මධ්‍යතන යුගය පැවති කාලවකවානුව දළ වශයෙන් දක්වන්නේ නම් එය ක්‍රි.ව. 5 වන සියවසේ සිට ක්‍රි.ව. 15 වන සියවස අතර කාලයේ පැවති සමය ලෙස නම් කළ හැකිය. තවත් ආකාරයකට කිවතොත් නම් ක්‍රි.ව. 500 සිට ක්‍රි.ව. 1500 දක්වා වූ කාලය වන අතර ඉතිහාසය තුළ මායාකාරයෝ, රදලයෝ, ප්‍රවේණි දාසයෝ විතරක් නොවෙයි. නයිට්වරු, ආර්යාවෝ, රජවරු, රදගුරුවරු, පූජකයෝ සහ තාපසාරාම වගේම අද පවා නිරුපද්‍රිතව තිබෙන බලකොටු සහ විශාල දේවස්ථාන ආදියත් ඉදිවුනේ මේ යුගයේදී වීම විශේෂිත ලක්ෂණයකි. එසේම කුරුස යුද්ධ මාලාවේ යුද්ධයන් ඇතිවූයේද මේ කාලවකවානුවෙදිමයි (පළමු කුරුස යුද්දය ඇතිවූයේ ක්‍රි.ව. 1095 දීය). රෝම යුගයට පසුව පැමිණි යුගය ලෙස හැදින්වෙන මධ්‍යතන යුගය ආරම්භ වී ටිකකාලයක් යනතෙක්ම රෝම යුගයත් ඊට සමගාමීව පැවතුණු අතර, තවත් ආකාරයකට කියනවා නම් රෝම පාලනය යුරෝපයේ පැවති ඇතැම් ස්ථාන වල ඒවගේම විවිධ දෙවිතාවතාවන් අදහමින් සිටිය රෝම ජනතාව ක්‍රිස්තියානිකරණය වීම නිසා ශු. සභා දායාදයත් මධ්‍යතන යුගයේ ජනතාවට ලැබී තිබුණී.
එහෙත් රෝම යුගය බිදවැටෙමින් තිබුන අතර එය බටහිර හා නැගෙනහිර යනුවෙන් කොටස් දෙකකට බෙදී තිබුන අතර බටහිර කොටස විවිධ ආක්‍රමණිකයන්ට නතුවී බිදවැටුනත් නැගෙනහිර අර්ධය කිතුනු අධිරාජ්‍යය Byzantine අධිරාජ්‍ය නමින් බැබලෙමින් තිබුන අතර එහි අගනුවර වූනේ ඒ කාලයේ කොන්ස්තන්තිනෝපල් හෙවත් දැන් ඉස්තාන්බුල් ලෙස හැදින්වෙන නගරයයි. මේ Byzantine අධිරාජ්‍යයේ කැපීපෙනෙනම රජූවූයේ ක්‍රි.ව. 5 වන සියවසේදී රාජ්‍ය පාලනය සිදුකල 1 වන ජස්ටින් අගරජුය.
මෙසේ නැගෙනහිර රෝම අධිරාජ්‍යය යථාතත්වයේ පැවතුනත් බටහිර රෝම අධිරාජ්‍යය රෝම පාලනය විනාශ වන්නට වූ බව පෙර සදහන් කරන ලදී. විවිධ ජර්මැනික් පාර්ශව වල ආක්‍රමණයන්නට එය නතුවෙමින් පැවතුන අතරේ පොදුවේ Barbarians ලෙසත් හදුන්වන මොවුන්ගෙන් Saxons සැස්කන්වරු බ්‍රිතාන්‍ය අත්පත් කරගත් අතර Franks ෆ්‍රෑන්ක්වරු Gaul දේශය එහෙමත් නැත්නම් වර්ථමානයේ ප්‍රංශ ප්‍රදේශය අත්පත් කරගන්නා ලද අතර, Goths ගෝත්වරු ඉතාලිය තමන් යටතට ගත්තා. ඒ අනුව එතෙක් පැවති රෝම අධිරාජ්‍යයේ අවසාන අධිරාජ්‍යාගේ බිදවැටීම ක්‍රි.ව. 476 දී පමණ සිදුවුණි.
මේ බිදවැටීමට අමතරව රෝම අධිරාජ්‍යයට ක්‍රි.ව. 434 - 453 අතර කාලයේදී සෑහෙන්න බලපෑමක් ඇති කරන්නට එදා සුවිශාල හන් අධිරාජ්‍යයේ පාලකයා වුන Attila ප්‍රමුඛ තැනක් ගෙන තිබෙනවා. එසේම උතුරු යුරෝපයේ ස්කැන්ඩිවිනීයානු රටවල වාසය කල වයිකිංවරුත් ක්‍රි.ව. 8 වන සියවස කාලයේදී ඒ ප්‍රදේශවල අණසක පතුරුවාගෙන ඉදල තිබුණි. මෙවැනි ආර්ථික, දේශපාලනික, සංස්කෘතිකමය හා ඉතිහාසමය සංසිද්ධීන්ගේ ගැලපීම් වල ඇති පරස්පරතා ඇති මධ්‍යතන යුගයේ පළමු අවධිය හෙවත් Early Middle Ages යන කාල පරාසය Dark Ages හෙවත් අදුරු යුගයක් ලෙස හදුන්වන අතර ඇතැම් ඉතිහාසඥයන් මේ ආකාරයේ අස්ථාවරත්වයක් පැවති කාලවකවානුවක් සේ සලකා සමස්ථ මධ්‍යතන යුගයම අදුරු යුගයක් ලෙසත් හදුන්වනු ලැබේ.
