BLANTERORBITv101

බටහිර තාපස ක්‍රමය සහ ශු. බෙනදික් මුනිතුමා

අපරදිග තාපස දිවිය 

• පෙරදිග අරඹන ලද තාපස ජීවිතය ඊජිප්ත්තුවේ අන්තෝනි මුනිතුමන්ගේ ශ්‍රාවකයකු වන ශු. අතනාසියුස්තුමන්  මගින් අපරදිගට පැතිර ගියේ ය.

• අපරදිග රටවල තාපස ජීවිතය හදුන්වා දුන් අය අතුරින් ශු. බෙනදික් මුනිතුමා, එංගලන්තයේ කැන්ටබරියේ ශු. අගොස්තීනු තුමා, කැසියස්තුමා යන අය වැදගත් වෙති.

යුරෝපයේ පියා හෙවත් ශුද්ධවූ බෙනදික් මුනිතුමා 

බෙනදිකාන නිකාය සහ එහි  චින්තනය වූ කලී කතෝලික සභා නවෝදයේ එක් සංධිස්ථානයක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඒ සඳහා හොඳ සාක්ෂිය වන්නේ බටහිර තාපස ජිවිතයේ පියාණන් සහ යුරෝපයේ පියා ලෙස විරුදාවලියෙන් පිදෙන ශා. බෙනදික් මුනිතුමා (ක්‍රි.ව. 480-550) වේ.  බෙනදික් යන නාමයේ අර්ථය වන්නේ "ආසිරි ලද්දා" වේ. මෙම නිකායේ ආරම්භකයාණන් වන බෙනදික්තුමා ක්‍රි.ව.  480 පමණ දකුණු ඉතාලියේ නූර්සියා නම් නගරයේ වංශවත් පවුලක පවුලේ වැඩිමහල් දරුවා ලෙස ඉපිද ( එතුමන්ගේ නිවුන් සහෝදරිය වුයේ ශා. ස්කොලොස්ටිකා මුනිවරිය වේ.) 

පසුව රෝමයේ අධ්‍යාපනය හදාරන කාලයේදී එහි තිබු ලෞකික දේවල් වලට වඩා ලෝකෝත්තර සැපත පතා සිය මෙහෙකරු සමග සුබියාකෝ නම් ගල්ලෙනෙන් තාපස දිවි මගට ප්‍රවිෂ්ඨ වූ බව සදහන් වේ. මේ කාලයේදී මෙතුමා බොහෝ දුරට උත්සුක වුයේ ලෞකික සැපතට වඩා සමිදුන් තුළ ලෝකෝත්තර මහිමය සහ සැපත සෙවීමටය. මේ කාලයේදී මෙතුමන් හට රෝමානුස්  නම් තාපසතුමකු මුණගැසුණු අතර එය ඛෙනදික්තුමන්ගේ දිවි ගමනේ සංසිද්ධියක් ලෙස සැලකුවහොත් නිවැරදිය. 

පසුකාලීනව මහා තාපස දිවිමගකට සවිමත් අත්තිවාරමක් දමන්නට මෙතුමන් හට මේ කාලයේදී හැකිවූ බව ඇතැම් කෘතීන් තුළ සදහන් වේ. මේ කාලයේදී එම ප්‍රදේශයේ විසු  පූජාපූජාප්‍රසාදි කෙනෙක් සිහිනෙන් දැක බෙනදික්තුමන්  වෙත භෝජනය රැගෙන ආ බව සදහන් වේ. එතුමා සතුන්ගේ හම් වලින් සාදන ලද ඇඳුමක් පැළඳුවේය .එහි පැමිණි ගොපලූන් ද එතුමාට ආහාර ගෙන අතර එතුමා ඔහුනට දේව විශ්වාසය ලබාගන්නට සැලසූහ. තම තාපස දිවිය ආරම්භ කිරීමට පෙරාතුව  යක්ෂයා විසින් බොහෝ වරක් එතුමන්  පරික්ෂා කළ අතර , දිනක්  එතුමා හඳුනන ස්ත්‍රිය ගැන සිහිපත් කළහ. 

