැපෙමින් ඊජිප්තුවේ රතු මුහුද අසල වනයකට ගොස් මියෙන තුරා වසර අනුවක් පමණ ගුහාවක ජීවත් වී භාවනායෝගී සහ යාඥායෝගී තාපස ජීවිතයක් ගත කළ බව සඳහන් වේ. එතුමන් මිය යන විට වයස අවුරුදු එකසිය 113 ක් වූ බව කියැවේ. තීබ්ස් හි ශු. පාවුළුතුමාගේ ගෝලයකු වූ ඊජිප්තුවේ අන්තෝනි මුනිතුමා පෙරදිග තාපස දිවියේ ආරම්භකයා ලෙස සැලකේ. වයස අවුරුදු 18දී අනාථයකු වූ ඔහු තාපස ජීවිතයට ඇලුම් කළ නිසා තම වස්තුව විකුණා , දිළිඳුන්ට පරිත්‍යාග කරමින් වසර ගණනාවක් පාළු සොහොන් ගෙයක සිට ශු. බයිබලය කියවමින් හස්ත කර්මාන්ත වල නියැලෙමින් ජීවත් වූ බව සඳහන් වේ. එතුමා වන වාසීන්ගේ ආත්මික ජීවිතයට හා සාමූහික තාපස ජීවිතයට විශාල අත්වැලක් විය.
පෙරදිග තාපස ජීවිතයේ ව්‍යාප්තිය
ඊජීප්තුවෙන් ආරම්භ කළ තාපස ජීවිත ක්‍රමය එහි සිට පලස්තීනයටත්, සිරියාවටත්, සුළු ආසියාවටත් පැතිර ගියේ ය.
සතරවන සියවසේ දී තාපසාරාම ජෙරුසලම, බෙත්ලෙහෙම ආදී තැන්වලට විහිදී ගියේ ය. පස්වන සියවස ආරම්භ වන විට තාපසාරාම කාන්තාර ප්‍රදේශවල පමණක් නොව නගර ආසන්න ප්‍රදේශවල පවා පිහිටුවන ලදී. මේ කාලයේදී ඇතැම් හු සංචාරක තාපසයෝ වූ අතර ශු. බයිබලය ලතින් බසට පරිවර්තනය කරන ලද ශු. ජෙරොම් මුනිතුමා එවැනි අයෙකි. මේ අනුව තාපසයින් දහස් ගණනින් ඇලෙක්සැන්ධ්‍රියාව, අන්තියෝකිය, කොන්ස්තන්තිනෝපලය, ජෙරුසලම වැනි මහා නගර ආසන්නයේ තාපසාරාම ගොඩනඟා ආගමික හා සමාජීය සේවාවන්හී නිරත වූ බව සඳහන් වේ.
ශුද්ධවූ පැකෝමියස් තුමා හඳූන්වා දූන් තාපස නීති මාලාව
01. සාංඝික ජීවිතයේ ස්පී්‍රතුව
02. එකමුතුකම
03. දිළිඳූකම
04. කීකරුකම
05. බුද්ධිමත් තීරණ ගැනීම
පෙරදිග තාපස නිකායන් බිහිවීම සහ ඒවායේ වර්ධනය
ශුද්ධවූ පැකෝමියස් තුමා
වනගත තාපසයන් අතර නව වෙනසක් ඇති විය. එනම් තනි තනි ව ජීවත් වූවන් සාමුහික ජීවීත රටාවට යොමු වීම යි. ක්‍රි.ව. 320 තෙක් යුද්ධ භටයකුව සිටි පැකෝමියස්තුමා තාපසයන්ගේ සාමූහික ජීවිත ක්‍රමය ආරම්භ කළේය. දේව සැලැස්ම ගැඹුරින් අත් දුටු පැකෝමියස්තුමා සාමූහික ව තාපස ජීවිත පැවැත්ම ආරම්භය කළේ ඊජිප්ප්තුවේ තීබ්ස් හි ය. තාපසයන්ට විනය මාලාවක් සකස් කර, දේවවචනය කියවීම, ධ්‍යානය, සමාව දීම, යාච්ඤාවේ ජීවිතය ආදිය ට ඔවුන් ව යොමු කරන ලදී. මේ අනුව ඊජිප්තුවේ වනාන්තරයේ ජීවත් වූ වනවාසී තාපසයන් සියලු දෙනා එක් කොට නයිල් ගග අසබඩ තාපසාරාම අටක් ගොඩනගා ඔවුන්ට තාපස සමුහ ලෙස ජීවත් වීමට ඉඩ සලසන ලදී. තම සොහොයුරියගේ ඉල්ලීම පරිදි කාන්තාවන් සදහා ද තාපසරාමයක් ආරම්භ කරන ලදී. මෙය කාන්තාවන් සදහා ආරම්භ කරන ලද ආශ්‍රමික ජීවිතය හෙවත් කන්‍යාරාම දිවියේ ආරම්භය ලෙස සැලකේ. මේ අනුව ප්‍රථමයෙන් ඊජිප්‍ත්තුවෙන් ආරම්භ වූ තාපස ජීවිතය වන වාසී ශුද්ධ වූ අන්තෝනි , ශු. පැකෝමියස් සහ ශු. හිලේරියුස් වැනි තාපස පීතෘවරුන්ගේ සුවිශේෂී දායකත්වය තුළ සිරියාවටත් , පසුව සුළු ආසියාවටත් , මෙසපොතේමියාව , ග්‍රීසිය සහ පලස්තීනය වැනි ප්‍රදේශ කරා ව්‍යාප්ත වූ බව සඳහන් වේ. මෙහිදී තාපස ජිවිතය එහි තාපසාරාම සහ චින්තන රටාව ග්‍රීක සංස්කෘතියට සහ ග්‍රීක දර්ශනයට අනුකූලව සකස් වී තිබූ බව කියවේ.