මිලාන් ආඥා පනත සමඟ (ක්‍රි.ව. 313) ශු. සභාව නිදහස ලබා සිටියත් එකල වූ වේදභේද සහ යුරෝපීය ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණය ආදිය නිසා ශු. සභාවේ වර්ධනය පසුබෑමට ලක් විය. එහෙත් පස් වන හය වන සියවස්වල විශිෂ්ට ධර්මදූතවරුන්ගේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශු. සභාව යුරෝපා රටවල පැතිර ගියේ ය. මෙම කාලයේ ශු. සභාව ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, ස්විට්සර්ලන්තය , අයර්ලන්තය වැනි විවිධ රටවල පැතිර යෑම පිළිබඳ අවධානය යොමු කළ යුතුය. මධ්‍යතන යුගයට පිවිසෙත්ම ශු. සභාව යුරෝපයේ බොහෝ රටවල පැතිර ගිය අතර එහි විවිධ සිදු වීම් හා වෙනස් වන්නට විය. පස් වන සියවසේ රෝම අධිරාජ්‍යයේ පාලන ක්‍රියාකාරකම් දේශපාලන වශයෙන් නැගෙනහිර බටහිර වශයෙන් දෙකොටසකට බෙදෙන්නට විය.
අධිරාජ්‍යයේ නැගෙනහිර කොටසේ භාෂාව සහ ග්‍රීක සංස්කෘතියද බටහිර කොටසෙහි ලතින් භාෂාව සහ රෝමානු කලාව සහ සංස්කෘතියට ප්‍රධාන තැනක් ලැබිණි. බටහිර යුරෝපයේ ජීවත් වූ ආදී ජනතාව සමුහයක් ලෙස සටන් කිරීමෙන් රෝම අධිරාජ්‍යය පහතට වැටි එහි කේන්ද්‍ර ස්ථානයට ද පෙරදිගට යොමු විය. කොන්ස්තන්තිනෝපලයේ අධිරාජ්‍යයා කොන්ස්තන්තිනෝපලය සිය අගනුවර කර ගන්නා ලදී. කොන්ස්තන්තිනෝපලයේ අගරදගුරුවරු දේශපාලන බලය අධික ලෙස පුද්ගලයන් වූ අතර මෙවන් නිදහස් ක්‍රම පෙරදිග රටවල විවිධ වේද භේද ඇති වීමට තුඩු දුන් බවද කියැවේ.
එහෙත් ඒවාට මුහුණ දීමට සභාව විසින් රැස් කරන ලද මන්ත්‍රණ සභා, දේවධාර්මික සංකල්ප හා ඉගැන්වීම් ආදිය නිසා විශාල දියුණුවක් මෙන්ම ප්‍රබෝධයක් ඇති වි තිබුණි. සමස්ත යකට ගත්තොත් මේ කාලයේදී දේවස්ථාන ගෘහ නිර්මාණ ශිල්පද ග්‍රීක හා රෝම යන සංස්කෘති දෙක මුල් කරගෙන නිර්මාණය වන්නට විය. පෙර සඳහන් කළ පරිදි පෙරදිග සභාවට ග්‍රීක භාෂාවත්, බටහිර සභාවට ලතින් භාෂාවත් මුල් කරගනිමින් දේව වන්දනා පිළිවෙත් ස්ථාපනය වී වැඩි දියුණු වන්නට විය. බටහිර ලතින් පිළිවෙත් වලට පවා සම්පූර්ණයෙන්ම පාදක වූයේ පෙරදිග පිළිවෙත් බව මෙහි දී සඳහන් කළ යුතුමය. විශේෂයෙන් ජුදා පිළිවෙත් සහ ග්‍රීක පිළිවෙත් මෙහි පසුබිම විය.