එවිට එම යක්ෂ පරීක්ෂාව කොතරම් දැනුනා ද කිවහොත් තම ආරාමය හැර ලෝකයට යන්ට සිතු බව සදහන් වන අතර ඒ අවස්ථාවේදී එතුමන් තම  ඇඳුම් ඉරාගෙන ළඟ තිබුණු කටු පඳුරේ පෙරලෙන්නට විය. එවිට එම පාප පරීක්ෂාව එතුමන් කෙරෙන් දුරුවී ගිය බව කියැවේ. එතුමාගේ තාපසක  ලීලාව අවට ප්‍රදේශ ප්‍රදේශ වල පැතිර යත්ම තම  පැවිදි සංඝයේ මාඨාධිපති වීමට එතුමාට ආරාධනා කළහ. එවිට තම ගුහාව අත හැර සැතපුම් විස්සක් පමණ දුරින් වූ මොන්ටෙ කසිනෝ  ආරාමයට ගියේ ය.

බෙනදිකාන  නිකායික ශු. මහා ග්‍රෙගරි  ශුද්ධෝත්තම පියතුමා ශු. බෙනදික් තුමා ගැන මෙසේ කරුණු දක්වා ඇත."එදා  සමාජය තුළ මුල් බැස තිබූ එරියන්වාදය , නෙස්ටෝරියන්වාදය  ආදී  ශාසනික බලවේග සහ  ඒ සඳහා පාදක වූ බවට සාධක ඇත. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වූයේ කාටත් හොර රහසේ ලෞකික ජීවිතයට සමුදුන්  බෙනදික් මුනිතුමා තපස් දම් පිරිම  සඳහා සුබියාකෝ ලෙන දෙසට පිය නැගීමයි...."

එතුමාගේ ව්‍යවස්ථාව සහ එහි වූ  තද නීති දැක තම සොහොයුරන් විසින්  වයින් වලට විෂ දමා එතුමා මැරීමට තීරණය කළහ. එම වයින් කුසලානයට  ආශිර්වාද කළ පසු පුපුරා ගියේය. එය දැනගත් බෙනදික්තුමා තමනට ගැළපෙන කෙනෙක් උන් නායකත්වයට පත්කරන්නට කීහ. නැවත සුබියාකෝ ස්ථානයට ගිය මෙතුමා  සැබෑ තාපස දිවිය ගත කරන්නට කැමති වූවන් එතුමා වටා රොක් වූහ. දොළොස් දෙනා බැගින් වූ ආරාම 12 ක් ආරම්භ කළහ. රෝම ප්‍රභූන් අධ්‍යාපනය සඳහා තම දරුවන් එතුමා වෙත යැවීය. 

බෙනදික් තුමා සෑදු නීති ව්‍යවස්ථාව නැගෙනහිර කාන්තාරවල ජීවත් වූ කාන්තාර වල ජීවත් වූ ආරණ්‍ය වාසීන්ගේ පැවැත්මට වඩා වෙනස් විය. ඒවා අනවශ්‍ය ශරීර තලා ගැනීම වෙනුවට, දෙවියන් වහන්සේ සොයන සාංඝික ක්‍රමයක් එහි තුළ විය. ඊට විරුද්ධව ෆෙලාරෙන්ටියුස් නැමැති අසල්වැසි පූජක තුමෙකු ඛෙනදික් තුමා මරන්නට විෂ කැවූ පාන් පෙත්තක් දීමට කටයුතු කලද එය සාර්ථක නොවීය. එවිට ඛෙනදික් තුමා පවතින වාතාවරණය  තේරුම් ගෙන තම සංඝය සමග මොන්ටේ - කැසීනෝ ස්ථානයට පැමිණ කන්ද මුදුනේ අපොල්ලොට කැප කර තිබූ දේවාලය යාච්ඤා  ගෘහයක් බවට පත්කර ශු. මාටින් තුමාට කැප කරන ලදී. 