තවද මේ කාලයේදී දක්නට ලැබෙන තවත් සුවිශේෂී මහා චරිතයක් වන්නේ ශු. බැසිල් මුනිතුමා ය . මෙතුමා කපදෝසියානු සභා පියවරුන්ගෙන් කෙනෙකු වන අතර ක්‍රි.ව. 339 දී සෙසරියා නගරයේ දී උපත ලබන ලදී . මිනිසකු මුළුමනින්ම පූර්ණත්වය කරා ගෙන යා හැක්කේ සමාජය තුළින් බව වටහා ගත් බැසිල් තුමා තාපස ජීවිතය අගය කළ අතර , එය ලෝකෝත්තර මහිමය පිණිස උගතෙකු වුවද ලෞකික ජීවිතය අතහැර තාපස ජීවිතය තෝරා ගත්තේ එබැවිනි. මෙතුමා හට විනයානුකූලව ජීවිත පැවැත්මත් , ගැඹුරු ඥානයක් සහ සංවිධාන ශක්තියක් ප්‍රබල වම පැවති නිසා පෙරදිග තාපස ජීවිතය නිසි ලෙස සංවිධානය කිරීමට අවශ්‍ය නීති පද්ධතියක් සැලැස්මක් සහ විනය මාලාවක් සකස් කරන ලදී.
අපරදිග තාපස දිවිය
පෙරදිග අරඹන ලද තාපස ජීවිතය ඊජිප්ත්තුවේ අන්තෝනි මුනිතුමන්ගේ ශ්‍රාවකයකු වන ශු. අතනාසියුස්තුමන් මගින් පෙරදිගට මෙන්ම අපරදිගට ද පැතිර ගියේ ය. ශු. සභා ඉතිහාසය තුළ ශු. අම්බ්‍රෝසි , ශු. අගුස්තීනු වැනි ශුද්ධ වූ සභාවේ පඬිවර ප්‍රබල චරිත ද තාපස ජීවිතය ව්‍යාප්ත කරන්නට වෙර දැරූහ. අපරදිග රටවල තාපස ජීවිතය හදුන්වා දුන් අය අතුරින් ශු. බෙනදික් මුනිතුමා, එංගලන්තයේ කැන්ටබරියේ ශු. අගොස්තීනු තුමා, කැසියස්තුමා යන අය වැදගත් වෙති.
තාපසාරාම
මේ යුගයේදී තාපසාරාම ඉදීවි දේව වන්දනා ක්‍රමවත්ව පැවතෙන්නට විය. ඒ වගේම දිව්‍ය පූජාව සහ යාම යැදුම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරිණි. තාපසාරාමය සදහා යොදන වචනය පැමිණෙන්නේ μοναστήριον මොනාසියෙන් යන ග්‍රීක වචනයෙනි. එහි අරුත වන්නේ "තනිව ජීවත් වීමට" යන වචනය භාවිතා කළද පසුව යෙදෙන μόνος මොනොස් "තනිවම" යන වචනය මඟින් "යමක් කිරීමට ස්ථානයක්" දක්වයි. මේ අනුව පෙරදිග සභාව තුළ තාපසාරාම ගත ආරම්භ වූ තාපසාරාම දිවිය ශු. පැකෝමියස් මුනිතුමන් යටතේ වැඩි වර්ධනය වී , යුරෝපය තුළ ව්‍යාප්ත වූයේ ශු. මාටින් ද ටුවර්ස් මුනිතුමන් විසින් හතර වන ශතවර්ෂයේ දී ප්‍රංශයේ ආරම්භ කරන ලද තාපසාරාමයක් සමගය. එතුමෝ බටහිර ප්‍රදේශ කරා තාපස ජීවිතය ව්‍යාප්ත කිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කළ බව සඳහන් වේ. එහෙත් මුළු යුරෝපයම ජනප්‍රියම වූ තාපස ජීවිතය වූයේ පස්වන සියවසේදී ශු. බෙනදික් තුමන් විසින් ආරම්භ කරන ලද තාපස ජීවිතය යි.
සටහන - අසේල දසනායක
0 Comments