වැඩවසම් සමාජය තුළ ඉහලින්ම රජු සිටි අතර ඔහුට දේවත්වයක් ආරූඪ කර තිබූණි. මිහිපිට සිටි දෙවියන් වහන්සේගේ නියෝජිතයා ලෙස ඔහුව සැලකීය. මේ නිසාම නව රජෙකුට කිරුළු පළදවා සිංහසනාරූඩ කිරීම අතිඋත්කර්ශවත් උත්සවය තුළ සිදුකරන ලදී. බොහෝ අවස්ථාවන් හිදී රෝම රදගුරුතුමන්වූ ශුද්ධෝත්තම පියතුමා මේ අවස්ථාවට සහභාගී වූ අතර , ඇතැම් අවස්ථාවන්හිදී ශුද්ධෝත්තම පියතුමා නියෝජනය කරමින් අගරදගුරුතුමකු හෝ රදගුරුතුමකු මේ අවස්ථාවට සම්බන්ධ විය. රජු හට පළදවනු ලබන කිරුළේ සහ රාජාභිෂේකයට සම්බන්ධ භාණ්ඩ වල කිතුනු සලකුණු නිරූපිත වූ අතර ඇතැම් කිරුළු වල ශු. ධාතු ද තැම්පත් කර තිබු බව කියැවේ. මෙම මෞලි මංගල්‍යය හෝ පදවි ප්‍රාප්ති උළෙලයන් පැවතියේ ඒ ඒ රජවරුන්ගේ සහ වංශාධිපති වරුන්ගේ මාලිගා සහ බලකොටුව ස්ථාපිත ව පැවති දේවස්ථාන තුළය. මේ නිසාම මෙම දේවස්ථාන වල ඔවුන් හට විශේෂ අසුන් ද මේ යුගයේදී නිර්මාණය වී පැවති බව සඳහන් වේ.
රජුට පහලින් සිටි ප්‍රභලම කණ්ඩායම වූයේ Barons බාරොන්වරු වූහ. ඔවුන් හා සමමට්ටමෙන් සිටි අනෙක් කණ්ඩායම වූයේ රදගුරුවරු සිටියහ. බාරොන්වරුන්ට පහලින් ඔවුන් යටතේ සිටින්නෝ වූයේ වංශාධිපතිවරුන් විසීය. මොවුන් ඉඩම් හිමි රදළ පැලැන්තියේ අය සේම නයිට්වරුන්ද අයත්වූහ. වංශාධිපතිවරුන් ට සහාය දැක්වූයේ නයිට්වරුන් ය. ඔවුන්ද මේ කාලෙදි ප්‍රභූ මට්ටමෙන් සැලකුණු අතර, පසුකාලීනව කුරුස යුධ සමයේ දී ඔවුන්ගේ දායකත්වය මැනවින් ඉස්මතු වෙයි. ඔවුන් ද හඳුන්වනු ලද්දේ තම ග්‍රාමයේ හෝ නගරයේ හෝ තමා සේවය කරන ලද බලකොටුවේ නමිනි. ඊට අමතරව මේ කාලයේදී තාපස තාපසිකාරාම තුළ ද සේවය කරන ලද නයිට් වරුන් හා ඇතැම් තාපසාරාම වල භාරකාරත්වය හිමි වංශාධිපතිවරුන් ද සිටි බව සඳහන් වෙයි.
මේ සියල්ලන්ටම පහලින් සිටින්නවුන් වුයේ Peasants ලෙස හැදින්වූ ප්‍රවේණි දාසයන්ය. බාරොන්වරුන් හා අනෙකුත් රජුට පක්‍ෂපාත නිලයන් විශේෂයෙන්ම පැවැත්වුන උත්සවයකදී රජුට තම පක්‍ෂපාතීත්වය පෙන්වා සිටියේ දණ ගසා තමා රජුගේ මිනිසෙකු බව වාචිකව ප්‍රකාශකර සිටීම මගිනි. (Sire, I become your man). මෙම බොහෝ නිලධාරීන් ව සහ ප්‍රභූ පිරිස තම තමන්ගේ ප්‍රවේණියේ නමින් හෝ තමන්ගේ බලකොටුවේ නමින් අමතන්නට වූ බව සදහන් වේ.