බෙනදිකාන නිකාය සහ තාපස ජීවිතයේ පරිණාමය

ශු. බැසිල් තුමා, ශු. කැෂියන් තුමා ආදී  පෙරදිග  තාපස සම්ප්‍රදායයන් අරඹා එම විරෝදාර තාපස පිතෘවරුන්ගේ නීතිය සහ සම්ප්‍රදායන් මුසුකොට ගෙන  ස්වකීය අත්දැකීම් හා මුසුකරමින් තම පංතියේ තාපසවරුන් සඳහා රචිත නීති මාලාව බෙනදිකාන ජිවිතයේ කේන්ද්‍රස්ථානය හෙවත් මුදුන් මල්කඩ ලෙස සැලකුව හොත් එය නිවැරදි වන්නේය. එම නීති මාලාවේ ඇති සරල බව, පූර්ණ  බව හා ප්‍රායෝගික බව එදා  සුබියාකෝ ලෙනෙන් ඇරඹි බෙනදිකාන  තාපස හවුලේ සාර්ථකත්වයේ රහස ලෙස පෙන්වා දිය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගත වූ සියවස් 15 ඇතුළත මෙම නිකාය විසින් ශුද්ධවන්තයින් 60,000 ක්, ශුද්ධෝත්තම පියතුමන්ලා 50 ක්, අධිරාජ්‍ය පාලකයන් 30ක්, රජවරුන් හා රැජිණියන් 97 ක් ලොවට දායාද කර තිබීම අරුමය ගෙන දෙන කරුණක් නොවේ යැයි කා හට කිව හැකිද? තවද අද වන විට ස්වාධීනව පාලනය වන අනු ශාඛා 25 ක් එකමුතුව ගොඩ නැගූ සංස`දයක් ලෙස බෙනදිකාන  පවුල ඉතා ශක්තිමත් පදනමක් හිමිකරගෙන ඇත. 

 අපරදිග (බටහිර) ප්‍රදේශ වලට පැතිර ගිය තාපස හා පැවිදි ජීවිතය ක්‍රමවත් කිරීමේ කාර්යයට පුරෝගාමිකයා ලෙස කටයුතු කළේ ශුද්ධවූ බෙනදික්තුමා ය. ක්‍රි.ව. 480 දී ඉතාලියේ නුර්සියා (Nursia) නම් නගරයේ උපත ලැබූ මෙතුමා සුබියකෝ (Subiaco) ස්ථානයේ අවුරුදූ තුනක් පමණ නිහඬ ජීවිතයක් ගත කර, පසුව කි්‍ර.ව. 529 දී මොන්ටේ කසීනෝ (Monte Cassino) නමින් හැඳින්වූ කඳූ මුදූනේ තාපසාරාමයක් පිහිටුවේ ය. මේ කාලයට සමගාමීව ඛෙනදික් තුමාගේ සොහොයුරියවූ ස්කොලැස්ටිකාතුමිය ද ඒ අවට ම කාන්තාවන් සඳහා කන්‍යාරාමයක් ආරම්භ කළා ය. මේ අතර තම තාපසයින් සඳහා ඛෙනදික්තුමා පැවිදි ව්‍යවස්ථාවක් සකස් කළේ ය. 