රෝම අධිරාජ්‍ය හා ශු. සභාව විවිධ අස්ථාවරතාවන්ට මුහුණ දුන් අතර, මෙම යුගයේ මුල් කාලයේදී දී විවිධ හේතු නිසා සභාව තුළ පැවති දේව ධාර්මික හා ආධ්‍යාත්මික නවෝදයේ යුගයට (සභා පියවරුන්ගේ යුගයට) නැවතීමේ තිත වැටෙන්නට විය. අධිරාජ්‍යයේ නැගෙනහිර කොටස මුස්ලිම් ආක්‍රමණ නිසා අස්ථාවර භාවයට මුහුණ දුන් අතර, එරියන් වේද භේදිකයන් ව කතෝලික විශ්වාසය කරා ගෙන ඒමට ද ශු. සභාවට හැකි විය. විවිධ ගෝත්‍රිකයන් යටත් කරගෙන සිටි බටහිර රාජ්‍යය ඔවුන්ගෙන් ගිලිහෙන්නට විය.
ක්‍රි.ව. 532 දී බර්ගුඩියන් ගෝත්‍රික රාජධානිය ද ක්‍රි.ව. 533 දී ‘වැන්ඩල් ගෝත්‍රික රාජධානිය ද ක්‍රි.ව. 553 දී ඔස්ත්‍රොගොත් ගෝත්‍රික රාජධානිය ද බිඳවැටිණි. ක්‍රි.ව. 496 දී ‘ක්ලොවිස්’ නමැති ‘ප්‍රෑන්ක් ගෝත්‍රික රජු කිතුනු දහමට හැරුණු අතර ඔහු එවකට පැවති බටහිර සභාවට බොහෝ සේ සහාය දැක්වීමය. ක්‍රි.ව. 590 දී මහා (පළමු වන) ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමා රෝමයේ රදගුරුතුමා වශයෙන් තෝරාපත් කරගන්නා ලදි. පළමු වන ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමා යටතේ බෙනදිකාන නිකායේ තාපසවරු ඉතා ප්‍රබල ධර්මදූතවරු වූහ. අධ්‍යාපනය සඳහා බෙනදිකාන නිකාය විසින් ඉතා අගනා සුවිශේෂ මෙහෙයක් ඉටු කරන ලදි.
බෙනදිකාන තාපසවරු කිතුනු විශ්වාසයේ පණිවිඩකරුවෝ ද බටහිර සංස්කෘතියේ ආරක්ෂකවරු ද ශිෂ්ටාචාර ජීවිත ක්‍රම හඳුන්වා දෙන්නෝ ද වුහ. ශු. බෙනඩික් තුමා තාපසාරාමය තුළ සකස් කළ දේව වන්දනා ක්‍රමය සමස්ත සභාවට ගැළපෙන විලාසයකට සකස් කරන ලද්දේ මහා ග්‍රෙගරි පාප්තුමන් විසිනි. (ක්‍රි.ව. 540 - 604). දිව්‍ය පූජාව තුළට ග්‍රෙගෝරියානු සජ්ජායනා ක්‍රමය Gregorian chant නමින් පසු ව හැඳින්වෙන්නට වූ නව සංගීත ක්‍රමය ඇතුළත් කරනු ලැබුවේ ද ඔහු විසින් ය. ශුද්ධ වූ ‘කොලූම්බා’ නමැති ‘අයර්ලන්ත’ ජාතික තාපසතුමා විසින් ‘සෙල්ෆික්’ තාපසාරාමය ‘ස්කොට්ලන්තයේ’ ඉයොනා යන ස්ථානයේ දී ක්‍රි.ව. 563 දී ආරම්භ කරන ලදි. මේවායේ ප්‍රතිඵලයක් ලෙස සවන සියවසේ දී බ්‍රිතාන්‍ය දූපත් තුළ බොහෝ දෙනා කිතු දහම වැලඳ ගත් හ. මෙම සියවස අවසානයේ සභා ඉතිහාසයේ මධ්‍යතන යුග ආරම්භ විය.
ග්‍රෙගෝරියානු ගායනා ක්‍රමය යනු බටහිර බටහිර දේවවන්දනා ගායනා පිළිවෙත් වල කේන්ද්‍රීය සම්ප්‍රදායකි.එය රෝමානු කතෝලික පිළිවෙත වල ලතින් භාෂාවෙන් සහ ඉඳහිට ග්‍රීක භාෂාවෙන් ද ගායනා වන පූජනීය ගායනා රටාවකි. 9 වන සහ 10 වන සියවස් වලදී ග්‍රෙගෝරියානු ගායනය ප්‍රධාන වශයෙන් බටහිර හා මධ්‍යම යුරෝපයේ වර්ධනය වූ අතර පසුව එයට සංශෝධනය කිරීම් සිදු විය. ජනප්‍රිය පුරාවෘත්තයක් ලෙස මහා ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමා ග්‍රෙගෝරියානු ගායනය නිර්මාණය කිරීම ගැන ගෞරවයට පාත්‍ර වුවද, විද්වතුන්ගේ මතය වී ඇත්තේ එය පසුකාලීන කැරොලින්ජියානු රෝම ගායනය හා ගැලිකන් ගායනය මගින් ඇති වූ බවයි. කෙසේ වෙතත් මේ නිසාම දේවස්ථාන වල කන්තාරු අංශයක් ද ඉදිවන්නට විය.
සටහන - අසේල දසනායක
0 Comments