මධ්‍යතන යුගයේ රජවරුන්ට සෛදාන්තිකව දැවැන්ත බලයක් ගොණුවී තිබුනි. එය ප්‍රායෝගිකවද හිමිව තිබුනත් එම බලය පවත්වාගෙන යාම ඔවුන්ට තනිවම කළ හැකි කාර්යයක් නොවූ බව මෙම ලිපියේ තවත් ඉදිරියට යනවිට පැහැදිලි වේ. කෙසේවෙතත් රජවරුන්ට නිලබලයෙන් ලැබී තිබූ මෙම අසීමිත යයි කියන බලය හේතුවෙන් ඔවුන්ට නීති සම්පාදනය, යුක්තිය පසිදලීම, ආරවුල් සමථයකට පත්කිරීම මෙන්ම යාබද රාජ්‍ය සමග යුද ප්‍රකාශ කිරීම, මහා උත්සව පැවැත්වීම ආදිය රජවරුන් මූලිකව සිදුකල කාර්යයන්වූ අතර මේ හැම කාර්යකටම වඩා බාරදුර කාර්යය වූයේ තමන්ට වඩා පහල ස්ථරයේ සිටි එහෙත් ඇතැම්විට රජුටත් වඩා ප්‍රභලත්වයෙන් සිටි බාරොන්වරුන් තමන්ට අවනත වනසේ පාලනය කරගෙන යාමයි. ඇතැම් රජවරුන්ට පමණක් තමන්ගේම කියා ශක්තිමත් හමුදාවක් සිටියත් බොහෝමයක් රජවරුන්ට සිටියේ ඉහත කී බාරොන්වරුන් සපයා දුන් හමුදාවකි. රජවරුන්ට තම පරම්පරාවෙන් උරුමවූ සැපසම්පත් ධනය මෙන්ම තම පක්‍ෂපාතී බාරොන්වරුන්, වංශාධිපතිවරුන් ලබාදුන් වස්තුව මෙන්ම තමන් අතින් පරාජයට පත්වූ රජවරුන්ගේ හෝ ප්‍රභූන්ගේ වස්තුවද අයිතිවිය. තවද විශාල බලකොටු, උද්‍යාන, විවිධ සතුන් මෙන්ම රූමත් ළලනාවන් රැසක්ද රජුට හිමිවී තිබුනි.
රාජ්‍යයේ උත්සව අතර නයිට්වරුන් එකනෙකා සටන්වැද තම යුද ශක්තිය පෙන්වූ War Games ප්‍රධාන විය. මේවා Mock Battle නැතහොත් tourney ලෙසද හැදින්වූ අතර රාජ්‍යයේ සිටි ප්‍රභූන්, රදගුරුවරුන්, ඇබට්වරුන්, ආර්යාවන් හා කෙරුම්කාරයන් එකට නැරඹූ ලේ වැකුණු උත්සවයක් විය. මෙහිදී සෙල්ලමට සටන් කිරීමක් නොව පරාද වන ප්‍රතිවාදියා තම හිතවතෙකු වූවත් ඔහුව අවසානයේ මරාදැමිය යුතු උත්සවයක් විය. මෙය පිරිමි පමණක් නොව කාන්තා පාර්ශවයද සතුටින් නැරඹූ ජාතික මට්ටමේ උත්සවයක් බවද කියයි. මේ කාලයේදී රජවරුන්ගේ අතලොස්සක්ම හැරුනු කොට අනෙක් රජවරු හෝ වන්ශාධිපතිවරුන් අකුරු දැන සිටි අය නොවූහ. ඔවුන්ට ලිය කියවිලි ලියලිය සිටීමට අවශ්‍ය නොවූහ. අකුරු දත් රාජ‍්‍යයේ සිටි අය රජුට අවශ්‍ය ලේඛණ සම්පාදනය කරදුන් අතර රජුට තිබුනේ එයට තම මුද්‍රාව තියා වලංගුබාවය ලබාදීමට පමණි.
මේ නිසා බොහෝ තාපසාරාම වල තාපසයෝ සහ ඇතැම් පුජාප්‍රසාදිවරු ඔවුන්ගේ ලේකම්වරුන් ලෙස ක්‍රියාකළ අතර ඒ සදහා ඔවුන්ට වේතනයක් ගෙවන ලදී. මෙසේ වීමට හේතුව වුයේ ඔවුන්ට අකුරු ඉගෙන ගන්නවාට වඩා තම රණශූරත්වය දියුණුකරගැනීම, විනෝදයෙන් කල්ගත කිරීම යන දේවල් බව සදහන් වේ. එක් එක් ප්‍රවේණි වල සහ බලකොටු වල පැවති දේවස්ථාන වලට හැරුණු විට තාපස, තාපසිකාරාමත් , ආසන දෙව්මැදුරුත්, සුවිශේෂී ප්‍රදේශ වල පැවති සිද්ධස්ථාන මේ කාලයේදී දක්නට ඇත. ඇතැම් ස්ථාන වල ශුද්ධවන්තයින්ගේ සහ ප්‍රාණපරිත්‍යාගීන්ගේ ශු. ධාතු විය. ඒවා ද එක් එක් කාලවකවානු වල ප්‍රදර්ශනය කරන ලදී.
සටහන - අසේල දසනායක
0 Comments