එය "බෙනදිකාන තාපස ව්‍යවස්ථාව" (Rule of St. Benedict) යනුවෙන් හැඳින්වේ. එම ව්‍යවස්ථාව අද දක්වා ම කිතුනු තපස් ජීවිත ක්‍රමයේ පදනම බවට පත්ව ඇත. මෙම නීති මාලාව ගිහි පැවිදි දෙපක්ෂයටම අදාළ වන ලෙස සකස් කර ඇත. මෙයට පදනම කරගෙන ඇත්තේ බැසිල් තුමා (ක්‍රි.ව. 330-379) විසින් මීට පෙර සකස් කරන ලද නීති මාලාවකි. කි්‍රස්තුන් වහන්සේ සම්පූර්ණයෙන් අනුගමනය කිරීම මෙම නීති වල අරමුණයි. පැවදිවරුන් විසින් තෝරාගත් පීතෘ මූලික පරිපාලන ක්‍රමයක් මෙහි සඳහන් වේ. මෙලෙස එහි නායකයා වන්නේ ද පැවදිවරයෙකි. ඔහු ආරාමයේ අනෙකුත් පැවදි පිරිසගේ පොදූ යහපත වෙනුවෙන් කි්‍රයා කරන්නෙකි. මෙම නීතියේ මූලික කටයුත්ත වන්නේ දේව සේවය යි. පෞද්ගලික බූදල් අයිතිය තහනම් ය. 

එහෙත් ආරාමයට බූදල් අයිති කර ගත හැකි වේ. තාපස ක්‍රමයේ අරමුණ වූයේ තාපස ජීවිතයේ හැසිරීම් රටාවට අයත් සෑම අංගයක් ම තාපසයින්ගේ ගුණ දහම් වගාවට අනුකූළ වන අයුරින් සකස් කිරීම ය. යාච්ඤාවට හා අතපය වෙහෙසා වැඩ කිරීමට එහි ප්‍රධාන තැනක් ගනී. බෙනදිකාන තාපස ක්‍රමය යුරෝපීය රටවල ව්‍යාප්ත වීමත් සමග ක්‍රිස්තියානි ශිෂ්ටාචාරයට එයින් පන්නරයක් ලැබුණු බව ඉතිහාසයේ සඳහන් වේ. තාපසයින්ගේ අගනා ජීවිතාදර්ශය ද, ඔවුන්ගේ කැපවීම ද, ඔවුන් මගින් සමාජයට සිදූවූ සේවය ද අගය කළ ජනතාව තාපස ජීවිත ක්‍රමයට ගරු කළහ. පසු කාලයක තාපසාරාම වටා පාසැල්, දෙව්මැදූරු, උසස් විද්‍යාල බිහිවීමත් සමග තාපස ජීවිතය කිතුනු ශිෂ්ඨාචාරයේ ප්‍රගතිය අනාවරණය කළ අංගයක් බවට පත් විය. 

පස්වන සියවස ආරම්භ වූ මිලේව්ඡ ගෝත්‍රිකයින්ගේ සංක්‍රමණය නිසා බටහිර යුරෝපයේ සමාජය පිරිහිණි. ගෝත්‍රික සමාජය තුළ ශීලාචාරාත්මක ගුණධර්ම වර්ධනය කිරීමටත්, ක්‍රිස්තියානි සංස්කෘතිය ව්‍යාප්ත කිරීමටත් බෙනදිකාන තාපසයෝ පුරෝගාමී වූහ. යුරෝපයේ විවිධ ප්‍රදේශවල ආරාම පිහිටුවා පසුව පාසැල් හා අධ්‍යාපන ආයතනය බිහිකර කිතුනු පදනමක් ඇති යුරෝපීය ශිෂ්ඨාචාරය වර්ධනය කිරීමෙහිලා ඔවුහූ ඇප කැප වූහ.  

බෙනදිකාන තාපස ක්‍රමයේ අරමුණ වූයේ තාපස ජීවිතයේ හැසිරීම් රටාවට අයත් සෑම අංගයක් ම තාපසයින්ගේ ගුණ දහම් වගාවට අනුකූළ වන අයුරින් සකස් කිරීම ය. යාච්ඤාවට හා අතපය වෙහෙසා වැඩ කිරීමට එහි ප්‍රධාන තැනක් ගනී. බෙනදිකාන තාපස ක්‍රමය යුරෝපීය රටවල ව්‍යාප්ත වීමත් සමග ක්‍රිස්තියානි ශිෂ්ටාචාරයට එයින් පන්නරයක් ලැබුණු බව ඉතිහාසයේ සඳහන් වේ. තාපසයින්ගේ අගනා ජීවිතාදර්ශය ද, ඔවුන්ගේ කැපවීම ද, ඔවුන් මගින් සමාජයට සිදූවූ සේවය ද අගය කළ ජනතාව තාපස ජීවිත ක්‍රමයට ගරු කළහ. 

පසු කාලයක තාපසාරාම වටා පාසැල්, දෙව්මැදූරු, උසස් විද්‍යාල බිහිවීමත් සමග තාපස ජීවිතය කිතුනු ශිෂ්ඨාචාරයේ ප්‍රගතිය අනාවරණය කළ අංගයක් බවට පත් විය. පස්වන සියවස ආරම්භ වූ මිලේව්ඡ ගෝත්‍රිකයින්ගේ සංක්‍රමණය නිසා බටහිර යුරෝපයේ සමාජය පිරිහිණි. ගෝත්‍රික සමාජය තුළ ශීලාචාරාත්මක ගුණධර්ම වර්ධනය කිරීමටත්, ක්‍රිස්තියානි සංස්කෘතිය ව්‍යාප්ත කිරීමටත් බෙනදිකාන තාපසයෝ පුරෝගාමී වූහ. යුරෝපයේ විවිධ ප්‍රදේශවල ආරාම පිහිටුවා පසුව පාසැල් හා අධ්‍යාපන ආයතනය බිහිකර කිතුනු පදනමක් ඇති යුරෝපීය ශිෂ්ඨාචාරය වර්ධනය කිරීමෙහිලා ඔවුහූ ඇප කැප වූහ.  

සභා ආරම්භයේ දී හුදකලා ජීවිත ක්‍රමයක් ලෙස පුද්ගලයින් විසින් වන ගත වී හෝ කාන්තාර ගත වී තනි තනිව තාපස ජීවිත ගෙවූ නමුත් කාලයාගේ ඇවෑමෙන් හවුල් නැතහොත් සාංඝික තාපස ජීවිත ක්‍රමයකට එය පරිවර්තනය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස හුදකලාවට, යාච්ඤාවට, භාවනාවට, මර්දන කි්‍රයාවට ප්‍රධාන තැනක් දූන් තාපස ජීවිත ක්‍රමය, කය වෙහෙසා වැඩ කිරීම, පොත්පත් පරිශීලනය කිරීම, ග්‍රන්ථකරණය, ධර්මය ඉගැන්වීම, දහම් සේවා කටයුතු වල යෙදීම වැනි නව කි්‍රයාකාරකම් වලට ද නැඹුරු වීමට පටන් ගැනීම මෙම ජීවිත පරිණාමයේ වැදගත් ලක්ෂණයකි. 

පසුකලෙක නගරාසන්න ප්‍රදේශවල තාපසාරාම ආරම්භ කිරීමත් සමග තාපස ජීවිතය තව තවත් පරිණාමයට පත්වනු දැකිය හැකි විය. තාපසයන් විසින් පාසල් ආරම්භ කිරීම, ආගම ධර්මය ඉගැන්වීම, පොත්පත් ලිවීම හා මුද්‍රණය කිරීම, අනාථ දරුවන් රැකබලා ගැනීම, හස්ත කර්මාන්ත වල යෙදීම වැනි ක්‍රියාකාරකම් තාපස ජීවිත තවත් පරිණාමයට පත් කළ නව අංග ලෙස සැලකිය හැකි ය. මේ සියල්ලටම පදනම ලෙස ආධ්‍යාත්මික හා මානසික සංවර්ධනයක් තාපස  ජීවිතය තුළ ඇති කිරීමට ගත් උත්සහය බව ඉතිහාසය පෙන්වා දෙයි.  

සටහන - අසේල දසනායක